සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දේ විහාරේ හාමුදුරුවනේ… මුතු රාජා ආයේ එන්නේ නෑ… ඇතා උපන් රටේ සැපෙන්…

by editor
ජූලි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තායිලන්තයට රැගෙන ගොස්  වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති මුතුරාජා එම ප්‍රතිකාර මාලාවෙන් පසු   නැවත ලංකාවට රැගෙන ඒම  අපේක්ෂා කළ නොහැකි බව තායි මාධ්‍ය වාර්තා කරයි.

තායිලන්ත පරිසර අමාත්‍යාංශ උපදේශිකා මෙන්ම තායි ඇතා යළි රැගෙන ඒමේ කටයුතු අධීක්ෂණය කළ දූත කණ්ඩායමේ ප්‍රධානී  කන්චානා සිල්පා – ආර්චා ලංකාවේ දි  ප්‍රකාශ කළේ මෙම හස්ථියාට ඉතිරි ජීවිත කාලය පුරාම ප්‍රතිකාර සහිතව තායි වෛද්‍යවරුන් අධීක්ෂණයේ ඉන්නට සිදුවන බවය.

Thai PBS පුවත් සේවයට අනුව, තායිලන්තයේ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය වරාවුත්  සිල්පා – ආර්චා ඊයේ (04) ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට ඇතා සිටින්නේ තායිලන්ත මහ රජුගේ අනුග්‍රහය යටතේ බවය.

“දැන් තායිලන්තයේ ප්‍රසිද්ධම හස්තිරාජයා   සක් සූරීන්. ඔහු  දැන් ඉන්නේ තායිලන්ත  රජුගේ අනුග්‍රහය යටතේ. බැවින් ඔහුට නැවත ශ්‍රී ලංකාවට නොපැමිණීම ප්‍රශ්නයක් නොවේ.  “ ස්වාභාවික සම්පත් හා පරිසර අමාත්‍ය වරාවුත් සිල්පා-ආර්චා ප්‍රකාශ කර ඇති ආකාරය    Thai PBS වාර්තා කර ඇත. ඊයේ තායිලන්ත අලි සංරක්ෂණාගාරය විසින් කස් සුරින් සම්බන්ධව කළ සජීවී විකාශනය නැරඹීමට දස දහසකට අධික පිරිසක් ෆේස් බුක් පිටුවට පැමිණ තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තායිලන්ත ප්‍රවෘත්ති මාධ්‍ය වාර්තා  කරන්නේ  ඉරිදා තායිලන්තයට පැමිණි සක් සූරීන් වසර 22 ක් ශ්‍රී ලංකාවේ ජීවත් වුවද ඔහුගේ නව පරිසරය ඉක්මනින් හුරුපුරුදු වී ඇති බවය.

ඇතා සම්පූර්ණයෙන් සුව වූ පසු බැංකොක් වෙත ආපසු එන ලෙස ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ඨ භික්ෂූන් වහන්සේලා කළ ඉල්ලීම පිළිබඳව සිය අදහස් දක්වන ස්වාභාවික සම්පත් හා පරිසර අමාත්‍ය වරාවුත් සිල්පා- ආර්චා දන්වා සිටින්නේ , මෙම කාරණය සාකච්ඡාවට පවා විවෘත නොවන එකක් බවය.

“සක් සූරීන් දැන් රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් ඉදිරියේ දි ඔහු සම්බන්ධව  කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ,” ඔහු වැඩි දුරටත් කීවේය.

දැනට ලම්පෑන්ග් පළාතේ හැන්ග් චැට් දිස්ත්‍රික්කයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ   දින 30ක නිරෝධායන කාලයක් ගතකරමින් සිටින මුතු-රාජා සම්බන්ධයෙන් විශේෂ පශු වෛද්‍යවරුන් ලවා   වඩාත් සවිස්තරාත්මක පරීක්‍ෂණ සැලැස්මක් සංවිධානය කර තිබේ. නිරෝධායන කාලයෙන් අනතුරුව එම ප්‍රතිකාර මාලාව ආරම්භ වනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

සියලු රෝගවලින් සම්පූර්ණ සුවය ලැබෙන තුරු ප්‍රතිකාර ලබා දෙන බවද  ඇතා සම්පූර්ණයෙන් සුවය ලැබීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවද ඇමතිවරයා උපුටා දක්වමින් තායි මාධ්‍ය වාර්තා කර තිබේ.

දැනට හදුනාගේන ඇති පරිදි  මුතුරාජා ගේ   දකුණු ඇසේ ඇසේ සුද ඇතිවීම ඇරඹී තිබේ. ඔහුගේ  ඉදිරිපස වම් පාදය නැමිය නොහැකි වීම, උකුල් ප්‍රදේශයේ ගැඹුරු තුවාලය ආසාදනය වී තිබීම,   නියපොතු සහ පාද හතරේම ගැටලු පැවතීම  සම්බන්ධව  මූලික පරීක්ෂණවලින් හඳනාගෙන ඇත.

මුතු-රාජා තායිලන්තයට ගුවනින් රැගෙන ගියේ අයහපත් සැලකිලි සහ තුවාල පිළිබඳ වාර්තා වීමෙනි. මේ තරම් වදයට ලක් වූ ඇතා තායිලන්ත නියෝජිතයන්ට කන්දේ විහාරයේ හාමුදුරුවන් විසින් ලබා දෙන්නේ ප්‍රතිකාර කර යළි ලංකාවට දෙන බවට වූ දැඩි කොන්දේසි පැනවීමෙන් අනතුරුවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෝටි තුන හමාරක රක්ෂණ මුදල ගන්න යාපනය කොළඹ සුඛෝපභෝගී බස් රථයට සැලසුම් සහගතව ගිනි තියලා…

Next Post

ශ්‍රි දළදා මාළිගාවේ ඇසළ මහා පෙරහර මංගල්‍යයට සියල්ල සූදානම්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.