අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උමා ඔය කොන්ත්‍රාත්කරු සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව රටට කළ ජරා වැඩේ මෙන්න… 

වාරිමාර්ග නිලධාරින් කොන්ත්‍රාත්කරු එක්ක ඩිල් දාල ද?...

by editor
අප්‍රේල් 24, 2024
in පුවත්
Iran
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • උමගෙන් සිදුවූ ජල කාන්දුවට කොන්ත්‍රාත්කරු රක්ෂණ වන්දි ලෙස ඩොලර් මිලියන 82ක් අරන්… ජල කාන්දුවේ වින්දිතයන් වූ දහස් ගණනක් වෙනුවෙන් කොන්ත්‍රාත්කරුගෙන් වන්දි අය කරගෙන නෑ…

  •  අමාත්‍යා මණ්ඩල නිර්දේශ නොසලකා කොන්ත්‍රාත් කරුගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කරලා… එයින් රජයට සිදුවූ බරපතල පාඩුව අයකරග්න්න ක්‍රමයක් සලකා නෑ… 

  • උමා ඔය ව්‍යාපෘතියට අදාලව අමාත්‍ය මණ්ඩල සංදේශ 66ක්  ඉදිරිපත්කොට තිබුණත්  එම කිසිදු අවස්ථාවක  මේ ගැන   අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරිමට  වාරිමාර්ග අමාත්‍යංශය කටයුතු කර නෑ.

  • ඇමරිකානු ඩොලර් මිලියන 26.453ක් අය කරගත හැකිව තිබුණත් කොන්ත්‍රාත් කරුගෙන් අයකරගෙන තියෙන්නේ ඩොලර් මිලියන 6.6 යි..

  • පිස්සුවෙන් වගේ  කාටවත් බනින්න එපා… අවුරුදු හත හමාරක් ප්‍රමාද වී  ව්‍යාපෘතියෙන් බිලියන 150ක් පාඩු වෙන්න ඇත්ත හේතුව ගැන  විගණනයෙන් අහන්න… 

උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන  උමගෙහි ඇතිවු ජලකාන්දුව සදහා වින්දිත පාර්ශව වෙනුවෙන් රජය මගින් ගෙවනු ලැබු වන්දි මුදල අදාල කොන්ත්‍රාත්කරුගෙන් අයකරගත යුතු බවට  රජයේ ගිණුම්කාරක සභාව විසින් නියෝග කොට තිබුනද ඉකුත් වර්ෂයේ 2023 අප්‍රේල් මස 30 වන දින වනවිටත්  කොන්ත්‍රාත්කරුගෙන් රුපියල් මිලියන 1124.62ක මුදලක් අයකරගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

උමගෙයි ඇතිවු ජලකාන්දුව සඳහා වන්දි වශයෙන්  කොන්ත්‍රාත්කරු විසින් අදාල රක්ෂණ සමාගමෙන්   ඇමරිකානු ඩොලර් 8,155,981 වන්දියක්  ලබාගෙන තිබුණි.

කොන්ත්‍රාත්කරු විසින්  වින්දිත පාර්ශව වෙත  වන්දි මුදල් ගෙවිය යුතුව තිබුණි.

එහෙත්  රජය විසින්   2021 වර්ෂයේ අගෝස්තු මස  31 දින වනවිට    රුපියල් මිලියන 1931.34ක මුදලක්  වන්දි වශයෙන් වින්දිත පාර්ශව වෙත ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ලබාදි ඇති නියෝග  ක්‍රියාත්මක කළයුතු බවට  විගණනය මගින් නිර් දේශකොට ඇත. 

රජයට අයවිය යුතු මුදල  අයකිරිමට ප්‍රමාදවන කාලසිමාව සදහා  වාණිජ්‍ය බැංකු පොලි අනුපාතය මත  ගණනය කළ පොලියද සමග  කොන්ත්‍රාත්කරුගෙන්  අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබද වාරිමාර්ග අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්  හා සාමාජිකයින් 14 දෙනෙකුගේ  සහභාගිත්වයෙන් පවත්වනු ලැබු සාකච්ඡාවේ දි මේ සම්බන්ධයෙන් නිතිපති උපදෙස් නිතිපති දේපාර්තමේන්තුවෙන් ලබාගතයුතු බවට තින්දු කළ බවය. ඒ අනුව අමාත්‍යංශ නිති නිලධාරි වෙත  අවස්ථා දෙකකදි  නිතිමය උපදෙස් ලබා ගන්නා ලෙස  ඉල්ලමින් ලිපියොමුකොට ඇති බවය.

කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම – 

උමාඔය සංවර්ධන  ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කාලය දිර්ඝ කිරිමේ දි   රජය වෙත  අමතර වියදමකින් තොරව  දිර්ඝ කරනු ලබන කාලසිමාව තුළ  සියලු ඉදිකිරිම් නිම කර  ව්‍යාපෘතිය විධිමත්ව  රජය වෙත භාරදිමේ කොන්දෙසිවලට යටත්ව  කොන්ත්‍රාත් කාලය දිර්ඝ කිරිමට  අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදි තිබුණි. 

එහෙත්   එම කොන්දෙසිය පිළිබද සැලකිල්ලක් දක්වා නොතිබුණි. ඒ පිළිබද නොසලකා  කොන්ත්‍රාත්කරුවෙත  කාල දිර්ඝයන් ලබාදි තිබුණි. මේ නිසා ශ්‍රිලංකා රජයට සිදුවි ඇති පාඩුව ගණනය කොට කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දෙසි  ප්‍රකාරව  කොන්ත්‍රතාත් කරුගෙන් අයකර ගැනිමේ හැකියාව පිළිබද අවධානය යොමුකොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

මෙකි ව්‍යාපෘතියට අදාලව අමාත්‍ය මණ්ඩල සංදේශ 66ක්  ඉදිරිපත්කොට තිබු නමුත්  එම කිසිදු අවස්ථාවක මේ පිළිබද   අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරිමට  වාරිමාර්ග අමාත්‍යංශය කටයුතු කර නොතිබුණි.

විගණනය මගින් පෙන්වාදෙන ආකාරයට  2015 නොවැම්බර් මස 15 දින සිට 2023 ජුනි මස  30 දක්වා ව්‍යාපෘති කාලය දිර්ඝ කර තිබුණි. කොන්ත්‍රාත් ගිවිසුම අනුව  දිනකට කොන්ත්‍රාත් විටිනාකමින්  සියයට 0.01 වශයෙන්  උපරිමය සියයට 5 දක්වා  ප්‍රමාද ගාස්තු ලෙස  ඇමරිකානු ඩොලර් මිලියන 26.453ක මුදලක් අය කළහැකිව තිබුනද එම ප්‍රමාද ගාස්තු අයකරගෙන නොතිබුණි. 

ප්‍රමාද ගාස්තු ලෙස කොන්ත්‍රාත්කරුගෙන් අයකරගෙනඇත්තේ  ඩොලර් මිලියන 6.6ක මුදලකි. මෙකි ව්‍යාපෘතිය ප්‍රමාද විමට හේතුලෙස  වාරිමාර්ග අමාත්‍යංශය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  ජල කාන්දුව කොවිඩ් වසංගතය, සහ නොයෙකුත් අවිනිශ්චිත තත්වයන් ඇති වි තිබෙන බවය. 

ව්‍යාපෘතියේ ප්‍රමාද කාලය  වසර 08කි. මෙකි ව්‍යාපෘතිය  2023 මැයි මස 15 වැනි දිනට  වසර 07ක් හා මාස 06ක් ප්‍රමාද වි තිබුණි. එහිදි විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලිබලයක් එකතු කිරිම තුලින්  දිනකට විදුලිබල මණ්ඩලයට  මිලියන 55කට නොවැඩි මුදලක්ඉතිරිවනබවට ගණන් බලා තිබුණි. ඒ අනුව මෙකි ව්‍යාපෘතිය වසර  හතහමාරක් ප්‍රමාද විම තුළින්  සිදුවි ඇති පාඩුව  මිලියන 150,562කි. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව සමග මනා හවුල්කාරිත්වයිකින් ඉදිරියට යාමට ඉරානය සූදානම්… ඒ  බව මම සහතික කරනවා! ඉරාන ජනාධිපති ප්‍රතිඥා දෙයි!

Next Post

උපයන විට බද්ද සංශෝධනය කිරීම සඳහා  වෘත්තීයවේදීන් ඉදිරිපත් කළ යෝජනා මාලාව ක්‍රියාත්මක විය යුතුයි…  GMOA අවධාරණය කරයි! 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.