බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ රජයේ පාසල් රැසක් කුලවලට වෙන්කර බෙදිලා… කුල පාසල්වලට අවම පහසුකම්වත් නෑ… සිවිල් ක්‍රියාකාරීන් ජනපතිට කියයි!

by editor
ජනවාරි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • පාසල් 100ක් නම් කරන්න… මාස 06කින් සංවර්ධනය කරනවා… කුලයට අදින ප්‍රාදේශීය ලේකම්වරු ගැනත් බලා ගන්නවා… ජනපති පොරොන්දු වෙයි…

උතුරු පළාත තුළ ඉතාම නිර්දය ලෙස කුල අනුව බෙදී ඇති අකාරයත් එම සමාජ ක්‍රියාකාරිත්වය තුළ යටිපෙළෙහි ඇති කුලයේ බලපෑමේ අවරෝධී ලෙස සමාජ සංවර්ධනයට බලපානු ලබන ආකාරයත් සම්බන්ධව පුළුල් කථිකාවක් ජනාධිපතිවරයා සමග ගොඩනගා ගැනීමට යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය ඊයේ (06) කටයුතු කළේය.

එම කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් සහ උතුරු පලාතේ සිව් දින නිල සංචාරකය යෙදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මෙම හමුව ඊයේ පස්වරුවේ දී සිදුවිය.

උතුරේ කුමන දේශපාලන පක්ෂයක්, කුමන අයුරින් කටයුතු කළද කුල ප්‍රශ්නය නිසා ජනතාව පිඩාවට පත්ව සිටින බවත්, යාපනය මගහැර කොළඹ ජීවත්වන දේශපාලනඥයන් එම ගැටලුව පිළිබඳ හඬක් අවදි නොකිරීම කණගාටුවට කරුණක් බවත් අරුන් සිධාර්ථ්  මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සංවාදය අතර හෙළි වූ තිගස්වන සුළු කතාව නම් යාපනයේ ග්‍රාමීය පෙදෙස්වලට යත්ම රජයේ පාසල් පද්ධතියත් කුල අනුව බෙදී ගොස් තිබීමය. සිය දරුවන් වෙනත් කුලවල දරුවන් හා නොගැටීම සඳහා දීර්ඝ කාලයක් නිහඬව සිදුකළ සමාජ බලපෑමක  ප්‍රතිඵලයක් ලෙස මෙම කුල පාසල් පැවතෙන බව වාර්තා වී ඇත.

උතුරු පළාතේ ඇති මෙම  කුල පාසල් අති බහුතරයක් අවම පහසුකම් පවා නොමැති අතිශය දුගී ස්වරූපයක පවතින බව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති    අරුන් සිද්ධාර්ථ්   පැවසූවේය.    එම පාසල්  සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

අරුන් සිද්ධාර්ථ්

එවැනි පාසල් 100ක් නම් කරන ලෙසත්, එම පාසල්   100 ඉදිරි මාස 06ක කාලය තුළ සංවර්ධනයට පියවර ගන්නා බවටත් ජනාධිපතිවරයා මෙහිදී යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට පොරොන්දු විය.

කුල ප්‍රශ්න ඉදිරියට දමමින්  මහජන ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන   ප්‍රාදේශීය ලේකම් කාර්යල සම්බන්ධයෙන් සොයා බලන බවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක  සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ  ක්‍රියාකාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිවාඩුව නිම කර රටට යන්නට ගිය සර්බියානුවාගේ සියල්ල කොල්ලකයි… ඔහු පානදුර පොලිසිය තුළ හඬා වැටෙයි…

Next Post

වහ බිව්වෙ සෝවාන් වෙන්න නෙමෙයි… ජීවත් වෙන්න බැරි නිසා… අන්තවාදී දේශකයාගේ වස බිව්ව අනුගාමිකයා පොලිසියට කියයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.