සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතෝලික සභාවෙන් ආරක්ෂක ලේකම්ට ප්‍රශ්න විස්සක්….

by editor
අප්‍රේල් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කතෝලික සභාව විසින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න වෙත ප්‍රශ්න 20ක් ඉදිරිපත් කරතිබේ.

පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් රඟ දැක්වූයේ විහිලු නාට්‍යයක් බවත්,  මිනිස්සු බඩගින්නෙ සිටද්දී, පෝලිම්වල ඇද වැටී  මැරෙද්දි ඉතාම බොළඳ ළාමක කරුණු ඉදිරිපත් කළ නාට්‍යය  සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බවත් කතෝලික සභාව කීවේය.

මේ නොවැදගත් නාඩගමට  රඟ දැක්වූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පිරිසට පිළිතුරු දීමට වඩා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට කතෝලික සභාව ලෙස පිළිතුරු ලබා දීම සඳහා   ප්‍රශ්න විස්සක් ඉදිරිපත්  යහපත් බව කතොලික සභාව වෙනුවෙන් අද (14) පැවැත්වූ මාධ්‍ය හමුවක දී  සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.

කතෝලික සභාව කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් කළ ප්‍රශ්න 20  සිරිල් ගාමිණි පියතුමා මාධ්‍යයට ඉදිරිපත් කළේ මේසේය.

