බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උද්ඝෝෂකයන් අතර මත ගැටුමක්… මහින්දට එරෙහි ඉතාලි උද්ඝෝෂණය දියාරු වේ…

by editor
සැප්තැම්බර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අගමැති මහින්ද රාජපක්ෂ  ඉතාලියේ සංචාරය කරන අවස්ථාවේ දී ඉතාලි වාසී ශ්‍රී ලාංකිකයන් සංවිධානය කළ විරෝධතාවයේ දී උද්ඝෝෂකයන් අතර මත ගැටුමක් ඇති වී විරෝධතාවය දියාරු වී ගියේය.

බොලොඤ්ඤවල අගමැතිවරයා නවාතැන්ගෙන සිටි හෝටලය ආසන්නයේ  පැවැත්වූ මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළ බව කියන බොලොඤ්ඤහි වෙසෙන කාන්තාවක් සහ තවත් දෙදෙනෙක් විසින් උද්ඝෝෂණය සඳහා අවසර ගෙන තිබුණේ 40කට පමණි.

කෙසේ වෙතත් පසුව ඒ සඳහා විවෘත ආරාධනාවක් සහිතව දැන්වීමක් අන්තර්ජාලයේ පල විය. එම දැන්වීම අනුව ඉතාලියට අමතරව ජර්මනියේ සහ ප්‍රංශයේ සිටත් ලාංකිකයෝ පැමණ සිටියහ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ පිරිස හතලිහකට සීමා නොකර  සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට ඉතාලි පොලිසියෙන් අවසර ලැබී තිබිණි. එහෙත් උද්ඝෝෂණය සංවිධානය කළ පිරිස ප්‍රශ්න කළේ බොලොඤ්ඤවලට පිටින් මේ උද්ඝෝෂණයට පිරිස් පැමිණියේ කුමක් නිසාද කියාය.

මෙහිදී  ඉතාලියෙන් පිට රටවල සිට පැමිණි විරෝධතා කරුවෝ ප්‍රකාශ කළේ තමන් මේ සඳහා සහභාගී වුනේ පාස්කු ප්‍රහාරය යට ගසමින් සිදුවෙමින් ඇති අකටයුත්තට ලාංකිකයන් ලෙස විරෝධය දක්වන්නට බවත් ඉතාලියේ මිලානෝවල සිටවත් පැමිණ  ලාංකිකයන්ට මෙම උද්ඝෝෂණයට එක්වීමට මේ සංවිධායකයන් ඉඩ නුදුන් බවත්ය.  උද්ඝෝෂණයට එක් වීමට බාධා කළේ පොලිසිය නොව මෙය සංවිධානය කළ පිරිස බවය.

“ මේ අය  විරෝධතාවයට එන පිරිස්  හරවා යැවුවා. නැවැත්තුවා.  එහෙම නොවුනා නම් දහස් ගණන් මිනිස්සු මේ විරෝධතාවයට එනවා.    ආණ්ඩුවේ සල්ලිවලට සැබෑ විරෝධය යටපත් කිරීමට සංවිධායකයන් කටයුතු කළා.“ පිරිසක් චෝදනා කළහ.

අගමැතිතුමා ඉන්නේ ඉදිරියේ ඇති හෝටලක නිසා එම සීමාව පසු කළ නොහැකි බව කී උද්ඝෝෂණය සංවිධානය කළ පිරිස “ඔයාලට ඕන නම් තව ඉන්න… අපි දැන් යන්න ඕන“ කියා පිටව යනු පෙනුනි. “බොලඤ්ඤාවල අපි 15ක් විතර ඉන්නේ. ඔයාලාට එන්න කිව්වෙ කවුද?“ පිටව යන්නට කලින් එක් සංවිධායකයෙක් පැමිණ සිටි උද්ඝෝෂකයන්ගෙන් ඇසුවේය.

කෙසේ වෙතත් පැමිණි විශාල පිරිසක් සාමකාමීව විරෝධතාවයක නිරතව විසිර ගියහ.

කතොලික සභාව වෙනුවෙන් පියතුමන්ලා දෙදෙනෙක් විරෝධතාවයට එක් වූහ. ඔවුන් කීවේ මේ විරෝධතාවයට සිංහල කතෝලික, බෞද්ධ අය පමණක් නොව මුස්ලිම් ජනතාවත් සහභාගී වූ බවත් මේ විරෝධයේ වාර්ගික හෝ දේශපාලනික ආගමික භේදයක් නැති බවත්ය.

“ මේ ඉන්නෙ ලාංකිකයයන්. අපි ශ්‍රී ලාංකිකයන් විදිහට මේ මොහොතෙ බලාපොරොත්තු වෙන්නෙ යුක්තිය. ඒ වෙනුවෙන්  අපි සියල්ල එකතු වුනේ  දේශපාලන අරමුණක් ඉටු කරගන්න නෙමෙයි. වහාම යුක්තිය ඉටු කරන්න. මේකට පිළිතුරක් නොලබා ඉදිරියට යන්න බෑ. උන්වහන්සේ ලා කීහ.

කළු ඇඳගත්ත ජනතාවක්  කළු කොඩිය සිංහ කොඩි  සමග උද්ඝෝෂණයට එක් වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජයග්‍රහණයට ආශ්චර්යයක් අවශ්‍යයයි… පන්දු ඕවර 18ක දී ලකුණු 103කට ශ්‍රී ලංකාව දැවී යයි!

Next Post

ආශ්චර්යක් මැවුනේ නැත… ශ්‍රී ලංකාව කඩුළු 09ක ලජ්ජා සහගත පරාජයක් ලැබුවේය…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.