සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔන් ලයින් අපොයින්මන්ට් අරන් පාස්පෝට් නිකුත් කිරීම හෙට සිට අත්හිටුවයි… දිනපතා මුලින් එන 750කට පාස්පෝට් ලැබෙයි…

by editor
අගෝස්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කලින් දිනයක් සහ වේලාවක් ලබා ගෙන විදේශ ගමන් බලපත්‍ර ලබා දීම සඳහා සැලසුම් කළ ක්‍රමය හෙට සිට අත්හිටුවන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඒ අනුව පෙර පරදිම පැමිණි අනුපිළිවෙළට දිනකට විදේශ ගමන් බලපත්‍ර 750 බැගින් නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා දන්වා සිටී.

අමාත්‍යවරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කරන්නේ මුද්‍රණය නොකළ හිස් විදෙස් ගමන් බලපත්‍ර හිඟ වීම හේතුවෙන් දිනපතා රැස්වන පිරිසට දින ගණන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරියේ ගතකිරීමට සිදුවීමේ ඛේදනීය සිදුවීමට විසඳුමක් ලෙසය.

විදේස් ගමන් බලපත්‍ර නිකුත් වීම සීමා විමෙන් අද (27) දිනයේ ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැස්ව සිටි විශා පිරිසක් අපහසුතාවයට පත් වී සිටියේය. ඇතැමෙක් දින තුනක් තිස්සේ එම ස්ථානයේ රැඳී සිටින්නේ ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහාය. එක් කාන්තාවක් නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් පැවසුවේ හම්බන්තොට පැමිණ සිටින ඇය අද ගතකරමින් සිටින්නේ දෙවැනි දිනය බවය.

මේ අර්බුදයට හේතු වී ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වනවිටට ඇති හිස් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීමය. මේ තත්ත්වය තුළ දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර ප්‍රමාණය 350කට සීමා කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුව ද ඔන් ලයින් ක්‍රමය අහෝසි කර ඇමතිවරයා යෝජනා කර ඇත්තේ දිනකට ගමන් බලපත්‍ර 750ක් නිකුත් කිරීමය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දෙපාර්තමේන්තුව සතුව ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත බවය.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට රජය විසින් පියවර ගෙන ඇති බවත් ඒ සඳහා ජාත්‍යාන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට එම ගමන් බලපත්‍ර සැපයීම ලබා දී ඇති බවත් ආගමන විගමන පාලකවරයා පවසයි.

ඒ අතර ඇති වු මෙම හිස් විදේශ ගමන් බලපත්‍ර හිඟයට පිළිතුරු ලෙස එම සමාගමෙන්ම අදාල ඉලෙක්ට්‍රොනික් ගමන් බලපත්‍රය සදහා වු ඇනවුමේම කොටසක් ලෙස හිස් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස් දහසක් සපයා ගැනීමට කටයුතු කර ඇති බවත්, එම තොගය ඔක්තොම්බර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ලඟා වනු ඇති බවත් ආගමන විගමන පාලකවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුපියල් ලක්ෂ 60 අයිස් මත්ද්‍රව්‍ය සමග තංගල්ලේ දී පුද්ගලයෙක් අත් අඩංගුවට…

Next Post

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය අනුව IMF වැඩසටහන විනාශයි… ජනාධිපති ඒ ගැන කියන කතාව හරි… ආචාර්ය හර්ෂ කියයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.