  1. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතිවෙලා තියන චෝදනාවලින් දේශපාලන නායකයින් ආරක්ෂා කරන්න රාජ්‍ය සේවකයෙක් වන කමල් ගුණරත්නට තියන සදාචාරාත්මක අයිතිය කුමක් ද ?. ඔහු මහ ජනතාවගෙන් පඩි ගන්න මහජනතාවට වගකියන්නට අවශ්‍ය මහජන ආරක්ෂාව වෙනුවෙන්  පත්වෙලා ඉන්න රාජ්‍ය සේවකයෙක්.  ඔහුගේ වගකීම දේශපාලන නායකත්වය ආරක්ෂා කරගැනීම නොවෙයි. ජනතාව ආරක්ෂා කරගැනීම.  මේ ඉදිරිපත් වීම සදාචාරාත්මක ද?
  2. පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක්ය කියන චෝදනා තියනවා. රටම ඒ ගැන කතා කරනවා. එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්න මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් කරලා තියන විමර්ශන මොනවද? එහෙම විමර්ශන කළා නම් ඒ වාර්තා කෝ.
  3. කමල් ගුණරත්න සහ මාධ්‍ය ප්‍රකාශකතුමත් ප්‍රකාශ කරනවා ඇමරිකාවෙ එෆ්බීඅයි වාර්තාවක් ගැන. ඒ සම්බන්ධව සිත යොමුකරන කමල් ගුණරත්න මහත්මයා මෙහෙම කියනවා.එෆ්බීඅයි ආයතනය සහාරන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙකුගේ අයි.පී ලිපිනයක් ලබා දීලා තියනවා. මේ අයි.පී ලිපිනය ඔස්සේ කරපු පරීක්ෂණවල ප්‍රතිඵල ගැන කමල් ගුණරත්න මහත්මයා කතා කරන්නෙ නැත්තේ ඇයි.මේ අයි.පී ලිපිනයෙ හිමිකරුව කැඳවලා සි.අයි.ඩී එක ප්‍රශ්න කරද්දි හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ඒක වැලැක්වුයේ කාගෙ නියෝගයක් පරිදිද? පරීක්ෂණ කටයුතුවලට බාධා කිරීම්  පිලිබඳ මේ දක්වා ගෙන ඇති පියවර මොනවද?
  4. පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයා ගැනීමට අන්තර්ජාතික රහස් ඔත්තු සේවාවල සහාය පැතුවා නම් මේ පිළිබඳව අනතුරු ඇඟවීම් කළ මේ සම්බන්ධව නිශ්චිත තොරතුරු ලිලන්ත ජයවර්ධන මහතා අතට පත් කළ ඉන්දීය රහස් ඔත්තු සේවාවේ සහාය අරන් පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයන්න කටයුතු කරන්නෙ නැත්තේ ඇයි.?
  5. සාරා ජස්මින් මැරුණෙ නෑ කියලා ඩීඑන්ඒ පරීක්ෂණවලින් තහවුරු වෙලා තියනවා. ඇයව ඉන්දියාවට පිටමන් කළා කියලාත් පාස්කු කොමිෂන් වාර්තාවෙ තියනවා. ඊට සම්බන්ධ වුනා කියන පොලිස් පරීක්ෂකවරයක් තවම අත්අඩංගුවේ ඉන්නවා. ඉන්දියාවට ඇය පලා ගියා නම් මේ ඇත්ත නැත්ත සොයා ගන්න ඉන්දීය රහස් ඔත්තු සේවයේ පිහිට පැතුවද?. එම පිහිට ලැබුණද?. නැද්ද?.  ඒ ගැන විමර්ශන කළාද.
  6. අවුරුදු තුනක විමර්ශනවලින් පස්සෙත් ආරක්ෂක ලේකම්ට පෙන්වන්න තියෙන්නෙ වසර තුනකට පෙර සහාරන් හෂීම් පටිතගත කළා කියන වීඩියෝවක්ද?. එසේ නම් මේ අවුරුදු තුන පුරාම අප්‍රමාණ මුදල් සංඛ්‍යාවක් වැය කරලා පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ජනාධිපති කොමිසක් නඩත්තු කළේ ඇයි? අන්තිමට පෙන්වන්න තියෙන්නෙ මේකෙ හැමදේම තියනවා කියලා ඒ වීඩියෝව නම් කෙමිෂන් සභා තුනක් මහජන මුදලින් පත් කළේ ඇයි.
  7. පාස්කු ප්‍රහාරය සම්බන්ධව අප නගන හැම ප්‍රශ්නයකටම උත්තර සහරාන් හෂීම්ගේ ප්‍රකාශයේ තියනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශත් කියනවා.  හැම ප්‍රශ්නයකටම උත්තරය සහාරන් හෂීම්ගේ ප්‍රකාශයේ තියනවා නම් පාස්කු ප්‍රහාරයේ සමස්ථ සත්‍ය ලෙස එය ඉදිරිපත් කරන්න අවුරුදු තුනක් ගත්තෙ ඇයි?
  8. පාස්කු ප්‍රහාරයේ සමස්ථ සත්‍ය සහාරන්ගේ පටිගත කළ වීඩියෝ පටයේ තියනවානම් මේ රටේ සියලුම ආරක්ෂක අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිවා රෑ නොබලා මහා වෙහෙස මහන්සියක් දරලා ක්‍රියා කරලා සොයා ගත්තු දේවල් මොනවද?. ඒව ඉදිරිපත් කරන්නෙ නැද්ද?
