දිනසේන රතුගමගේ –
මුලතිව් කුරුදුමලේ කුරුන්දාවශෝක විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරගෙන යන චෛත්‍යයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයට බාධා කරමින් මුලතිව් ප්‍රාදේශීය දේශපලනඥයෝ ඇතුලු පිරිසක් ඊයේ ( 12) විරෝධතාවයක නිරතව සිටියහ.
ඔවුන් කියා සිටියේ මෙම සිද්ධස්ථානය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ නඩුවක් ඇති බවත් එය අවසන් නොවී තිබියදී එහි සංවර්ධන කටයුතු සිදු කිරීම වැරදි බවත්ය.
මෙම විහාරස්ථානය බෞද්ධයින්ට පමණක් අයත් විහාරස්ථානයක් නොවන බවත් එහි බෞද්ධ භික්ෂූන් වහන්සේ බුදු මැදුරු හා වෙනත් ඉදිකිරීම් නීති විරෝධී නිසාත් වහාම මේ සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට දිනයක් ලබා දෙන ලෙස විරෝධතාකරුවෝ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියහ.
පොලීසිය හා යුද හමුදාව විසින් විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් පසුව මුලතිව් කුරුදුමලේ කුරුන්දාවශෝක විහාරස්ථානයේ ආගමික වතාවත් පැවැත්වුණි.