සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ආශ්චර්යක් මැවුනේ නැත… ශ්‍රී ලංකාව කඩුළු 09ක ලජ්ජා සහගත පරාජයක් ලැබුවේය…

තරගයක් ඉතිරිව තිබිය දී දකුණු අප්‍රිකාව තරගාවලිය ජයග්‍රහණය කළේය...

by editor
සැප්තැම්බර් 12, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ආශ්චර්යයක් මැවුනේ නැත .

තරගයක් ඉතිරිව තිබෙද්දී දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා තරගාවලිය ජයග්‍රහණය කළේය. ඒ දෙවන තරගයේ දී කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගනිමිනි.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද (12) සවස 7ට  ඇරඹුන දෙවන විස්සයි 20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීන්දු කළේය.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පන්දු ඕවර 20 ක්‍රීඩා කරගත නොහැකි විය. එතරම් වගකීම් රහිත වෘත්තීය නොවන පිතිකරණයක් මේ කණ්ඩායාමෙන් රට අපෙක්ෂා කළේ නැත. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18 ක දී ලකුණු 103කට දැවී ගියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන් නන්නත්තාර කළහ.  ලබා ගත් එකම කඩුල්ල වනිඳු හසරංග විසින් දවා ගත්තේය. ඒ රීසා හෙන්ඩ්‍රික්ගේ කඩුල්ලය. ඔහු ලකුණු 18ක් දැවී යනවිට ලබාගෙන සිටියේය.  ඒ වනවිට ලකුණු 62ක් දකුණු අප්‍රිකානුවන් ලබාගෙන තිබිණි.

පන්දු 48ක දී ලකුණු 58ක් ලබා ගත් ක්වින්ටන් ඩි කොක් ඒ සඳහා හතරේ පහර 7ක් එල්ල කර තිබිණි. ඔහුට එක් වූ ඒඩ්න් මැක්‍රම් පන්දු 19ක දී ලකුණු 21ක් ලබා ගත්තේය.  ඒ හතරේ පහර තුනක් සමගිනි.

පන්දු ඕවර 14.1 දී දකුණු අප්‍රිකානුවන් පහසු ලකුණු 103 ඉලක්කය පසු කර ගියේය.  ඔවුන් ලකුණු 105ක් ලබාගෙන තිබිණි.

දකුණු අප්‍රිකානු දඟපන්දු යන්නෝ ශ්‍රී ලංකා ඉනිම මුලුමනින්ම බිඳ හෙලූහ.    කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට  පන්දු ඕවර 20 ක්‍රීඩා කරගත නොහැකිවිය.  පනුදු ඕවර 18යි එක් පන්දුවක දී  ලකුණු 103කට දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට  ලැබුනේ අතිශය දුර්වල පිතිකරණයකි.   දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නෝ මුලුමනින්ම තරගය අත්පත් කරගත්හ.

ඉනිම ආරම්භ කළේ දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් පෙරේරාය. පළමු කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ලකුණු 5කට දැවී ගියේය. අනතුරුව වේගවත් පිතිකරණයක යෙදුනු භානුක රාජපක්ෂ පන්දු 13කදී ලකුණු 20ක් ලබා සිටිය දී  ඒඩ්න් මැක්‍රම්ගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් දී භානුක දැවී ගියේය.

තුන්වන කඩුල්ල ලෙස ලකුණු  59 දී    ධනංජය ද සිල්වා ලකුණු 4කට දැවී ගියේය. ඔහු    ටබ්‍රයිස් ෂම්සිට මුලුමනින්ම පරාජය වූයේය. කඩුළු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් ඔහු ස්ටම්ප් කිරීමකට හසු කරගත්තේය.

 

අනතුරුව පිටියට පැමිණියේ දසුන් ශානකය. දසුන් ශානක පන්දු 8ක දී ලකුණු 10ක් ලබා ගත්තේය. ටබ්‍රයිස් ෂම්සිට දැවැන්ත හයේ පහරක් එල්ල කළ පසු ඊලඟ පන්දුවෙන් ෂම්සි ඔහුව ගොදුරු කර ගත්තේය.   කෙලින්ම පන්දුව   පා ඉන්නේ දැවටුනේය. ලකුණු 71කට කඩුළු 4ක් ලෙස සටහන් විය.