  9. පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට චෝදනා, අධි චෝදනා, චෝදනා සහිත නඩු ගොනුකිරීම් ආදිය බොහෝ කැපවීමෙන් මහත් පරිශ්‍රමයකින් සහ පරිස්සමින් කාලය වැය කළා කියලා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි  කමල් ගුණරත්න මහත්තයා කියනවා. එහෙම කළා නම් පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ, සිය රාජකාරිය බරපතල ලෙස පැහැර හැරි බවට පාස්කු කොමිෂන් සභාව චෝදනා කරලා තිබෙන,  ඔවුන් සම්බන්ධව කළ යුතු දේ  නිර්දේශ කර තිබෙන,  තමන්ගෙ වගකීම් පැහැර හැරලා ම්ලේච්ඡ මිනිස් ඝාතනය සිදුවීමට ඉඩදීමට සම්බන්ධව කොමිසම නම් කරලා තිබෙන අයව කොහොමද අධිකරණයෙන් නිදොස්කොට නිදහස් වෙන්නේ. විත්තියේ සාක්ෂිවත් කැඳවන්නෙ නැතිවයි මේ  නිදොස්කොට නිදහස් වෙන්නේ.
  10. නිදොස්කොට නිදහස් කළ පුද්ගලයින්ව අධිකරණය පැවසුවේ ඔවුන් සම්බන්ධව ඉදිරිපත් කර ඇති නඩුගොනු අසම්පූර්ණයි කියලා. එහෙම නම් වසර ගණනාවක් මහත් කැපවීමකින් වැඩ කළා කියන නීතිපති දෙපාර්තමේන්තුව ගැන ආක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාටත් වගකීමෙන් කතා කරන්න පුලුවන්ද? එහෙම ලජ්ජාවක් කියලා එකක් නැද්ද?
  11. මීට ඉස්සරත් පෙන්වලා දිලා තියන පරිදි පාස්කු ප්‍රහාරය දියත්කළ අන්තවාදීන් ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙහෙයවලා තිබෙනවා කියන චෝදනාව නිශ්ප්‍රභා කිරීමට ආරක්ෂක ලේකම්වරයා සතු වාර්තා සහ විමර්ශන සාධක  මොනවද?
  12. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මුලින්ම පරීක්ෂණ මෙහෙයවූ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෑතකදි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළා මූලික අයිතිවාසිකම් පෙත්සමක්.මේ පෙත්සමේ තියන කරුණු අතර සහරාන් සහ ඔහුගේ පිරිස බුද්ධි අංශ සමග පැවැත්වූ ගනුදෙණු සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක කරලා තියනව ද?. එසේ පරීක්ෂණ පැවැත්වුවා නම් ඒ පිලිබඳව ඇති වාර්තා මොනවද?.උදාහරණයක් ලෙස පොඩිසහරාන් ගේ ආසන්නතමයන් පිළිබඳව කළ පරීක්ෂණවලදි අනාවරණය වුණු සොනික් සොනික් කියන සංකේත නාමයෙන් හඳුනවපු පුද්ගයා ගැන අවධානය යොමු වුනා. ඒ පුද්ගලයාගේ අයි.පී ලිපිනයන් පරීක්ෂා කරද්දි එය උප පොලිස් පිරික්ෂක බණ්ඩාර කියන අයගේ කියලත් හෙළි වුනා. සී.අයි.ඩී. එක ඒ බණ්ඩාර කියන කෙනාව ප්‍රශ්න කිරීමට යෑමේදී රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ එය නවතා දමන ලෙසත් එය බුද්ධි මෙහෙයුමක් බවත් සඳහන් කළා. එම බුද්ධි මෙහෙයුමේ ප්‍රතිඵල මොනව ද? මේ බුද්ධි අංශය කළ මෙහෙයුම කුමක්ද?සොයාගත්තෙ මොනවද?
  13. මේ රජය බලයට පත්වූ වහාම පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන පුලුල් කරන්න  කටයුතු කළා නම් එතෙක්  විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන  තිබුණු කරුණු ඔස්සේ පරීක්ෂණ ඉදිරියට නොගියේ ඇයි?.
  14. විමර්ශන කටයුතු මෙහෙයවමින් සිටි නිලධාරීන්ට ස්ථාන මාරු කළා. ජනාධිපති කොමිසම විසින් පාස්කු ප්‍රහාරයට වරදකරුවන් ලෙස නම් කළ අය එම තනතුරුවලින් පහ කරනවා වෙනුවට ඒ නිලධාරීන්ට උසස්වීම් දෙන්න තීරණය කළා. ඒ තීරණ ගත්ත බලධාරීන් කවුද?
