දිනසේන රතුගමගේ –
කප්පම් ගෙවීමක් පැහැර හැරීමේ සිද්ධියක් මත යාපනයේ පේදුරුතුඩුවේ සුපිරි වෙළද සැලක් අයිති පුද්ගලයෙකුගේ නිවසකට ඊයේ (13) රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී තිබේ.
වෙළඳසල් හිමියා ඇතුළු පවුලේ උදවිය කෝවිලකට ගොස් සිටි අවස්ථාවේදී නිවසට කඩා වැදුණු පිරිසක් නිවසේ දේපළ වලට හානි සිදුකොට නිවසේ ආරක්ෂාවට සිටි සුනඛයා මරා දමා ඇති බව පේදුරුතුඩුව පොලීසිය පවසයි.
නිවසට පැමිණි පිරිස නිවස් හිමියාගේ පුතකු විසින් සුරතලයට ඇති කරණ ලද පරෙයි කූඩුවට ප්‍රහාර එල්ල කොට එහි සිටි පරෙවියන්ද මරා දමා තිබේ.
යාපනයේ පේදුරුතුඩුවේ සුපිරි වෙළඳ සැලක් පවත්වා ගෙන යන මේ ව්‍යාපාරිකයාගෙන් කාලයක් තිස්සේ පිරිසක් කප්පම් ඉල්ලා සිටින බවත් ඔහු එම කප්පම් මුදල ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවටත් තොරතුරු වාර්තා වන අතර මේ ප්‍රහාරය එල්ල කරන ලද්දේ එම කප්පම් මුදල් නොගෙවීම නිසා බවට සැකයක් පහළ වී තිබේ.
යාපනයේ පේදුරුතුඩුව පොලීසිය මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.