බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතෝලික ප්‍රජාව රවටමින් ගෝඨාභය කළ දේම රනිල් කරන හැටි පාස්කු ප්‍රහාරයට අවුරුදු 05ක් පිරෙද්දි  කාදිනල් හිමියෝ කියති!

by editor
අප්‍රේල් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා එදා පැවති රජය විසින් විජිත් මළල්ගොඩ තුමාගේ නායකත්වයෙන් යුතු එක් කමිටුවක් ද, පාර්ලිමේන්තු පත්කිරීම් කාරක සභාවක් ද ජනාධිපති කොමිෂන් සභාවක් ද පත් කළ අතර එම වාර්තාවල නිර්දේශිත කරුණු මූලික වශයෙන් පැවරුනේ 2019 නොවැම්බර් 16 වැනි දින  පවත්වන ලද ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධූරවට පත් වූ ගෝඨාබය රාජපක්ෂ  වෙත බවත් ජනාධිපතිවරණ ඡන්දයට පෙර මීගමුව සහ ජා ඇල යන ප්‍රදේශවල පවත්වන ලද දේශපාලන රස්වීම් දෙකක දීත්, ගෝඨාභය රාජපක්ෂ සහ කතෝලික රදගුරු මණ්ඩලය අතර සිදුවූ හමුවක දීත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව විනිවිද පෙනෙන පරීක්ෂණයක් සිදුකරන බව ගෝඨාභය රාජපක්ෂ පුද්ගලිකවම පොරොන්දු වී යැයි කාදිනල් තුමෝ පැවසූහ.

එසේ සහිතක වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වූ දිනට පසු දින දුරකථනයෙන් තමන් අමතමින් පාස්කු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන්ට දුෂ්කරතා ඇතිවී ඇති බව පැවසුවේ යැයි කාදිනල් තුමෝ හෙළි කළහ. උන්වහන්සේ පෙන්වා දුන්නේ  රනිල් වික්‍රමසිංහ විසින් පවත්වාගෙන යන්නේ  ගෝඨාභය රාජපක්ෂගේ හැසිරීමේ දිගුවක් බවය.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ පාස්කු ප්‍රහාරයට වසර 05ක් පිරෙන් අද (21) දිනයේ කොච්චිකඩේ පල්ලියේ පැවති ප්‍රධාන සැමරුම් අවස්ථාවේ මුඛ්‍ය දේශනය පවත්වමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පොරොන්දු වී කතෝලික ප්‍රජාවේ විශ්වාසය දිනාගෙන බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි පසු කීවේ පාස්කු ප්‍රහාරයේ  නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යෑමෙන් තමන්ට හිතවත් ඇතැම් සංවිධානවල නායකයින් අත් අඩංගුවට ගැනීමටත් ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවන බව යැයි ද   ඒ නිසා වාර්තාවේ ඇති නිර්දේශ තමන්ට ක්‍රියාත්මක කිරීමට නොහැකි බවයැයි ද    සඳහන් කළ අයුරු තමන් වහන්සේට සිහි වන බව කාදිනල් තුමෝ කීහ.

උන්වහන්සේ  පැවසුවේ එම වාර්තාවේ  පිටපත් ලබාදීමත්    ප්‍රමාද කරමින් රටේ ජනාධිපතිවරයා ලෙස   තමන්ට පැවරුණ යුක්තිගරුක වගකීම අත්හැර පාස්කු වාර්තාවේ   තමන් කැමති ඇතැම් දේ පමණක් තෝරාගෙන ක්‍රියාත්මක කිරීමට  තමන්ගේ රජයේ ඇමතිවරුන් හය දෙනෙකුගේ කමිටුවක් පත් කිරීමෙන්  ඡන්දටය   පෙර තමා දුන් පොරොන්දු ඉෂ්ට කිරීම ගෝඨාභය රාජපක්ෂ මග හැරිය බවය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

