බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එයාබස් ගනුදෙනුවෙන් ශ්‍රී ලංකන් සමාගමට සිදුවුන බිලියන 17 පාඩුව අයකරගන්නා හැටි විගණනය කියයි!…

පාඩුව හිටපු විධායක නිලධාරියාගෙන් සහ එයාබස් සමාගමෙන් අය කරගන්න කටයුතු කරන්නැයි නිර්දේශයක්....

by editor
නොවැම්බර් 18, 2022
in පුවත්
Air-Bus
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

  • ගුවන් යානා 04ක් මිලදි ගැනිමේ  ගණුදෙනුවේ දි සමාගමට රුපියල් මිලියන 16,924.36ක  පාඩුවක්.

  • ගුවන් සමාගමේ  එවකට හිටපු  ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරියට අයත්  සමාගමකට  ගෙවිම් කිරිමට  එයාර්බස් සේවකයින්  එකඟවෙලා.

  • රටේ විදේශ විනිමය අර්බුදයක් තිබියදි යළිත් ගුවන් යානා තුනකට පෙර ගෙවුම් ලෙස   රුපියල් මිලියන  2528.12ක  මුදලක් ගෙවලා.

  • හිටපු  ප්‍රධාන විධායක නිලධාරියාට  එරෙහිව, සමාගම විසින්  කිසිදු ක්‍රියාමාර්ගයක්  ගෙන නැහැ.

  • සමාගමට සිදුවු අලාභය අයකරගැනිමට  එයාර්බස් සමාගමට සහ  හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව කටයුතු කළයුතු බවට විගණනයෙන් නිර්දේශ.

  • ගුවන් යානා මිලදි ගැනිම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නැහැ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින්  A 350-900  ගුවන් යානා 04ක්  බදු පදනම මත ලබාගැනීම සඳහා වු  බදු ගිවිසුම අවලංගු කිරීමේ ක්‍රියාවලියේ දී  රුපියල් මිලියන 16,924.36ක ( බිලියන  16.9243ක)  අලාභයක් ගුවන් සාමගමට සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

කෙසේවුවද  මෙම ගණුදෙනුවට අදාළව  එවකට  ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරියට අයත්  සමාගමකට  ගෙවීම් කිරීමට  එයාර්බස් සේවකයින්  එකඟ වී තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

මේ බව එක්සත් රාජධානියේ  ක්‍රවන් උසාවියේ තින්දුවෙන්  ද අනාවරණය වි තිබුණි. මේ නිසා නීති උපදෙස් මත පදනම්ව   ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එස්.ඒ.එස්. එයාර්බස් සමාගමෙන් A 350-900   ගුවන්යානා, මිලදී ගැනිමේ ගිවිසුම අවසන් කර තිබුණි.

ශ්‍රීලන්කන්  ගුවන් සමාගම විසින්   එස්.ඒ.එස්. එයාර්බස් සමාගම සමග  ගුවන් යානා මිලදි ගැනිම සඳහා ගිවිසුම්ගතව තිබු අතර .2016/2017 යන වර්ෂයන් වලදී  මෙම ගුවන් යනා ලබාදීමට නියමිතව තිබුණි.  

පෙර ගෙවුම් ලෙස එස්.ඒ.එස්. එයාර්බස් සමාගම වෙත ගුවන්යානා ගනුදෙනුව සඳහා  රුපියල් මිලියන 16,924.36ක  මුදල ගෙවා තිබුණි. ගුවන් සමාගමේ   හිටපු  ප්‍රධාන විධායක නිලධාරියාට  එරෙහිව, සමාගම විසින්  කිසිදු ක්‍රියාමාර්ගයක්  ගෙන නොතිබු අතර  අලාභය අය කරගැනීමට කටයුතුකර නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මේ නිසා සමාගමට සිදුවු අලාභය අයකරගැනිමට  එයාර්බස් සමාගමට සහ  හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට  එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ අතර  2020/2021 යන වර්ෂවල  ලැබිමට නියමිත ව තිබු  A 350-900 මෙම ගුවන්යානා 04 වෙනුවට   A 321 නියෝ සහ A 330 නියෝ   ගුවන් යානා මිලදී ගැනීමට සමාගම හා එස්.ඒ.එස්. එයාර්බස් සමාගම අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබුණි. 

මෙම වර්ෂයේ ඔක්තෝබර් මස 03වැනි දින වනවිට  ගුවන් යානා ලබා ගැනීමේ   පෙර ගෙවුම් ලෙස තවත් රුපියල් මිලියන  2528.12ක ( ඇමරිකානු ඩොලර් මිලියන  19.21)  මෙම සමාගම වෙත ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින්  මේ පිළිබඳ විගණනයට සඳහන් කොට ඇත්තේ  එයාර්බස් සමාගමේ  සේවකයින් විසින්  ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ  හිටපු ප්‍රධාන විධායක  නිලධාරියාගේ බිරිදට අයත්  සමාගමකට, ගුවන් යානා මිලදී ගැනිමේ ගනුදෙනුවට බලපෑම්  සිදුකිරීම සඳහා  ගෙවිම් කිරීමට එකඟ වී තිබු බවය.  

ඒ අනුව ශ්‍රිලන්කන් ගුවන් සමාගමට A 330-300 ගුවන් යානා 06ක් ,A 300-350 ගුවන් යානා 04ක්, මිලදී ගැනීමට හා   A 350-900  ගුවන්යානා 04 ක් කුලී පදනම මත ලබා ගැනීමේ ගනුදෙනුවට බලපෑම්  සිදුකිරීම සඳහා  ගෙවිම් කිරීමට එකඟ වී තිබූ බවය. 

මෙකී ගුවන් යානා මිලදි ගැනීම සඳහා ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින්  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව  තින්දුකොට තිබුණි.

එමෙන්ම  ඒ සදහා විධිමත් පිරිවැය  ප්‍රතිලාභ විශ්ලේෂණයක්ද  සිදුකර නොතිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුරා බද්දට වංගු ගසන බදු හොරුන් ඉදිරියේ  අන්ධයින් වූ ගොබ්බයින්ගේ  කතාව!

Next Post

අන්තරේ විරෝධතාවය ඇරඹෙයි…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.