සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කම්කරු දිනය අද… ආපදාවට ලක්වු කම්කරුවන්ට වන්දි නඩු 54ක් සදහා කෝටියකට අධික මුදලක් හාම්පුතුන් විසින් ගෙවා නැහැ!

by editor
මැයි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රැකියාවේ යෙදි සිටියදී අගතියට පත් පාර්ශව සඳහා වන්දි හිමිවිය යුතු බවට අධිකරණය මගින් තීන්දුකොට තිබුනද වන්දි නඩු 54ක් සඳහා සේවායෝජකයින් විසින් රුපියල් එක්කෝටි, විසිතුන්ලක්ෂ,හතලිස් හතර දහස්,එකසිය දාහතක මුදලක් (12,344,117) අදාළ සේවකයින් වෙත ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

කම්කරු වන්දි උසාවි නියෝග මත වන්දි මුදල් ගෙවන ලෙස උසාවියෙන් නියෝග කොට තිබුණි. මෙම වන්දි නඩු අතර වරෙන්තු නිකුත්කර වසර 10ක් ඉක්මවු නඩු 11ක්ද, වසර 05-10 අතර නඩු 22ක් හා වසර 01ත් 04ත් අතර නඩු 11ක් ද පැවති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

ආපදාවන්ට ලක්වු කම්කරුවන් වෙත වන්දිගෙවිමේ ක්‍රියාවලිය විධිමත් හා කර්යක්ෂම විය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ පිළිබද කම්කරු අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ කම්කරු වන්දි උසාවි නියෝග මත වන්දි මුදල් නොගෙවන අවස්ථාවන්හිදි වග උත්තරකරුගේ දේපල තහනම් කිරීම සඳහා කම්කරු වන්දි ආඥාපනත අනුව වරෙන්තු නිකුත්කරණු ලබන බවය.

එම වරෙන්තු ක්‍රියාත්මක කිරීමේ බලතල ඇත්තේ වගඋත්තරකරු පදිංචි ප්‍රදේශයට අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට බවද ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ඒ අනුව වගඋත්තරකරුගේ දේපල පෙන්වා දීම, තහනම්කළ දේපල වෙන්දේසිකර වන්දි මුදල් අයකරගැනීම ආදි කටයුතු සදහා ඉල්ලුම්කර පාර්ශවය ඉදිරිපත් වි මහේස්ත්‍රාත් උසාවියේ එම පිස්කල් නිලධාරින්ට සහයෝගය ලබාදිය යුතු බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත.

එම කටයුතු සදහා ඉල්ලුම්කරුවන් ඉදිරිපත් නොවීම මත වරෙන්තු නඩු 54කට අදාළ වන්දි මුදල් මෙතෙක් අයකරගැනිමට නොහැකිවී ඇති බවද ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කර තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවෙ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැයි දිනය ගැන කතාවක්!

Next Post

බණ කතාවක් වැනි ලොකු දුව ගැන දොස්තර ෂාෆි ලංකාසරට කී කතාව….

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.