දිනසේන රතුගමගේ –
වෙඩි තැබීමකින් හා විදුලි සැර වැද්දවීමෙන් මුලතිව් ඔට්ටිසුඩාන් ප්රදේශයේදී වන අලින් දෙදෙනෙකු මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා ඔට්ටිසුඩාන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
මුලතිව් ඔට්ටිසුඩාන් ප්රදේශයේදී වන අලියෙකු වෙඩි ප්රහාරයකට ලක්ව තුවාල සහිතව පැමිණ ඒ අසල ඇලකට වැටී සිටියදී වන ජීවී නිලධාරීන් විසින් එම අලියා සොයා ප්රතිකාර කරමින් සිටියේය. අලියා මිය ගියේය.
මුලතිව් ඔට්ටිසුඩාන් ඔතියමලේ ප්රදේශයේදී කුඹුරකට ගිය වන අලියෙකු විදුලි සැර වැදීම නිසා එම කුඹුරට මදක් ඈතින් මිය ගොස් සිටියදී වනජීවී නිලධාරීන් විසින් මළ සිරුර සොයා ගෙන තිබේ.
මේ පිළිබදව වන ජීවී නිලධාරීන් ඔට්ටිසුඩාන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් කණ්ඩායමක් මෙම වන අලි දෙදෙනා මරා දැමූ පිරිස සෙවීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







