සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔහු මේ අපරාධය කළේ පියවි සිහියෙන් ද?…

by editor
ජූලි 29, 2025 - Updated on ජූලි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

බිරිඳ සහ දාහත් හැවිරිදි වැඩිමල් දියණිය මරා දමා යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත  සියදිවි හානි කරගෙනය. මේ බිහිසුනු අපරාධය කණ වැකෙන්නේ අද (29) අළුයම ය. එම ආරංචිය කණ වැකුන මොහොත මතකය. මට දැන්නේ මා ගිනි ගන්නා සේය.

මේ මනුෂ්‍යයා කලෙක සිට දනිමි. ඔහු යහපත් මිනිසෙකි. මෙවැනි තීන්දුවක් ගැනීමට තරම් බිහිසුණු සිතක් නැති මේ මනුෂ්‍යයා මේ විනාශය කරන්නට ඇත්තේ පියවි සිහියෙන් නොවන තරම් මානසික විකල් භාවයකින් බව විශ්වාසය. ඔහුගේ සමීපතමයන් බොහෝ දෙනෙකුට මේ විනාශය ගැන සිතාගන්නටවත් බැරි වී ඇත්තේ ඒ නිසාය.

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිස යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ද කලක් හෙබවූ චම්පික නිලන්ත පසුව සමගි ජනබලවේගය හා එක්විය. පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් ඔහු කොට්ඨාසය ජයග්‍රහණය කරමින් යටිනුවර ප්‍රාදේශිය සභාවට තේරී විපක්ෂ නායක ධූරයට පත්විය.

සිදුවූයේ කුමක් ද?

චම්පික නිලන්ත නිවසේ දී  ඔහුගේ බිරිඳ හා  දියණියක ඝාතනය කර සියදිවි නසාගත් බව ට සැක කරමින්පේරාදෙණිය පොලීසිය දැන්  පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඔහු මිය ගොස් සිටියේ ඔවුන් පදිංචි දෙමහල් නිවසේ මුළුතැන් ගෙයි අසල වු එළිමහන් කොටසක  බාල්කයේ  එල්ලීය.

මේ පවුලේ බාල දියණිය ජීවතුන් අතරය. සිය පියාගේ විකල් ඝාතනයෙන් බේරී ජීවත් වෙන්නට ඇයට වාසනාව තිබිණි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

පොලිසිය කියන්නේ ඝාතනයට ලක්වන බිරිය 45 හැවිරිදි දිල්රුක්ෂි ජයලත් කුමාරගේය. දියණිය ශිහාරා ආශිංසනී හපුගොඩය. ඇය 13 හැවිරිදිය.  නිදි පෙති වර්ගයක් බිරිඳට හා දියණියට බීමට දී නින්ද ගිය පසු ඔවුන්ව ඝාතනය කර තිබෙන බවට පොලීසිය දැනට  සැක කරයි.

ඊයේ  (28) බාල දියණිය පාසලේ අධ්‍යාපන චාරිකාවට ගොස් නිවසට පැමිණ ඇත්තේ  රාත්‍රියේ ය.  ඇයව පාසලේ සිට නිවස දක්වා රැගෙන පැමිණ ඇත්තේ ද චම්පික නිලන්ත.  බාල දියණිය රැගෙන එන්නට මේ මනුස්සාය යන්නේ සිය වැඩිමහල් දියණිය සහ බිරිය ඝාතනය කර සඟවා තැබීමෙන් පසුය.

නිවසට පැමිණ බාල දියණිය උඩු මහළට රැගෙන ගොස් ඇයටත් නිදි පෙති බොන්නට දී තිබේ. එහෙත් ඇය එම පෙති නොබී නින්දට ගොස් ඇත. නිදි පෙති බී විසඤ්ඤ ඇතැයි සිතා ඇයව මරන්නට පැමිණෙන මේ වියරු පියා දකින්නේ දියණිය නිදි නොලැබ සිටින අන්දමය. පොලිසිය කියන්නේ මේ හේතුව නිසා ඇය නොමරා හරින්නට ඔහු තීරණය කරන්නට ඇති බවය.

අපරාධයට හේතුව

විපක්ෂ නායක  මහනුවර ව්‍යාපාරිකයෙකුගෙන්   රුපියල් ලක්ෂ 50 ක මුදලක් පොලියට ලබාගෙන තිබේ.  එම මුදල ආපසු ගෙවීමට නොහැකිව විශාල පොලී මුදලක් එකතු වීම මත ඔහු මුළුමනින්ම බිඳවැටී ඇත.

මෙම පුද්ගලයා ඔහු සතු මෝටර් රථය විකුණා  පොලියට මුදල් ලබාගත් ව්‍යපාරිකයාට පසුගිය මාර්තු මාසයේ දී ලක්ෂ 15 ක පමණ මුදලක් ලබා තිබිණි.

ඉන් පසුවද ව්‍යාපාරිකයා දිගින් දිගටම මොහුට කරදර කර තිබෙන බව දැන ගන්නට ඇත.   එහි දී ඉහළ පොලිස් නිලධාරියෙකු ගේ සහයද ව්‍යාපාරිකයාට හිමිව ඇතැයි දැන ගන්නට තිබේ.

අදාළ ගැටලුව ඉක්මනින් විඳා දීම සඳහා නිතීඥයෙකු මහනුවර ඉහළ පොලිස් නිලධාරියෙකුට ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 05 ක මුදලක් ඉල්ලා සිටි බව ද මියගිය විපක්ෂ නායකවරයා ලිපියේ සඳහන් කර තිබී ඇත.

ඝාතනයට ලක් වූ 17 හැවිරිදි දියණිය සුදු කබර රෝගයෙන් පීඩා විඳ සිට ඇති බවත් ඉන්දියාවට රැගෙන ගොස් ඇයට ප්‍රතිකාර ලබාදීමේ දැඩි වුවමනාවක් මිය ගිය චම්පිකට  තිබී ඇති බවත් කියන්නේ පවුලේ ඥාතීන්ය.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත. අම්මාත් අක්කාත් තාත්තාත් මෝචරියේය.  ජීවිතය බේරාගත් බාල දියණිය එම රෝහලේම වාට්ටුවකය.
මේ තත්ත්වය ඒ පුංචි දියණියට කෙසේ දැනෙනවා දැයි අප දන්නේ නැත. එහෙත් ඒ කතාව අහන දකින කිසිවෙකුට ජීවිතයේ අමතක නොවන ආකාරයේ තිගැස්මක් උපදවනු ඇති බව සහතිකය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝල්ෆේස් අරගලයට ගැහුවේ මහින්ද කී නිසා…මාව අත් අඩංගුවට ගන්න එපා… අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් යොමු කරමින් දේශබන්දු කියයි!

Next Post

රුසියාවට දැවැන්ත සුනාමි ප්‍රහාරයක්… ජපානයටත් මුල් සුනාමි රළ පහර පැමිණෙයි… පිලිපීනය සුනාමි රළ අපේක්ෂාවෙන්….

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.