කඩුළු පෙරහර ඇරඹිනි.

අනතුරුව පිටියට පැමිණියේ චරිත් අසලංකය. ඒ සමගම පන්දු 25ක දී ලකුණු 30ක් රැස්කළ කුසල් ජනිත් පෙරේරා දැවී ගියේය.  ඒ එඩ්න් මැක්‍රම් ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට ගොදුරු විය.  ලකුණු 78 කඩුලු 5ක් සටහන් වූයේය.  වනිඳු හසරංග පිටියට පැමිණියේය.  දඟපන්දු යවන්නෝ මුලුමනින්ම තරගය පාලනය කරමින් සිටියහ.

වනිඳු හසරංග  ලකුණු 4කට දැවී යන විට ලකුණු 86ට කඩුළු 06ක් දැවී ගොස් තිබිණි. බ්ජොන් ෆෝටුන් ගේ ඉදිරියේ හසරංග මුලුමනින්ව පරාජය විය. වම් ඉන්න ගැලවී ගියේය.  චාමික කරුණාරත් පන්දුවට පහර දුන් අවස්ථාවේ සිට  මුහුණ දුන්නේ පීඩනයෙනි. ෂම්සිගේ පන්දුවක් පිත්තේ දැවටී ඔහුගේ පා ඉන්න බිඳ දැම්මේය.  ඒ වනවිට ලකුණු 100ට කඩුලු 7කි.  ඉතිරි කඩුළු 03 ලකුණු 03කට දැවී ගියේය. දුෂ්මන්ත චමීර සම්පූර්ණයෙන්ම  ෆෝටුන්ට පැරදුනේය. ලකුණු 103 දී 8 වැනි කඩුල්ල බිඳ වැටුනේය.  17 වැනි ඕවරය ආරම්භක පන්දුවේ දී චරිත් අසලංක බාග පරහරක් එල්ල කර පන්දු යැවූ මැක්‍රම් අතට  ඉතා පහසු උඩපන්දුවක් දී දැවී ගියේය. ඒ පන්දු 20කට මුහුණ දී ලකුණු 14ක් පමණක් ලබමිනි. අවසන් කඩුල්ල ලෙස මහේෂ් තීක්ෂණ ලකුණු නොලබා දැවී ගියේය.

මනරම් පන්දු යැවීමක නිරත වූ ෂම්සි පන්දු ඕවර 4 තුළ ලකුණු 20ක් ලබා දෙමින් කඩුලු 03ක් දවා ගත්තේය. ෂම්සිට, මැක්‍රම්ට සහ ෆෝටියුන්ට පිතිකරුවන් පහර දුන්නේ මුලුමනින්ම අන්දමන්ද වෙමිනි.    ෆෝටියුන් පන්දු ඕවර 4ක දී ලකුණු 12කට කඩුළු 02ක් දවා ගත්තේය. ඒඩන් මැක්‍රම්  පන්දු ඕවර හතරක් යවා  ලකුණු 21කට කඩුලු තුනක් බිඳ හෙළුවේය. එන්රිච් නොට්ජේ පන්දු ඕවර දෙකක් යවා ලකුණු 8කට කඩුල්ලක් දවා ගත්තේය. කෂේව් මහරාජ් පන්දු ඕවර 2යි පන්දුවකදී ලකුණු 10කට කඩුල්ලක් දවා ගත්තේය.

තරගයේ වීරයා වූයේ ටබ්‍රයිස් ෂම්සිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උද්ඝෝෂකයන් අතර මත ගැටුමක්… මහින්දට එරෙහි ඉතාලි උද්ඝෝෂණය දියාරු වේ…

Next Post

වසංගත සමයේ ගැබ්ගැනීම් වසරක් පමා කරගැනීමේ මතය වැරදියට තේරුම් අරන්…   ගබ්සා  කරගන්න ඉල්ලීම් වැඩි වෙලා… 

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.