කටුනායක, කොළඹ පාරේ නිව් “අඹ සෙවන” නැමැති කාමර කුලියට දෙන ස්ථානයක් සහ අවන්හලක් පවත්වාගෙන ව්‍යපාරිකයෙකු අද (07) අළුයම මන්නා ප්‍රහාරයක් එල්ල කර මරා දමා තිබේ.
මෙම ඝාතනය සිදුවී ඇත්තේ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ මළ ගෙදරක් ඉදිරිපිට පවත්වාගෙන ගිය සූදු පොළකදී බව සිදුව පොලිසිය කියයි..
කටුනායක, කොළඹ පාර, අංක 92 ලිපිනයේ පදිංචි තොම්මගේ ඉරෝෂන් රජීන්ද්‍ර ප්‍රනාන්දු නැමැති 46 හැවිරිදි ව්‍යාපාරිකයා මෙලෙස ඝාතනය වී ඇත.
ඔහුට එරෙහිව එරෙහිව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මිනීමැරුම් නඩු දෙකක් පවතින බවත් මොහු පුරුද්දක් වශයෙන් ප්‍රදේශයේ මළ ගෙවල් වල රාත්‍රී කාලයේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරන අයෙකු බවත් පොලීසිය පවසයි.
අද අලුයම 1.30ට පමණ ඔහු සූදු කෙළිමින් සිටි සූදු පොළට යතුරුපැදියකින් පැමිණි නාඳුනන ඝාතකයින් දෙදෙනෙකු, තියුණු මන්නා පිහි වලින් කොට ඔහුව ඝාතනයට කර තිබුණි.
මීගමුව මහෙස්ත්‍රාත්වරයා ඝාතනය සිදුවූ තැන ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබේ.
මේ වනවිට ඔහුගේ සිරුර මීගමුව මහ රෝහලේ තබා තිබේ .