අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔටුන්න ගලවාගත් රූ රැජණ පොලිසි ගොස් රෝහල්ගත වෙයි

by editor
අප්‍රේල් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (04) නෙළුම්පොකුණ රඟහලේ දී නිමාවට පත් වූ විවාහක රූ රැජන තරගයේ ඔටුනු පළඳවා ස්වල්ප වෙලාවකින් එය ගලවාගත්  විවාහක රූ රැජණ පුෂ්පිකා ද සිල්වා කොල්ලුපිටිය පොලිසියේ පැමිණිල්ලක් කර රෝහල්ගත වී තිබේ.

ඇය රෝහල්ගත වූයේ ඔටුන්න ගලවා ගැනීමේ දී හිස් කබලට වූ හානියක නිසා බව වාර්තා වේ.

සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

ශ්‍රී ලංකා විවාහක රූ රැජන -2021 කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ රාත්‍රියේ අවසන් වූයේ විවේචනාත්මක මෙන්ම මතබේදාත්මක හා උණුසුම් තත්ත්වයක් ඇති කරමිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අවසන් තරගය පැවති ඊයේ දිනයේ දී පළමු ස්ථානයට තෝරාගත් තෝරාගත් ජයග්‍රාහිකාවට කිරුළ පැළඳූ සැණින් එය ගලවා වෙනත් අයකුට කිරුළ පැළඳීම නිසා මෙම උණුසුම් තත්වය හට ගැනිණ.

ලෝක විවාහක රූ රැජිණ තරගයට සහභාගි වීම වෙනුවෙන් තෝරාගන්නා ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස  අවසන් තරඟයේදී තෝරාගනු ලැබුවේ මින් පෙරද වරක් එම කිරුළම හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාය.

ජයග්‍රාහිකාවට එම කිරුළු පැළඳවීමට පැමිණි ආරාධිතයින් වූයේ  ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණක ලෙස 1973 කිරුළ හිමිකරගත් වත්මන්  අගමැති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ   සහ  කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යන අයයි.

ඊයේ රාත්‍රියේ ජයග්‍රාහිකාවට කිරුළ පැළඳවීමෙන් අනතුරුව  සභාවේ නොසන්සුන්තාවක් හටගත්තේය.

ඒ පුෂ්පිකා ද සිල්වා දික්කසාද අයෙක් නිසා ඇයට විවාහක රූ රැජිණ කිරුළ දැරිය නොහැකි බවටයි.

ඒ සමගම වත්මන් ලෝක විවාහක රූ රැජන වන  කැරලයින් ජූරි  වේදිකාවට නැග සඳහන් කළේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද අයකු බැවින් තරඟ නීතියක් මෙන්ම මූලික සුදුසුකමක් උල්ලංඝනය වී ඇති නිසා විවාහක රූ රජින කිරුළ හිමි නොවන බව ය.

ඉන් පසු ඇය එම කිරුළ ගලවා දෙවන ස්ථානය ලබාගත් තරගකාරියට ලබා දෙමින් ඇය රූ රැජින ලෙස ප්‍රකාශයට පත් කළාය.

පුෂ්පිකා ද සිල්වා වේදිකාවෙන් ඉක්මනින් බැස ගියාය.

මෙම සිද්ධිය  සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව ඇත. නමුත් එම තීරණය සම්බන්ධයෙන් නිත්‍යානුකුල ක්‍රමවේදයක් පවතී.

විවාහක රූ රැජිණ තරඟයක මුල් අවස්ථාවේදීම සෑම තරඟකරුවෙක්ම ගිවිසුමක් අත්සන් කළ යුතුය.

 

ඒ ගිවිසුම අත්සන් කරන දිනයට සියලු සුදුසුකම් පරීක්ෂා කරනු ලබන අතර එහිදී උප්පැන්න සහතිකයේ සිට විවාහ සහතිකය දක්වා සියලුම දේ පරීක්ෂා කෙරේ.

