බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කපුවෝ රාජකාරි පංගුවට ඇවිලෙති… දෙවියන් දෙවොල තුළ හුදෙකලා කර අලවතුගොඩ සමන් දේවාලය සීල් තියයි!

by editor
ජනවාරි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අලවතුගොඩ සමන් දේවාලයට සීල් තැබීමට බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙයට දෙසතියකට පමණ ඉහත දී දේවාලයේ ප්‍රධාන කපුවා   මිය යෑමෙන් අනතුරුව කපුවන්ගේ රාජාකාරි පංගුව බෙදා ගැනිමට නොහැකිව ඇති වූ අර්බුදයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට බලධාරීන් තිරණය කර ඇත.

වාර්තාවන පරිදි අර්බුදය නිර්මාණය වී ඇත්තේ මිය ගිය කපුවාගේ සහෝදරයින්  දේවාලයේ රාජකාරි භාර කණ්ඩායම්වලට යතුරු භාර නොදීම හේතුවෙනි.

කපුවන්ගේ මේ ගැටුම නිසා අලවතුගොඩ සමන් දේවාලය සති දෙකක් තිස්සේ වසා දමා තිබිණි.

සම්ප්‍රදාය අනුව මිය ගිය මහ කපුවාගේ සහෝදරයින් එම මහ කපුවාගේම මළ ගෙදරට ගොස් ඇති නිසා ඔවුන් කිල්ලට අසුවී ඇතැයි ද ඒ කිලි හේතුවෙන් ඔවුන්ට දේවාලයේ රාජකාරි කිරීමට හැකියාවක් නැතැයි ද පැවසේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එහෙත් දේවාලයේ රාජකාරි කටයුතු කරගෙන යෑමට මිය ගිය මහ කපුවාගේ සහෝදරවරුන් යතුරු භාර නොදීම නිසා ඇති වූ තත්ත්වය පාලනය කරගැනීම සඳහා දේවලයට සීල් තැබීමට සිදුවූ බවත් මහනුවර නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමක දී පැවසුවේය.

එම ප්‍රකාශකයා පැහැදිලි කරන්නේ මියගිය කපු මහතා ගේ සහෝදරයින් ඔවුන් ගේ ඥාතියෙකුට යතුරු බාර දීමට කැමැත්තෙන් පසුවුවත් සම්ප්‍රදායානුකූලව ඊට ඉඩක් නොමැති  බවය.

දැනට වාර්තාවන ආකාරයට මේ කපුවන්ගේ ආරෝව හේතුවෙන්  අලවතුගොඩ සමන් දේවාලයේ  හෙට (25) දිනයට යෙදී ඇති අලුත් සහල් මංගල්‍යයත් කඩාකප්පල් වන ලකුණු පහළ වී තිබේ.

දේවාලය විවෘත කරගැනීම සඳහා අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයාත්, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාත් විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත් වූ නමුත් ඒ වෙනුවෙන් නිශ්චිත තීරණයකට පිවිසිය නොහැකි වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජින්තුපිටියේ වෙඩි තැබීමක්… ගම්මු  කුලී ඝාතකයා අල්ලාගෙන පිස්තෝලයත් සමගම පොලිසියට භාර දෙයි…

Next Post

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් මරුට!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.