බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ තරුණයින් 200ක් රුසියානු හමුදාවට බැඳිලා… ඔවුන් ගැන තොරතුරු ඉල්ලා ශ්‍රී ධරන් යළිත් වරක් ආණ්ඩුවට ලියයි!

පාර්ලිමේන්තුවේ දි විජිත හේරත් ඇමතිවරයා ලබා දුන් පිළිතුරෙන් සෑහිමකට පත් වෙන්න බැරිලු...

by editor
පෙබරවාරි 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරු ප්‍රදේශයෙන් රුසියානු හමුදාවට පුද්ගලයින් 200 ක් පමණ දෙනා බැදී සිටින බවටත් ඉන් කීප දෙනෙකු මියගොස් ඇති බවටත් තොරතුරු ලැබී ඇති නිසා වහාම රජය මේ පිළිබඳව සොයා බලා එම පිරිස ගැන යම් තොරතුරක් දැනුම් දෙන ලෙස ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා යළිත් වරක් අද ( 9 ) රජයට ලිපියක් යවමින් ඉල්ලීමක් කොට තිබේ.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මේ පිළිබදව තමන් පාර්ලිමේන්තුවේදී තොරතුරු විමසූ අවස්ථාවේදී විජිත හේරත් අමාත්‍යවරයා මේ පිරිස ඔවුන්ගේ කැමැත්තෙන් ගොස් සිටින බව ප්‍රකාශ කළත් එම පිළිතුර සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොවන නිසා රුසියානු හමුදාවේ සිටින උතුරේ වැසියන් පිළිබදව සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරණ ලෙස ලිපිය මගින් ඉල්ලා ඇත.

මේ වන විට ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු රුසියානු හමුදාවට බැදී ඇති බවටත් ඉන් 64 දෙනෙකු පමණ මියගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වන නමුත් මේ සංඛ්‍යා ලේඛන වල සත්‍යතාවය ගැන දෙගිඩියාවක් ඇති බැවින් රජය මැදිහත් වී නිවැරදි සංඛ්‍යා ලේඛන ජනතාවට ඉදිරිපත් කරන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

මීට මාස හතරකට පමණ ඉහතදී උතුරු පළාතෙන් රුසියාවට ගොස් එම හමුදාවට බැදුණු සාමාජිකයින් කීපදෙනෙකුම ඔවුන්ගේ ඡායාරූප හා තොරතුරු ඔවුන්ගේ පවුල්වල උදවියට එවන ලද නමුත් මේ වන විට ඔවුන් ගැන කිසිදු තොරතුරක් නොමැති නිසා එම වැසියන් දැඩි පීඩනයකින් හා සිත්තැවුලකින් සිටින බව මන්ත්‍රීවරයා පවසයි.

එම පවුල් වල උදවියට මෙම පුද්ගලයින් පිළිබඳව නිවැරදි තොරතුරක් ලබා දීමට පියවර ගන්නා ලෙස ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සිය ලිපියෙන් රජයෙන්  ඉල්ලා ඇත.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලසන්ත ඝාතන විමර්ශනය… නීතිපති CIDය වෙත නව නියෝගයක් ලබා දෙන්න සූදානම්….

Next Post

“ලස්සන වෙරළ තීරයක්  – ආකාර්ශනීය සංචාරක ගමනාන්තයක්…” වෙරළ සම්පත රැකගැනීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.