බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරන්දෙණිය පී.එච්.අයි. ඝාතන පරීක්ෂණ අඩපණ වෙලා තියෙන්නේ ජනතාවට වස කවන   කොම්පැණි කාරයින්ගේ බලපෑමෙන් ද?… විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දි අසයි…

by editor
අප්‍රේල් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය පෙබරවාරි මස 26 වැනිදා සිය නිවසේ දී නාඳුනන තුවක්කු කරුවෙක් විසින්  වෙඩි තබා ඝාතනය කරන ලද, ජනතාව වෙනුවෙන් නීතිය නිසි ලෙස මෙහෙයවමින්  අසීමිත වැඩ කොටසක් කළ  කරන්දෙණිය පරිපාලන  මහා ජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි රොෂාන් පුෂ්පකුමාර ඔහුගේ ඝාතනය සම්බන්ධව සිදුවන පරීක්ෂණවල ඇති කනගාටු දායක මන්දගාමී ස්වරූපය සම්බන්ධව අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරුනේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතුකළ මෙම ප්‍රශ්නයට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ද  කියා සිටියේ  පොලිසිය භාර ඇමතිවරයා මේ සම්බන්ධව නිශ්චිත පිළිතුරක් ලබා දිය යුතු බවය.

විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ජනතාවට කුණු කෑම කැවීමට උත්සාහ කරමින් සිටි ප්‍රබල සමාගම් කීපයකට එරෙහි අධිකරණයේ නඩු පවරමින් ජනතාව වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සේවය කළ එම නිලධාරියාගේ මරණය සම්බන්ධව මේ වනතුරුත් නිසි හෝඩුවාවක් සොයා ගත නොහැකි වී ඇත්තේ මේ මිනීමරු සමාගම් මේ මරණය පසුපස සිටින නිසා දැයි සැකයක් ඇති වන බවය.

සාමාන්‍යයෙන් රට තුළ මිනී මැරුමක් සිදුවුවහොත් දින කීපයකින් මිනීමරුවන් හඳුනාගෙන පරීක්ෂණ දියත් කිරීමට තරම් ප්‍රබල ඉවක් සහ කාර්යක්ෂමතාවයක් සහිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් කිසි බලවේගයකින් නිහඬ කර ඇතැදැයි සිතීම සාධාරණ බවය.  මේ මරණය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම කඩිනම් කරන ලෙස විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.  මේ ආකාරයෙන් කරන්දෙණියේ දී ප්‍රසාද් ප්‍රියංකර ජයසිංහ වෛද්‍යවරයා ඝාතනය කළේ අඩු මුදලක් අය කර රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ රසායනාගාර පරීක්ෂණ සිදුකිරීම නිසා යැයි ද විපක්ෂ නායකවරයා කීවේය.

ඒ අවස්ථාවේ දී එම සිද්ධියටම තවත් යමක් එකතු කරමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා 2011.සැප්තැම්ර් මස 11 වැනිදා වෙඩි තබා ඝාතනය කළ කරන්දෙනියේ හිත හොඳ දොස්තර නමින් ප්‍රකට ප්‍රසාද් ප්‍රියංකර ජයසිංහ ගේ ඝාතනය ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඝාතනය ද අතර සම්බන්ධයක් දකින බවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඔවුන් දෙදෙනා එක්ව යූ ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මහා පරිමාන ආහාර ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශරීරයට විෂ සහිත රසායන ද්‍රව්‍ය යොදමින් ආහාර ද්‍රව්‍ය වර්ණ ගන්වන ආකාරය ඇතුළු ක්ෂේත්‍රයේ බිහිසුණු අපරාධ රැසක් හෙළි කළ බවත්  අද ඔවුන් දෙදෙනාම ඝාතනය කර  ඇති බවත්ය.

“මේ දෙපළම මරලා දානවා. අප දැන්වත් මේ මිනිස්සු ගැන කථා කළ යුතුයි. ඔවුන් ඝාතනය වන්නේ අපව බේරගන්න ගිහින්.  විස ආහාර ජාවාරමේ ඉන්න  මේ ජාවාරම් කාරියන් තමයි මේ  ඝාතනයන් කලේ.  අපි සැක කරන්නේ ඒක. “ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කීවේය.

මේ ඝාතනය සම්බන්ධව නිශ්චිත පරීක්ෂණ වහාම කඩිනම් කළ යුතු බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Share69Tweet43
Previous Post

ෆොක්ස් හිල් අනතුරට වගකිව යුත්තේ   තරග සංවිධාකයින්… ඔවුන්ට අපරාධමය චෝදනා ගොනු කරන්න… නලීන් බණ්ඩාර පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි!

Next Post

විශ්‍රාමික හමුදා සෙබලුන් රුසියාවට ගෙනගොස් බලහත්කාර හමුදා සේවයේ යෙදවීමේ ජාවාරමේ මහ මොළකරු ඉන්දීය නීතිඥයෙක්… දයාසිරි පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි….

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.