කිර්ති ප්රනාන්දු –
කොළඹ සිට ත්රී කුණාමලය දක්වා ගමන් කරනා සීටීබී බස් රථයක් සහ නුවර සිට මීගමුව දක්වා ගමන් කරනා පුද්ගලකි බස් රථයක් නුවර පාර පස්යාල කජුගම ප්රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ බරපතල අනතුරෙන් තුවාල ලද 29 දෙනෙක් වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව නිට්ටඹුව පොලිසිය කියයි.
වතුපිටිවල රෝහල කියන්නේ තවමත් රෝගීන් රෝහල වෙත රැගෙන එමින් ඇති බවය.
මීගමු නුවර බස් රථය අපරික්ෂාකාරීව වාහනයකට ඉස්සර කරන්න යෑමේ දී කොළඹ සිට ත්රීකුණාමලය දක්වා ගමන් කරමින් සිටි බස් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
නිට්ටඹුව පොලිසි කීවේ තුවාලකරුවන් අතර බරපතල තත්තවයේ හය දෙනෙක් පමණ සිටි බවය.
මේ අනතුරින් පසු පැයකට ආසන්න කාලයක් කොළඹ නුවර පාර මුලුමනින්ම අවහිර වී තිබිණි. මේ වනවිට අවහිර වූ බස් රථ මාර්ගයෙන් ඉවත් ගමනාගමනය යථා තත්ත්වයට පත් කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.