  15. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා  සහරාන් හෂීම්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අරන් තිබ්බා. නමුත් ඔහුව අත්අඩංගුවට ගන්නට පෙර නාලක ද සිල්වා අත්අඩංගුවට ගත්තේ කාගෙ නියෝගයක් මතද?. නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීම නිසා සහරාන් හෂීම්ව අත්අඩංගුවට ගන්න තිබ්බ අවස්ථාව පැහැර හැරුණා.
  16. නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීමට මුල් වුණු නාමල් කුමාර ජවනිකාවෙ නර්මාතෘවරයා කවුද?. ජනාධිපති සහ ආරක්ෂක ලේකම් ඝාතන සැලසුමක් ගැන කියන  මේ බිහිසුණු   කුමන්ත්‍රණය සම්බන්ධව කිසිම පරීක්ෂණයක් කළේ නැද්ද?. පරීක්ෂණවල වාර්තාවන් තියනවද? පරීක්ෂණ නිමා කර නීතිය ඉදිරියට ගෙනිහින් තියනවද?
  17. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ අපේ රට සන්සුන් වුනා. කාදිනල් හිමියන්ගෙ මැදිහත් වීමත් සමග මුස්ලිම් සහ කතෝලික ජනතාව අතර ගැටුමක් ඇති නොවී  සාමකාමී වුනා. එහෙත් ඉන් අනතුරුව මුස්ලිම් දේවස්ථානවලට ගල් ගසන්නට, මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාරවලට  පහර දෙන්නට පැමිණි සන්නද්ධ කණ්ඩායම් පසුපස සිටියේ කවුද?. ඒ සම්බන්ධව පරීක්ෂණ කළාද?. මේ පරීක්ෂණ හෙලි කරන්න කියලා කාදිනල් හිමි කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ නැත්තේ ඇයි?
  18. සහාරන්ගේ අන්තවාදී ගැටුමට තුඩු දුන් කරුණක් වශයෙන් කමල් ගුණරත්න පෙන්නපු සහරාන් හෂීම්ගේ වීඩියෝ පටය අප දන්නෙ පැය එක හමාරක වීඩියෝ පටයක් කියලා. අපට ආරංචි වෙච්චි හැටියට මාධ්‍යයට ඉදිරිපත් කළේ විනාඩි 04කට සංස්කරණයකළ වීඩීයෝ පටයක්. මෙම වීඩියෝ පටයෙම තියනවා දිගන අලුත්ගම ආදී ප්‍රදේශවල මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් දියත් කළ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූයේ කවුද කියන එක. ඒවත් හේතු වුනා කියලා මේ ප්‍රහාරය එල්ල කරන්න.දිගන අලුත්ම සිද්ධවුන ජාතිවාදී ඇවිස්සීම ගැන හරියාකර විමර්ශනයක් අද වනතුරු සිදුවෙලා නෑ. ඒ විමර්ශන නොකරන්නේ ඇයි? මේ කරණා මෙහෙයවූයේ පොහොට්ටුවේ ඇතැම් පුද්ගලයින්   බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  කළ ප්‍රකාශ ඔස්සේ පරීක්ෂණ නොකරන්නේ ඇයි?
  19. සහරාන් හෂීම් ඇතුළු පිරිස සහාරන්ට ඉහලින් සිටි අයවලුන් විසින් මෙහෙයවූ බව ජනාධිපති කොමිසමත් පිළිගන්නා බව පිලිගන්නවා. කොමිසම කියනවා තව දුරටත් විමර්ශන කළ යුතුයි කියලා. එහෙම විමර්ශන අවසන් නොකර විමර්ශන අතරමැද අත්හිටුවලා කියනවා මහමොළකරු නවුෆර් මවුලවි කියලා. මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති රටේ උත්තරීතර ආයතනයවන පාර්ලිමේනතුවෙදි  කියනවා ඔහු මහමොළකරු තෝරගත්තා කියලා. ඔහු මහමොළකරු තෝරගත්තා නම් විමර්ශන මොකටද?. එය පිළිගත හැකි ද?.
  20. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සෙවීම  පසෙක  තියමු. පසුගිය ජනවාරියේ දි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ තබා තිබූ ජීව අත්බෝම්බය තැබූ පුද්ගලයා තවම සොයාගෙන නෑ. සීසීටීවී දර්ශනයත් සහිත මේ සිදුවීමෙ සුලමුල සොයාගන්න බැරි අසමත් ආරක්ෂක ලේකම්වරයා පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරය වැනි ප්‍රහාර රටේ යළිත් ඇති නොවනක බවට ජනතාවට සහතික වන්නේ කෙසේද? මොන පදනමක් මතද?.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හදිසියි ! ඩොලර් බිලියන 3ක් 4ක් නැතුව බෑ !

Next Post

අරගල බිමේ අවදි වූ හෘදය සාක්ෂිය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.