දිනසේන රතුගමගේ –
වර්ෂා ජලයට හසු වීමෙන් උතුරු පළාතේ කුඹුරු හෙක්ටයාර් 64000 කට අධික ප්රමාණයක් විනාශ වී ගොස් තිබේ.
වැඩිම හානියක් වාර්තා වී ඇත්තේ මන්නාරම් දිස්ත්රික්කයෙන් වන අතර එම කුඹුරු ප්රමාණය හෙක්ටයාර් 23000 ක් පමණ වෙයි
උතුරේ ගොවි සංවිධාන නියෝජිතයෝ ප්රකාශ කරන්නේ වී වපුරා පැල ගොයම් වශයෙන් පැවති කුඹුරු යායවල් වැසි ජලයට හසුවීම නිසා ගොයම් ගස් ඉදිරී වෙනත් පළාත් වලට ගසා ගෙන ගොස් අති බවය.

වී වපුරා දින කීපයක් ගත වූ කුඹුරු වල පැල වී ද වැස්සට ගසා ගෙන යාම නිසා මේ සෑම කුඹුරක්ම යළි වගා කිරීමට සිදුව ඇති බවද උතුරේ ගොවි සංවිධාන නියෝජිතයෝ කියා සිටියහ.
බොහෝ පළාත්වල කුඩා වැව්වල වැව් බැමි වර්ෂා ජලයට හසු වී කඩා ගෙන යාම නිසා එවැනි වැව් යටතේ කුඹුරු යළි වගා කිරීමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වී තිබේ.
ගංවතුරට හසු වී විනාශ වී ගිය කුඹුරු වෙනුවෙන් රජය වන්දි ගෙවීමට සූදානම් බව ප්රකාශ කළත් සිය කුඹුරුවල අස්වැන්නෙන් 25 %ත් 30 % ත් අතර ප්රමාණයක් සිය නිවෙස් වල ප්රයෝජනය සදහා ගන්නා බැවින් ඔවුන් උතුරේ ගොවීන්ට ඉදිරි කාලය සදහා සහල් නොමැති තත්ත්වයක් ඇති වන බවද ගොවි සංවිධන නියෝජිතයෝ කියා සිටියහ.