 ඛ

එලෙසම මෙම ප්‍රහාර පිළිබඳ ඒ වනවිටත් විමර්ශන කරගෙන ගිය ඇතැම් නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කර  ඔවුන්ගෙන් ප්‍රධානියෙක් බන්ධනාගාරගත කර    ඔවුන්ගෙන් ඇතැම් කෙනෙක් ඈත ප්‍රදේශවලට මාරු කර යවා  තමන්ට හිතවත් නිලධාරීන් පමණක් විමර්ශන කිරීමට පත් කළ ගෝඨාභය රාජපක්ෂ විමර්ශන කඩාකප්පල් කළ අයුරු කාදිනල් තුමෝ හෙළි කළහ. උන්වහන්සේ කීවේ මේ ව්‍යසනය සම්බන්ධව ඒ රජය ගත් මන්දගාමී සහ කඩාකප්පල්කාරී ක්‍රියා පිළිවෙත   තමන් වහන්සේ ඇතුළු කතෝලික ප්‍රජාවට ප්‍රහේළිකාවක් වූ බවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව  නිදහස් හා සාධාරණ විමර්ශනයක් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ   වෙත යොමු කරන ලද රදගුරු තුමන් පියතුමන් සහ සිවිල් වැසියන් 37 දෙනෙකුගේ අත්සනින් යුත්  2021 ජූලි 12 වැනි දින දරණ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනා පමණක් නොව එය ලැබුණු බව හෝ  ගෝඨාභය රාජපක්ෂ විසින් නොදැන්වූවා සේම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට 2023 ඔක්තොම්බර් මස 23 වැනිදා   රදගුරු තුමන් පියතුමන් සහ ගිහි පැවිදි පිරිසක් විසින් යවන ලද දෙවැනි ලිපියට ද අඩු තරමින් එය ලැබුණ බවටවත් පිළිතුරක් නොලැබුණ බව කාදිනල් තුමෝ පැවසූහ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ තමන් ලද බොහෝ නවක තොරතුරු      පිළිබඳ විමර්ශන අවශ්‍ය බව   පුන පුනා කියමින් සිටියත් රනිල් වික්‍රමසිංහ ද  කතෝලික ප්‍රජාව කළ    ඉල්ලීම් තුට්ටුවකටවත් ගණන් නොගැනීමෙන්    මේ රජය ද ප්‍රහාරය පිළිබඳව සාධාරණ විසඳුමක් ලබා දීමට මැලිවන බව තේරුම් ගිය බව කී කාදිනල් තුමා පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ඇතැම් පුද්ගලයින් සහ ආයතන බේරා ගැනීම සඳහා  සාධාරණ පරීක්ෂණ යටපත් කිරිමට පැවති රජය මෙන්ම වත්මන් රජය ද දිගින් දිගටම ක්‍රියාත්මක වන බව හැර වෙන නිගමනයට එළඹිය නොහැකි බවය.

Janaka Liyanaarachchi · 2

තමන්ට සාධාරණයක් ඉෂ්ට විය හැකි සියලුම මංපෙත් වසා දමා ඇති මොහොතක කළ හැකි එකම දෙය ලෙස ජාත්‍යාන්තරයට යෑමට තමන් වහන්සේ තීරණය කළේ මේ රට ජාතිය සම්බන්ධ ආදරයක් නොමැති නිසා නොව, වෙන කරන්නට දෙයක් නැති නිසා බවත්,  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට,  ශුද්ධෝත්තම පාප් වහන්සේට  ලෝකයේ විවිධ ප්‍රජාවන්ගේ ආගමික නායකවරුන් වූ  කාදිනල් වරුන්ට මේ ව්‍යසනයේ කතාව නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ තමන් දුටු එකම ප්‍රායෝගික විකල්පය එය නිසා බවත්ය.

මේ වනවිට පොත් ලියා තමන්ව පැන්නු එක් බලවේගයක් වන්නේ කතෝලික ප්‍රජාව යැයි කියන ගෝඨාභය රාජපක්ෂට තමන් පලවා හැරීමට හේතු වූ තමන්ගේ අසාර්ථකත්වයට හේතුව හෘදය සාක්ෂියෙන් විමසා බලන ලෙසට කාදිනල් හිමියෝ  යෝජනා කළහ.

මේ වනවිට වාමාංශික අදහස් ඇති පිරිසක් අන්ත දක්ෂිනාංශික නායකයෙක් යටතේ  හදාගත් දෙපත් නයෙක් වැනි  ආණ්ඩුවක් හරහා ජාතික සම්පත් විකුණමින්, ජනතා අපේක්ෂාවන් සහ අභිලාෂයන් විනාශ කරමින් සිදුකරගෙන යන විකෘති දේශපාලනය වහාම නිමා විය යුතු බව කී කාදිනල් තුමෝ   මේ රජය හෝ බලයට පත්වන වෙනත් රජයක් විසින් කළ යුතු මුල්ම දේ වන්නේ රටට විශාල සමාජ ආර්ථික ව්‍යසනයක් ඇති කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කිරීම සඳහා නව ව්‍යුහයන් යොදා ගනිමින් කටයුතු කිරීම බව කීහ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය බෞද්ධයින් දැක්කේ පන්සලකට එල්ල වූ ප්‍රහාරයක් විදිහට… ඕමල්පේ සෝබිත හිමියෝ කියති….

Next Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන සභාපතිකමට විජේදාස රාජපක්ෂ …

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.