අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නඩු භාණ්ඩ පෙන්වන්න ගිය මන්න රමේෂ්ගේ ගෝලයා පොලිසිය සමග පොර කා මිය ගිය හැටි පොලිසිය කියයි!

by editor
ඔක්තෝබර් 15, 2023
in පුවත්
former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission
Share on FacebookShare on Twitter

අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි සැකකරුවෙක් නඩු භාණ්ඩ පෙන්වන්නට යන අතර පොලිස් අත් අඩංගුවේ දී මිය ගොස් තිබේ.

පොලිිසිය පවසන්නේ පොලිස් ජිප් රථයකින් අවිස්සාවේල්ල මානියම්ගම ඇත්පන්තිය පාරේ ගමන් කරද්දී මාංචු සහිව සිටි සැකකරු පොලිස් නිලධාරියෙකුගේ ගෙල මාංචුවලින් සිර කර ඝාතනය කිරීමට උත්සාහ කළ බවත් අනෙකුත් නිලධාරීන් එම පොලිස් නිලධාරියා බේරා ගැනීමට යෑමේ දී සැකකරු මිය ගිය   බවත්ය.

පොලිස් අත් අඩංගුවේ දී ඝාතනය වූ සැකකරු මන්නා රමේෂ් නැමැති පුද්ගලයාගේ මෙහෙයවීමෙන්  අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දූව ප්‍රදේශයේ දී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ද්විත්ව ඝාතනයක් සිදු කර පුද්ගලයින් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ ඝාතකයා සමග පැමිණි පැදිකරු බව වාර්තා වේ.

පොලිසිය සිය නිවේදනයෙන් ප්‍රකාශ කරන සිටින්නේ මෙවැන්නකි.

මෙම ඝාතන සැකකරු හොරොයින් ග්‍රැම් 06යි මිලිග්‍රෑම් 170ක් සමග පසුගිය දා විශේෂ කාර්ය බලකාය මගින්  අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශනය සඳහා  ඔහුව හම්බන්තොට පොලිසියට භාර දී තිබිණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අනතුරුව    මෙම සැකකරු පසුගිය 12 වැනිදා අපරාධය සිදුවූ ප්‍රදේශය ආවරණය කරන අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට රැගෙන ගොස් පසුව අවිස්සාවේල්ල  මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර  ප්‍රශ්න කිරීම සඳහා     පැය 72ක්    රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.

පොලිසියට අනුව  ප්‍රශ්න කිරීමේ දි අනාවරණය කරගත් තොරතුරු මත අද (15)   අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සැකකරු ද රැගෙන පොලිස් ජිප් රථයකින් අවිස්සාවේල්ල මානියම්ගම ඇත්පන්තිය පාර ප්‍රදේශයට පිටව ගොස් තිබේ.

පොලිසිය කියන්නේ ඔහු ජිප් රථයේ යනවිට පැළඳ සිටි මාංචු වලින් පොලිස් නිලධාරියෙකුගේ ගෙල සිරකිරීමට උත්සාහ කළ බවය.

එම අවස්ථාවේ එම නිලධාරියා බේරා ගැනීමට කටයුතු කිරීමේ දී ඇති වූ තත්ත්වයක් මත සැකකරු හා එම පොලිස් නිලධාරියා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

පොලිසිය පවසන පරිදි  තුවාල කරුවන් දෙදෙනාම අවිස්සාවේල්ල රෝහලට ගෙන ගොස් ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු සැකකරු මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 පමණ වන අවිස්සාවේල්ල මානියංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු හෙරොයින් සන්තකයේ තබා ගැනීම, ජීව අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීම, තියුණු ආයුධවලින් පුද්ගලයෙක් කපා කොටා බරපතල තුවාල කිරීම, සම්බන්ධව අවිස්සාවේල්ල අධිකරණයේ නඩු පැවරී ඇති පුද්ගලයෙක් බව පොලිසිය කියයි.

අවිස්සාවේල්ල පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්ථාන සහ එංගලන්ත තරගය අතර භූ කම්පනයකින් දිල්ලිය සෙලවෙයි….

Next Post

එරියාව ඉස්කෝලේ ශිෂ්‍යත්ව මංගල්ලය…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.