ඒ අදාල ගිවිසුම අත්සන් කරන දිනයේදී එම නීති රීති පිළිබඳවත් දැනුවත් කරයි.

ඒ සම්බන්ධයෙන් තරඟකාරියන් දැනුවත් කිරීම අදාල ජාතික අධ්‍යක්ෂවරයාගේ වගකීමක් වන අතර ඔහුගේ අනුදැනුමකින් තොරව කිසිදු අවස්ථාවක කිසිඳු තරඟකාරියකට  නියමිත සුදුසුකම් සපුරා නොමැති නම් ඉදිරියට යා නොහැක.

සුදුසුකම් සපුරා නොමැති අවස්ථාවකදී තතරඟකාරියක ලෙස තවදුරටත් ඉදිරියට යාමට නම් අදාල ජාතික අධ්‍යක්ෂවරයා ඒ පිළිබඳ දැනුවත් විය යුතුය.

එසේ නොමැති නම් කුමක් හෝ හේතුවක් මත ඔහු ඒ බව සඟවා වංචනික අරමුණින් ඇයව ඉදිරියට ගෙන යා යුතුය.

ඒ වගේම තරඟය අතරතුර විනිශ්චය මණ්ඩලයට වරද නිවැරදි කිරීමේ හැකියාව සහ කාලය පවතී. තරඟකාරිය අදාල පාර්ශව වෙත බොරු තොරතුරු ලබා දීමෙන් හෝ අදාල වගකිවයුතු පාර්ශව එය බොරුවක් බව දැන සිටියත් එය සඟවා තබා ගැනීමෙන් දෙපාර්ශවයෙන්ම සිදුවී ඇත්තේ වංචාවකි.

කෙසේ වෙතත් මේ තරඟය තුළ තරඟ වැදීමට පුෂ්පිකාට බාධාවක් නොමැති නමුත් ඇයව අවසානයේදී රූ රැජිණ බවට පත් කිරීමේදී අදාළ විනිශ්චය මණ්ඩලය  මේ තීරණය අදාල නීති රීති වලට අනුකූලද යන්න අනිවාර්යයෙන් සැලකිය යුතුය.

පුෂ්පිකා මීට පෙර ද මෙම තරගයට ඉදිරිපත් වූ කාන්තාවකි.

කැරලයින් ජූරි යනු වත්මන් ලෝක විවාහක රූ රැජින ය. මීළඟ ලෝක රූ රැජින කිරුළ වෙනත් අයකු විසින් හිමිකර ගන්නා තෙක් එම කිරුළේ භාරකාරත්වය, වගකීම  දරන්නේ ඇයයි.

තරඟයේ තරඟකාරියන්ගේ සුදුසුකම් පරීක්ෂාව ඇය විසින් නොකළ යුතු නමුත් තමා නියෝජනය කළ රටෙහි තමාගෙන් පසු සිදුවන නියෝජනය නීති උල්ලංඝනයකින් තෝරා පත් කර ගත් විට, ඇය ඇයගේ කිරුළේ වත්මන් වගකීම භාවිතා කර ඒ සිදුවූ වරද නිවැරදි කළ බව කැරලයින් ජූරි ගේ පාර්ශවය පෙන්වා දෙයි.

තරග නිති නීතිරීති උල්ලංඝනය කළ තරගකාරියක තේරී පත්වීමෙන් ලෝක රූ රැජිණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් පසු එම තරගයෙන් ඉවත්වී ‍‍යාමට සිදුවනු ඇත. එවැනි සිදුවීමක් ලෝක රූ රැජින පත් වූ රටක් නියෝජනය කරමින් සිදුවීම ජාත්‍යන්තරය තුළ වුව ද මතභේදයට තුඩු දිය හැකි කරුණකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුගියන්ට අත දෙන්න ඇතිකළ සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතියට වෙච්චි දේ විගණනය කියයි…

Next Post

සැබෑ රූ රැජන ඔටුනු ගලවා ගන්නියක් නොව, රහසේ ඔටුන්න සරසන ගැහැණියකි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.