බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“නයි නාටකයට නොදෙවෙනි වොයිස්කට් නාටකය නවත්වන්න”

සමගි ජනබලවේගය මැකොසට ලියයි

by Lanka Sara Editor
ජූනි 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණ සමයේ දී ගංගාවලින් නයි මතුවීම, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ‘කටුවෙන් අනින නංගිගේ කථාව‘ ට නොදෙවැනි ජනමාධ්‍ය රංගනයක් මේ දිනවල විභාග වන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පැවත්වෙන ස්ථාන එළිමහනේ සිදුවන බවත් එයින් සමඟි ජන බලවේගයට ඉතා අහිතකර පසුබිමක් නිර්මානය වී ඇති බැවින් එය පාලනය කිරීමට කටයුතු කරන ලෙස සමඟ ජනබලවේගය මැතිවරණ කොමිසමෙන් අද ඉල්ලීමක් කළේය.

එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසිස් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියෙහි මෙසේ සඳහන් වේ.

————————–

සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව.
2020/06/25

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මැතිවරණ සමයේ ඊනියා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා ‘වොයිස් කට්‘ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම.

ජනාධිතිවරණ විමර්ශන කොමිෂන් සභා දෙකක් සදහා දෛනිකව ජාතික ජනමාධ්‍ය ආයතන විකාශ 6 ක් හෝ එයට වැඩි කාලයක් මේ වන විට ප්‍රචාරය ලබා දෙමින් ඇත. ජනාධිපති කොමිසන් සභා වෙත පැමිණෙන චූදිතයින්, දේශපානලඥයින්, ආධාරකරුවන්, නරඹන්නන්, විසින් අදාළ පරිශ්‍රයේ සිට වොයිස් කට් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටී.

සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්, ප්‍රතිපත්ති ඉලක්ක කරමින් මෙම ඊනියා වොයිස් කට් මෙහෙයුම සිදුවේ. කොමිෂන් සභාවේ කටයුතු වලට කිසිදු සම්බන්ධයක් නොමැති කරුණු මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙසින් තිර පිටපතට නගා ඇත.

මැතිවරණ සමයේ දී ගංගාවලින් නයි මතුවීම, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ‘කටුවෙන් අනින නංගිගේ කථාව‘ ට නොදෙවැනි ජනමාධ්‍ය රංගනයක් ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වොයිස් කට් නාටකය දිගැදෙමින් ඇත.

මැතිවරණ කොමිසම සමගිජනබලවේගයට ප්‍රමුඛ විපක්ෂයේ අනෙකු සියළු පක්ෂවලට බැනරයක් ප්‍රදර්ශනය කර ගන නොහැකි පරිසරයක් ගොඩ නගා ඇත. රාජ්‍ය සේවකයින්ට ෆේස්බුක් අදහස් දැක්වීම වැලැක්වීම සදහා විනය පරීක්ෂණ භීතියක් මතුපිටට ගෙන ඇත.

විපක්ෂයේ කණ්ඩායමක කකුල් කඩා සමබිමක තරඟයක් ලෙස මහා මැතිවරණයක් පැවැත්විය නොහැකිය.නමුත්, රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව, ලේක් හවුස් හා පුද්ගලික නාලිකා කිහිපයක් ද, සමාජ මාධ්‍ය ද උපයෝගී කර ගනිමින් මේ වන විට සිදු වෙමින් ඇත්තේ ඒ අසම-තරග බිම නිර්මාණය කිරීමයි.

එබැවින්, ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කටයුතු ජනමාධ්‍ය ආවරණයන්ගෙන් ‘සමගිජන බලවේගය විනාශ කිරීමේ වොයිස්කට් නාටකය‘ පාලනය කිරීම සදහා මැතිවරණ කොමිෂම පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.

මෙයට විශ්වාසී,

රංජිත් මද්දුම බණ්ඩාර
මහලේකම්
සමගි ජනබලවේගය

Tags: නවතම
Share74Tweet43
Previous Post

කරුණා වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…

Next Post

ලංකාවේ ප්‍රථම වරට සමාගම් සමූහයක ප්‍රධාන විධායක නිලයට කාන්තාවක්….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.