සුසන්ත අමරබන්දු –
රාඡ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරු මත අක්කරපත්තු පොලිස් බල ප්‍රදේශයේ අලිගම්බ ගම්මානේ හිටපු එල්ටීටීඊ සංවිධානයේ රාධා බලකායේ සාමාජිකයෙක් සහ තවත් අයෙකු ගිනි අවි දෙකක් සමග අක්කරපත්තුව පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ ( 13 ) අත්අඩංගුවට ගන්නා ලදි. .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට නිෂ්පාදිත බොර 12 වර්ගයේ තුවක්කු දෙකකි.
අදාළ සැකකරුවන් අක්කරපත්තුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ මඟ පෙන්වීමෙන් අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්නගේ සහ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ මග පෙන්වීම මත , සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් කුමාරගේ අධීක්ෂණයෙන් අක්කරපත්තු පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංගගේ මෙහෙයවීමෙන් උ.පො.ප.අජීත්, පො.සැ. විජේරත්න (40205),පො.කො. මුණසිංහ (61169),පො.කො. ලක්මාල් (61407),සි.අ.බ. ජෙසිල්(12623) ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කරන ලදී.