අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එරියාව ඉස්කෝලේ ශිෂ්‍යත්ව මංගල්ලය…

by editor
ඔක්තෝබර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඊයේ රෑ ඉඳන් පාසලේ පිරිතක්… දරුවො පාසලට එක්ක ඇවිත් සෙත් ප්‍රාර්ථනා කරලා ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයට වාහනයක අරන් ගිහින්

  • දරුවො ශිෂ්‍යත්ව විභාගය ලියලා ඉවර වෙනකම් එක දිගට පිරිත්… හැම දරුවෙකුගේම පන්තියෙ ඩෙස්ක් එක උඩ පහනක් පත්තු කරලා නොනිවී තියාගෙන….

  • දවල්ට අම්මලා තාත්තාල එකතු වෙලා ඉස්කෝලෙම සුපිරි කෑමක් හදලා… ශිෂ්‍යත්ව ඉවර වුනාට පස්සේ දරුවො ටික ඔක්කොම වාහනෙන් පාසලට එක්ක ඇවිත්  භෝජන සංග්‍රහයක්… 

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද (15) දවල් වරුවේ  අවසන් විය. ගම්බද දරුවන්ට නගරයේ ජනප්‍රිය පාසලකට පියනගන්නට අවස්ථාව ලැබෙන ලංකාවේ තිබෙන එකම ක්‍රමවේදය මෙම ශිෂ්‍යත්ව විභාගයයි.

2016 වර්ෂයේ සිට ස්ටැනයින් පරිමාණ දර්ශකයට අනුව දිවයිනේ ඉතා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්නා මහව අධ්‍යාපන කලාපයේ ගල්ගමුව කොට්ඨාසයේ එරියාව මහින්ද ප්‍රාථමික විද්‍යාලයයේ දරුදැරියන්ගේ අද තත්ත්වය කෙසේ දැයි විමසා බැලුවෙමු. එම විදුහලෙන් මෙවරද ශිෂ්‍යත්ව විභාගයට සිසු සිසුවියන් 29 දෙනෙක් පෙනී සිටි ඇති අතර ඔවුන් පසු ගිය වසරේ ද ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදී.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටි ජේ.එම්. නලිඳු දිලුමිත කරුණාරත්න ශිෂ්‍යයා මෙසේ කීවේය .

“අපි සතුටින් විභාගයට මුහුණ දුන්නා පළවෙනි පේපර් එක නම් ටිකක් අමාරුයි. ඒත් අපි හැමෝම පාස් වේවි. යාලුවෝ හැමෝම පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි පහුගිය දවස් ටිකේම ගොඩක් මහන්සි වුනා . අද නං ඉතින් පුදුම සැහැල්ලුවක් දැනෙනවා. අදත් අපි විභාග ලියලා එද්දි අපේ යාලුවන්ගෙ දෙමවුපියෝ හැමෝම අපේ ඉස්කෝලේ දවල්ට කෑම ලෑස්ති කරලා තිබුණා. හවස් වරුව ගෙවුණෙ හරිම සතුටින්. පන්තිභාර කොලඹගේ සර් ගොඩක් මහන්සි වුනා . සනාලි ටීචර් අපිට උදව් කළා .ලොකු සර්  නිතරම හිටියේ ඉස්කෝලේ තමයි .අපේ දෙමව්පියෝ හැමෝම පුළුවන් විදියට උදව් කළා. හැමෝම උනන්දුවෙන් වැඩ කරන නිසා හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා තමයි ලොකු සර් නං නිතරම කියන්නේ.”

ඒ ලොකු සර් රටක් හොඳින් හඳුනන  කලක් අඹන්පොල ඇතුළු මහව කලාපයේ කදිම මාධ්‍ය මෙහෙවරක් කළ මාධ්‍යවේදීයෙක් වූ අනිල් ගාමිණී විජේරත්නය. අනිල් සර් පහුගිය කාලය පුරාම මහා ගැටලු රැසකට මුහුණ දෙමින් මේ දරුවන් වෙනුවෙන් කැප වුන ආකාරය අපටත් මතකය.

