බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්සට ජනමත විචාරණයක් ඉල්ලා සමගි ජනබලවේගයෙන් අධිකරණයට පෙත්සමක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජනබලවේගය විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ.

ඒ පිළිබඳ කරුණු දක්වමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

සමගි ජන බලවේගය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි යමි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයකට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතුය යන පදනම මත එම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදී.

මෙවන් අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කරනු ලබන්නේ එලෙස අභියෝගයට ලක් කරන ලද වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ සඳහන් ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට පටහැනිද සහ එසේනම් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍යද යන සීමිත කරුණ පමණක් සලකා බලයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පනත් කෙටුම්පතෙහි සඳහන් ප්‍රතිපාදන ප්‍රතිපත්තිමය වශයෙන් හොඳද නරකද යන කාරණා සලකා බැලීම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විෂය පථයට අයිති වන්නේ නැත.

පනත් කෙටුම්පතෙහි සඳහන් ප්‍රතිපාදන ප්‍රතිපත්තිමය වශයෙන් ලංකාවට හොඳද නරකද යන කාරණය පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතුය. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය (නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අනුව) ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් මෙම තීරණය ගත යුතුය.

සමගි ජන බලවේගය මුල සිටම සිටින ස්ථාවරය වන්නේ විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කිසි ලෙසකින් හෝ සම්මත නොවිය යුතු බවයි. මීට ප්‍රධාන හේතු ලෙස පහත කරුණු සඳහන් කළ යුතුය.

යෝජිත සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාවක් ස්ථාපිත කිරීමට යෝජනා කොට ඇත. යෝජිත සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් ඉහළ අධිකරණ වල විනිසුරුවරුන් පත් කිරීමේදී, ඉහළ රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේදී (නීතිපති, පොලිස්පති සහ විගණකාධිපති ඇතුළු) සහ ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත්කිරීමේදී පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ පමණක් ලබාගෙන, එකී නිරීක්ෂණය කුමක් වුවද ස්වඅභිමතය පරිදි එම පත්කිරීම් සිදුකිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ. ඒ අනුව මෙම සියලු ආයතන දේශපාලනීකරණය වීමේ දැඩි අවදානමක් තිබෙන බව අවධාරණය කළ යුතුය.

පොලිස් සේවයද, මැතිවරණ කොමිසමද, රාජ්‍ය සේවයද, විසින් මෙලෙස දේශපාලනීකරණය කිරීමේ නින්දිත උත්සාහයක ආණ්ඩුව යෙදෙන බව පැහැදිලිය.

මීට සමගාමීව යෝජිත සංශෝධනය මගින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලබාදී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පිළිගැනීම අහෝසි කිරීම, විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම සහ ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරීම සිදුවනු ඇත.

මේ අනුව මෙම ප්‍රතිපාදන මගින් ආණ්ඩුව උත්සාහ දරන්නේ වංචාවට සහ දූෂණයට දොර විවෘත කිරීම බව පැහැදිලිය.

යෝජිත සංශෝධනය මගින් හදිසි පනත් ඉදිරිපත් කිරීමට ප්‍රතිපාදන සලසා ඇත. එනම් සාමාන්‍ය පනතක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට මහජනතාවට ඇති අයිතිය උදුරාගෙන ආණ්ඩුවට ඕනෑම අවස්ථාවක පනතක් හදිසි යයි පවසා සෘජුවම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ හැක. එවන් පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ද නැද්ද යන වග අධිකරණය විසින් පැය විසි හතරක් වැනි කෙටි කලක් ඇතුළත තීරණය කළ යුතුය. මෙමගින් මහජනතාවට අධිකරණය ඉදිරියට යාමට ඇති අයිතිය උදුරා ගන්නා අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් සම්මත වීමේ අවදානම ද වැඩි වනු ඇත.

තවද ද්විත්ව පුරවැසියන්, එනම් වෙනත් රාජ්‍යයන්ට පක්ෂපාතිත්වය දිවුරා ඇති පුද්ගලයන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස හෝ ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඉඩප්‍රස්ථාව සලසනු ඇත.

සැබැවින්ම ලක්මවට ආදරය කරන සහ ලක්වාසී ජනතාවට සේවය කිරීමේ අභිප්‍රායන් සිටින පුද්ගලයෙක් වෙනත් රටක තිබෙන පුරවැසිභාවය අත් නොහැරීමට කිසිම හේතුවක් නොමැත.

ඒ අනුව මෙම ප්‍රතිපාදනය මගින් වෙනත් රටවලට ඇති පක්ෂපාතීත්වය අත්හැරීමට සූදානම් නොමැති පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීමට හෝ ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහයක නියැලෙන බව පෙනී යන කරුණකි. එවන් පුද්ගලයන්ට ජාතික ආරක්ෂාව පිළිබඳ තීරණ ගැනීමට හෝ ආරක්ෂාවට බලපාන ගිවිසුම්වලට එළැඹීමේ තීරණවලට සම්බන්ධවීමට හෝ වෙනත් රටවල් සමඟ වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් තීරණවලට සම්බන්ධවීමට අවස්ථාවක් ලැබිය හැක.

