අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උසස් රසායනාගාරයක් නොමැතිකම බාල ඖෂධ ගලා ඒමට හේතුවයි – වෛද්‍ය විශේෂඥවරු චෝදනා කරති…

by Lanka Sara Editor
ජූලි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා උසස් රසායනාගාරයක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳපොළට බාල තත්ත්වයේ ඖෂධ ගලා ඒම නිසා ඇතැම් අවස්ථාවල රෝගීන් ජීවිතක්ෂයට පත්වන බව වෛද්‍ය විශේෂඥයෝ චෝදනා කරති.

ඩේලිමිරර් වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසා තිබුණේ වැඩි වශයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරන ඖෂධවල ප්‍රමිතිය නියාමනය කිරීමේ නිසි යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවට නොමැති බවයි.

“රටට එන සියලුම ඖෂධ කාණ්ඩවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතීතනය සහිත උසස් රසායනාගාරයක් ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවත් සිදුවෙමින් පවතින්නේ ඖෂධවල ප්‍රමිතිය රෝගීන් හරහා පරීක්‍ෂා කිරීම බව මෑත සිදුවීම්වලින් පැහැදිලි වන පරිදි මරණ සහ සංකූලතා ඇති විය හැකි බවත් වෛද්‍ය අලුත්ගේ සඳහන් කරයි.

“සුදුසු ආයතනයක් සමඟ සහයෝගයෙන් තත්ත්ව සහතික රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු,” ඔහු වැඩිදුරටත් කියා තිබේ.

හදිසි මිලදී ගැනීම් යටතේ ලියාපදිංචි නොකළ ඖෂධ තොගයක් රට තුළට ඇතුළු වී තිබීම වෛද්‍ය වෘත්තිකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බව වෛද්‍ය අලුත්ගේ සඳහන් කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න ඩේලි මිරර් වෙත පවසා තිබුණේ “රට කුමක් වුවත් ඖෂධ ඇගයීම සහ වැඩිදියුණු කිරීමේ ස්වාධීන යාන්ත්‍රණයක් පවතින බවයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) නියමිත ක්‍රියාවලිය ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව වෛද්‍යවරුන් සහ ජනතාව අතර දැඩි විශ්වාසය කඩ වීමක් සිදුව ඇති බව සභාපතිවරයා කියා තිබේ.

“හදිසි පදනමක් මත නිශ්චිත ඖෂධ ආනයනය කිරීමට පහසුකම් සලසන ලියාපදිංචිය අත්හැරීම (WOR)   මගින් ඖෂධ කිහිපයක් ආනයනය කරන බව අපි දකිමු. කෙසේ වෙතත්, NMRA එම ක්‍රියාවලියද උල්ලංඝනය කර ඇති අතර, ඇතැම් ඖෂධවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් බරපතළ ගැටලු ඇති කරන බවද ඔහු තර්ක කර තිබේ.

“මේ ආකාරයට ඖෂධ නියාමන යාන්ත්‍රණය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව පෙනී යන අතර එම ඖෂධ පිළිබඳ හොඳ පරීක්‍ෂණයක් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් විග්‍රහයක් වහා සිදු කළ යුතු බව වෛද්‍ය ආරියරත්න  වැඩිදුරටත් පවසා තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ යලේ  ගාල්ලේ දී   අස්වද්දා ඇත්තේ  ඉලක්ක කළ කුඹුරුවලින් සියයට 50යි… කෘෂිකර්ම බලධාරීන් කියයි!    

Next Post

එවරස්ට් කන්ද අසලදී 6ක් සමඟ හෙලිකොප්ටරයක් අතුරුදන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.