ජින්තුපිටියේ වෙඩි තැබීමකින් එක් අයෙක් තුවාල ලබා තිබේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
ඝාතකයන් පලා යෑමට උත්සාහ කරද්දි ගම්වැසියන් වෙඩික්කරු අල්ලාගෙන පහර දී පිස්තෝල ගින් අවියත් සමග පොලිසියට භාර දී තිබේ.
යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවතිද්දීත් පසුගිය දින තුළ පුද්ගලයින් ඉලක්ක කරගෙන සිදුකළ හත්වන වෙඩි තැබීම මෙය වේ. මෙම වෙඩි තැබීමේ දි ඉලක්ක වූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත අසාධ්‍ය තත්ත්වයෙන් ඇතුළත් කර තිබේ.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.