මෙය ජාතික ආරක්ෂාවට සහ ජාතික ආර්ථිකයට බරපතළ තර්ජනයකි.

යෝජිත සංශෝධනය මගින් ජනාධිපතිවරයා වෙත බලය කේන්ද්‍රගත වීමක් වන අතර, ඔහුව සුපරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුවට ඇති බලය කප්පාදු කිරීමක් සිදුවනු ඇත. ජනාධිපතිවරයා ඒකාධිපතියෙක් ලෙස කටයුතු කලත් ඔහුව ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට ඇති බලය ප්‍රායෝගිකව ශුන්‍ය කර ඇත.

පළමුව ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය යෝජිත සංශෝධනය මගින් දීමට අදහස් කරයි. මෙය සීමාවන්නේ පෙර පාලිමේන්තුව කලින් විසුරුවා ඇති අවස්ථාවක පමණි. එවන් අවස්ථාවක වුවත් පාර්ලිමේන්තුව මුලින් රැස් වූ දිනය සිට වසරක කලක් ගත වූ පසු (කාරක සභා අවස්ථාවේදී ගෙනෙන බවට පොරොන්දු වුණු සංශෝධනය ගෙනාවොත් මෙය වසර දෙකහමාරක් වනු ඇත) පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක.

ජනතාවගේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වන ව්‍යවස්ථාදායකය නොහොත් පාර්ලිමේන්තුව එක් පුද්ගලයෙකුගේ ඕනෑ එපාකම් මත ශුන්‍ය කිරීමට හැකිවනු ඇත.

දෙවනුව පත් කළ හැකි අමාත්‍යවරුන් සංඛ්‍යාවේ සීමාව ඉවත් කිරීම තුළින් ජනාධිපතිවරයාට අමාත්‍යවරුන් අති විශාල සංඛ්‍යාවක් පත් කළ හැක.

තවද වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇමතිකම් තීරණය කිරීමේදී එම පත් කිරීම් (සහ ධුරයෙන් ඉවත් කිරීම) සිදුකරන්නේ පාර්ලිමේන්තුව විශ්වාසය තිබෙන අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතය. යෝජිත සංශෝධනයට අනුව ඇමතිකම් තීරණය කරන්නේ ජනාධිපතිවරයා තම අභිමතය පරිදිය. එලෙසම ජනාධිපතිවරයාට සංශෝධනයට අනුව ඕනෑම අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා වුවද ධුරයෙන් ඉවත් කළ හැක.

මෙලෙස අමාත්‍යවරුන් ඕනෑම සංඛ්‍යාවක් පත් කිරීමට හා තම අභිමතය මත ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති වාතාවරණයක් තුළ ජනාධිපතිවරයා තම බලය නුසුදුසු ආකාරයට භාවිතා කළත් ප්‍රායෝගිකව එය පාර්ලිමේන්තුව විසින් ප්‍රශ්න කිරීමක් සිදුවේ යැයි අපේක්ෂා කළ නොහැක.

දැනටමත් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට සහ රටට අහිතකර බව ගරුතර මහා සංඝරත්නය විසින් අවධාරණයක් කර ඇති අතර, කතෝලික සභාවත්, ජාතික ක්‍රිස්තියානි සභාවත් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට සහ රටට අහිතකර බව අවධාරණය කර ඇති බව සඳහන් කළ යුතුය.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අපේක්ෂිත සංශෝධන සිදු වුවහොත් ජනාධිපතිවරයා වෙත බලය කේන්ද්‍රගත වීමක් සිදුවන අතර රට තුළ ඒකාධිපති පාලනයක්, දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවයක් සහ දේශපාලනීකරණය වූ කොමිසන් සභා ඇතිවීමත්, පාර්ලිමේන්තුව අඩපණ වීමත්, විදේශීය රාජ්‍යයන්ට පක්ෂපාතී පුද්ගලයන් පාර්ලිමේන්තුවට සහ ජනාධිපති ලෙස පත් වීමට ඉඩ ප්‍රස්ථාව ඇතිවීමත්, වැනි ඉතාම බරපතල තත්ත්වයන්ට මුහුණ දීමට ලක්වාසී ජනතාවට සිදුවන බව නොඅනුමානය. ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කළ යුතු බව සමගි ජන බලවේගයේ මතයයි.

රංජිත් මද්දුමබණ්ඩාර
මහලේකම්,
සමගි ජනබලවේගය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්ටීටීඊ රාධා බළකායේ හිටපු සාමාජිකයෙක්  තුවක්කු දෙකක් සමග අත්අඩංගුවේ..

Next Post

නිශාරා ජයරත්නගේ හඬින් කලබල වූ රිෂාඩ් බදූර්දීන් වාහනෙන් බැස අතුරුදන්වෙලා

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.