අපේ කාලයේ විශිෂ්ටම දිසාපාමොක්වරයා ලෙස ජාතිය ඉදිරියේ අසීමිත ගෞරවයට හා ආදරයට ලක්වූ අමිල ප්‍රසාද් ජයසේකර හෙවත් “එරියාවෙ අමිල සර්“ මරණයේ අඳුරු සෙවැනලි අතර ජීවිතය සමග පොර බදමිනි.
අමිල ප්‍රසාද් ජයසේකර යනු වන අලි ගහන කැලෑවක හුදකලා වූ එරියාව නැමති දුර්ග පාසල ලංකාවේ විශිඨතම ශිෂ්‍යත්ව ප්‍රතිඵළ ගෙනා “හරි පුදුම ඉස්කෝලය“ බවට පත් කළ තරුණ ගුරුවරයාය.

අප විශ්වාස කරන අකාරයට මේ රට අමිල ගැන දන්නේය.
ස්ටැනයින් පරිමාණ දර්ශකයට අනුව ඒරියාව ප්‍රාථමික පාසල වර්ෂ 2016 දී හා වර්ෂ 2019 දී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේත්, වර්ෂ 2017 -2018 වසරවල දෙවන ස්ථානය හිමි කරගත්තේත් මේ විශ්මිත ගුරුතුමා නිසාය.
එරියාව කනිෂ්ට විද්‍යාලය මහව අධ්‍යාපන කලාපයේ වන අලි ගහන අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි කුඩා පාසලකි. එය දුගී ගැමියන්ගේ දරුවන් අධ්‍යාපනය ලබමින් සිටිය දී වැසී ගොස් තිබිණි. උපාධිධාරී ගුරුවරයෙක් ලෙස තමන් පළමු පත්වීම ලද දුගී පාසල ස්වකීය විදුහල්පතිවරයා හා එක්වී ලංකාවේ හොඳම ප්‍රතිඵල සහිත පාසල කළේ ඔහුය.
විදුහල්පතිවරයා සහ ගුරුමණ්ඩලය සමග එක්ව ඔහුටම ආවේනික වූ ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකින් පාසල ඵලදායී ඉගනුම් කේන්ද්‍රයක් කර ජීවිතය විඳින ගමන් අධ්‍යාපනය ලබන්නට හැකි වාසනාව දරුවන්ට ආදර්ශයක් කළ ගුරුවරයා අමිලය.
අමිලගේ වික්‍රමය රටේ සෑම මාධ්‍යයකටම විෂය වූයේය. කැපකිරීම සහිත උසස් මනසකින් යුතු පුද්ගලයෙකුට ක්‍රමයක් වෙනස් කර විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කර දිය හැකි බව පෙන්වූ ප්‍රායෝගික ලාංකිකයන් අතර ඔහු සිටියේ බොහෝ ඉදිරියෙනි.
ඔහු මේ වනවිට බිහිසුණු අක්මා රෝගයකින් පෙළෙන්නේය. ඔහුගේ ජීවිතය රඳා පවතින්නේ සිදුකළ යුතු අක්මා බද්ධ සැත්කමකිනි. සැත්කම සිදුකළ යුතු වන්නේ ඉන්දියාවේ චෙන්නායි වලය.
ඒ වෙනුවෙන් ඔහුගේ සරසවි සගයින් විශේෂ ව්‍යාපෘතියක් දියත් කරමින් ඇත්තේය. ලංකා බැංකුවේ පොතුහැර ශාඛාවේ ගිණුම් අංක 88863734 යටතේ J.A.A.P. Jayasera (අමිල ප්‍රසාද් ජයසේකර) නමින් මෙම ආධාර ව්‍යාපෘතිය දියත් කර තිබේ.
ඒ අතර ඔහුගෙන් නැණැස පාදා ගත් දරුවන්ගේ දෙමාපියෝ අමිල සර් ගොඩ දැමීම සඳහා මුදල් එක් කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට සූදානම් වූහ.
“මට ඒ සල්ලි එපා… දරුවන්ට ඉගැන්නුවෙ අසීමිත ජීවිත පරමාර්ථයකින්…“
මරණය දකිමින් සිටින මේ මහා මිනිසා සිය සිසු දරුවන්ගේ දෙමව්පියන්වෙත ලෙඩ අඳේ වැතිරී ඒ වග ලියා තිබුණේ මෙසේය.
“හිතවත් දෙමාපියනි,
2020 වසරේ මා ඔබගේ දරුවා සිටින 3 ශ්‍රේණිය පන්තිය භාර ගත්තෙමි. එම පන්තියේ වැඩ කටයුතු මා ඉතා සාර්ථක ලෙස 2021 අග භාගය දක්වා කරමින් ඔබගේ දරුවන් ඉහළම තැනකට ඔසවා තැබූ බව ඔබ පිළිගනීවි යැයි මම සිතමි.
නමුත් 2021 අග භාගය වන විට මා ක්‍රමයෙන් අසනීප වූ අතර අවසානයේ එය දරුණු අක්මා රෝගයක් බව තහවුරු විය. එහෙත් ඒ පිළිබඳව ද කිසිත් නොසිතා ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක ලෙස කරගෙන යාමට උත්සාහ දැරුවෙමි. එහෙත් රෝගය මීට වඩා දරුණු විය.
තව දුරටත් මට ඔබගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දීමට ශක්තියක් නොමැත. මම මේ පිළිබඳව ඊයේ රාත්‍රියේ දී විදුහල්පති තුමාද දැනුවත් කළෙමි. නැවත මා මෙම පන්තිය සම්බන්ධව කිසිදු කරුණකට මාගේ සම්බන්ධතාවක් නොදක්වමි. ඔබ සියලු දෙනා විදුහල්පති තුමාගේ මග පෙන්වීම මත මෙම පන්තිය සදහා ස්ථීර ගුරුවරයෙක් ලබා ගැනීමට කටයුතු කරන්න. ඔහු හෝ ඇය සමග එකමුතුවෙන් කටයුතු කර තම දරුවන්ගේ ජයග්‍රහණය වෙත ගමන් කරන්න. පෞද්ගලික කරුණු වෙනුවට පොදු අරමුණු කරා ගමන් කරන්න. නැතිනම් විනාශය අත ළග බව සිහි තබා ගන්න .
නැවත කිසි දිනක මෙසේ ඔබට කතා කිරීමට කටයුතු නොකරමි. ඔබ මා වෙනුවෙන් එකතු කරන කිසිදු මුදලක් මා භාර නොගන්නා බවත් මෙයින් ඔබට දන්වා සිටිමි. එය මාගේ ගිණුමක හෝ තැන්පත් නොකිරීමට වග බලා ගන්න .එම මුදල කිසිසේත්ම භාර නොගන්නා බව ප්‍රකාශ කරමි. හොදින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරවන්න. විදුහල්පති තුමාගේ උපදෙස් මත පමණක් කටයුතු කරන්න .







