සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය අනුව IMF වැඩසටහන විනාශයි… ජනාධිපති ඒ ගැන කියන කතාව හරි… ආචාර්ය හර්ෂ කියයි!

by editor
අගෝස්තු 27, 2024 - Updated on අගෝස්තු 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආර්ථික කරුණුවල යටිපෙළ මුළුමනින්ම ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ව්‍යාපෘතිය විනාශ කර දැමීමක් බවත්, ඒ අර්ථයෙන් ගත් කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගොඩනගන තර්කය නිවැරදි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

අද මාධ්‍යයට අදහස් දක්වමින් ආචාරය හර්ෂ ද සිල්වා ජාතික ජන බලවේගයට තමන් ඉදිරිපත් කරන කරුණුවල පාදනම සාධනය කරන ලෙස අභියෝග කරමින් ප්‍රකාශ කළේ අයි.එම්.එෆ් වැඩසටහන සම්බන්ධ මේ පදනම් කරුණු මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර ඇත්තේ එක්කො සමස්ථය රැවටීමට බවත් නොමැති නම් කිසිවක් නොදන්නා කමට බවත්ය.

ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පාඨයක් උපුටා දක්වමින් මෙසේ සිය තර්කය ඉදිරිපත් කළේය.

“ණය තිරසර බව පවත්වා ගැනීම හා දරාගත හැකි මට්ටමක ණය පොලී තබා ගැනීම ඉලක්ක කරගනිමින් අවශ්‍යතා අනුව ණය සමාලෝචන කටයුතුවලදී භාවිතා කිරීම සඳහා විකල්ප ණය තිරසර කරන විශ්ලේෂණයක් පිළියෙළ කිරීම…”

දැන් මේ ණය තිරසර කරන විශ්ලේෂණයක් කියන්නේ මොකක්ද. ඒ කියන්නේ ඩෙට් සෙස්ටේනබිලිටි ඇනාලසිස් ( Debt Sustainability Analysis). දැන් සම්පූර්ණ අයි.එම්.එෆ් ප්‍රෝග්‍රෑම් එක රඳා පවතින්නේ මේ Debt Sustainability Analysis (DSA) කියන එක මත. මේක තමයි පදනම. එතකොට මේ DSA එක වෙනස් කරලා විකල්ප ඒ කියන්නේ ඕල්ටනෙටිව් ඩි.එස්.ඒ (Alternative DSA) එකක් හරහා මේ අයි.එම්.එෆ් වැඩපිළිවෙළ නැවත සමාලෝචනය කරනවා කියන්නේ අයි.එම්.එෆ් එක ඉවරයි. ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. මේක හරිම පැහැදිලියි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

එතකොට ආයේ ප්‍රොග්‍රෑම් එකට යන්න බෑ. අපට තියනවා   ඩෙට් සෙස්ටේනබිලිටි ඇනාලසිස් පැරාමීටර්ස් (Debt Sustainability Analysis Parameters) කියලා. අපේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕන මේ පරාමිතීන්ට අනුව. එතකොට ඒවා කරන්න නම් අයවැයේ ප්‍රාථමික ගිනුමේ සියයට 2.3ක අතිරික්තයක් තබා ගන්න ඕන.

එතකොට මේ උපකල්පන ( Assumptions) එක්ක තමයි අර DSA එක හදන්නේ. ඒ DSA එක මත තමයි මුලු ප්‍රෝග්‍රෑම් එකම රඳා පවතින්නේ. එතනදි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන එක හරි. ඒ කියන්නේ DSA එක වෙනස් වෙනවා නම් මේ ඔක්කෝම වෙනස් වෙන්න ඕන.

දැනටම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එක කරලා ඉවරයි. එතකොට මේ කියලා තියෙන්නේ මහා භායනක දැවැන්ත දෙයක්. විකල්ප DSA එකක් ඕන කෙනෙකුට කරන්න පුලුවන්. ඒක හැදුවට ඒක බාරගන්නේ නෑ අයි.එම්.එෆ් එක.

හරි මම අභියෝග කරලා කියනවා. තව දවස් විසි ගණනක් තියනවා. පෙන්වන්න අපට අයි.එම.එෆ් එක බාරගන්නවා කියලා විකල්ප DSA එකක්. ඒක වෙන්නේ නෑ. එක්කො මේ කියන්නේ හැමෝම මුලා කරන්න. එහෙම නැතිනම් මේ කියන්නේ දැනුම්වත් කමක් නැති නිසා.




Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔන් ලයින් අපොයින්මන්ට් අරන් පාස්පෝට් නිකුත් කිරීම හෙට සිට අත්හිටුවයි… දිනපතා මුලින් එන 750කට පාස්පෝට් ලැබෙයි…

Next Post

තමුසෙලා අපට ඇරලා යන්න ආයේ කටුනායක පැත්තට එන්න එපා… විදේශගත ශ්‍රි ලාංකිකයන්ට රාජතගෙන් තර්ජනයක්!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.