ආර් .දෙව්මි අංජනා රාජපක්ෂ ශිෂ්‍යාව මෙසේ කීවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ලහිරු කොළඹගේ සර් තමයි අපේ පන්ති භාර සර් .අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා. සනාලි ප්‍රේමවර්ධන ටීචර් ත් ගොඩක් උදව් කළා.අපි අද හැමෝම පේපර් එකට හොඳින් උත්තර ලිව්වා දැන් ඉතින් හරිම නිදහස බවක් දැනෙනවා වැස්සේ තෙමෙන්න, ඇලට පනින්න. පිනුම් ගහන්න. වැලි බත් උයන්න ඕන තමයි ඉතින්. පහුගිය දවස් ටිකේම අපි හිටියේ ඉස්කෝලේ . අපිට හරියට ඉස්කෝලේ ගෙදර වගේ. දැන් ඇත්තම ගෙදර යද්දි හිතෙන්නේ හරියට ගමේ යනවා වගේ.”

ඇය මුව පුරා සිනහවෙමින් කීවාය.ඇගේ හඬ තුළ තිබුනේ බලාපොරොත්තු වේ පෙර නිමිතිය.

ඩබ්ලිව් එම් නිශාන්ත රාජකරුණා මහතා මෙසේ පැවැසුවේය.

” මගේ දරුවකුත් මෙවර මේ පාසලේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා.මේ පාසල ඇතුළෙ  මේ අහිංසක දරුවන් වෙනුවෙන් ඉතාම හොඳ වැඩපිළිවෙළක් තියෙනවා. දරුවන්ගේ මානසික සෞඛ්‍ය රැකෙන වැඩපිළිවෙළක් ඔස්සේ තමයි ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන්නේ.

අපි උදේ හයයි තිහට ඉස්කෝලේ සෙත් පිරිත් කියන්න පටන් ගත්තා. දරුවෝ ශිෂ්‍යත්ව විභාග ලියල එන තුරුම ඒ අයගෙ මේසේ උඩ පහනක් පත්තු කරල ඒ සෙත් පිරිත් ගායනය එලෙසම කෙරෙනවා. අපි ඉතින් දරුවො ටික විභාග ලියල එද්දි ඉස්කෝලේ ඇතුලෙම දරුවන්ට කෑම ටික ලෑස්ති කලා. මොකද අපිට මේ ඉස්කෝලේ ගෙදර වගේ. දරුවන්ට ඇත්තටම ගෙදරක ජීවත් වෙන පරිසරයක් මේ පාසැල් භූමිය තුළ ගොඩනැඟිලා තියෙනවා. ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් හවස උදෑසන පන්ති කෙරෙද්දී ඔවුන්ට අවශ්‍ය කෑම බීම සකස් කරල දුන්නා අපි පාසල් ඇතුලෙ දිමයි . එරියාව ගමේ අපිට මේ පාසල සම්පතක්. මේ පාසලෙන් බිහි වුණු මහා ප්‍රාඥයෝ රටේ බැබළෙනව ඕනතරම්. ඉතින් ගමේ උන් විදිහට විදියට අපිට ඊට වඩා සතුටක් කොහින්ද?. එරියාව පාසලට කැප වෙලා වැඩ කරන එක එරියාව ගමේ මිනිස්සුන්ගෙන් පාරම්පරික පුරුද්දක්. ඇත්තටම මේ පුරුද්දෙන් අත් මිදෙන්න අපිට බැහැ. ඒ ඔස්සේ අපේ දරුවො ලබන ජයග්‍රහණයේ වටිනාකම වචන වලින් විස්තර කරන්නත් බැහැ.”

ඔහු ඉතා හැඟුම්බරව පැවසුවේය .

පාසලේ විදුහල්පති අනිල් ගාමිණී විජේරත්න  පැවසුවේ වෙනදා මෙන්ම බලාපොරොත්තු සහගතව ශිෂ්‍යත්ව විභාගයට මෙවර දරුවන් ඉදිරිපත් කළ බවයි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නඩු භාණ්ඩ පෙන්වන්න ගිය මන්න රමේෂ්ගේ ගෝලයා පොලිසිය සමග පොර කා මිය ගිය හැටි පොලිසිය කියයි!

Next Post

අයහපත් කාලගුණ තත්ත්වය මහනුවර දිස්ත්‍රික්කයේ දෙසීය හතලිස් දෙකක් අසරණයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.