සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ!

by editor
පෙබරවාරි 4, 2026
in පුවත්
දෙව්නිමෝරි ධාතූන්වහන්සේ වැඩ සිටි සෙල් ලිපිය සහිත මංජුසාව...

දෙව්නිමෝරි ධාතූන්වහන්සේ වැඩ සිටි සෙල් ලිපිය සහිත මංජුසාව...

Share on FacebookShare on Twitter

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ අද (04) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී   උපන්  ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේදී  60 දශකයේදී සිදු කරන ලද කැණීම්වලින් සොයා ගන්නා ලද  බුදුරජාණන් වහන්සේගේ මෙම ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර  නොමැත.

පසුගියදා සිදු වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක   සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදාකර දී තිබේ.

අද (04) ප.ව 1.00ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට වැඩම කරනු ලබන  ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීමත් සමඟ මෙරට ජනතාවට මෙම ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව උදා වේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව හෙට (05) සිට පෙබරවාරි 11 වනදා දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත් වේ.

ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේ ගැන හැඳින්වීමක්

1960 සහ 1963 අතර ගුජරාටයේ ෂම්ලාජි අසල දෙව්නි මෝරි ස්ථානයේ දී බරෝඩා හි මහාරාජා සයාජිරාඕ විශ්ව විද්‍යාලයේ  පුරාවිද්‍යාඥයින් විසින් සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීමක දී මෙම ධාතූන්වහන්සේ සොයා ගෙන තිබිණි.

මෙම සර්වඥ ධාතූන්වහන්සේ  බ්‍රාහ්මී අක්ෂර සෙල්ලිපියක් සහිත හරිත ෂිස්ට් කරඬුවක් තුළ හමු විය. “දශබල ෂරීර නිලය” යන වැකිය එහි සටහන්ව තිබිණි.  එහි තේරුම “බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු වාසස්ථානය” යන්නය.

ෂිස්ට් කරඬුව තඹ පෙට්ටියක් තුළ ආරක්ෂා තිබිණි.  එහි ශුද්ධ අළු, සේද රෙදි සහ පබළු රඳවා තිබූ රන් ආලේපිත රිදී-තඹ බෝතලයක් ද අඩංගු විය.

මෙම ධාතූන්වහන්සේ හමුවන්නේ ක්‍රි.ව. 3 වන හෝ 4 වන සියවස දක්වා දිවෙන විශාල මහාස්තූපයක් තුළ වැඩ හිඳවා තිබියදී ය.   එම කැනීම් සිදුකරනු ලබන්නේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කළ ගවේෂණයක අනිවාර්ය සාධයක් ලෙසය. මේෂ්වෝ ගංගා වේල්ල හේතුවෙන් මෙම ස්ථානය දැන් බොහෝ දුරට ජලයෙන් යට වී ඇත.

මෙම ධාතූන්වහන්සේ තැන්පත් කර ඇත්තේ    බරෝඩා හි මහාරාජා සයාජිරාඕ විශ්ව විද්‍යාලයේ ය. උන්වහන්සේලාගේ භාරකාරත්වය ඇත්තේ එම සරසවියටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විපක්ෂ නායක තුමනි… තිරසාර රටක සෑම ක්ෂේත්‍රයකම ජයග්‍රහණ සහිතව බොහෝ දුරක් ගමන් කිරීම සඳහා එක්ව ගමන් කරමු… ජනපති නිදහස් දිනයේ දි කියයි!

Next Post

බුදු රජානන්වහන්සේ ගේ ධාතූන්වහන්සේම  බව ඓතිහාසිකවම සහතික කළ දෙව්නිමෝරි ධාතූන්වහන්සේ පිළිබඳ කතාව…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.