යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කිරීමේ පදනම යටතේ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන් ගේ ජන්ම දිනය යෙදෙන හෙට (27) දින උතුරු නැගෙනහිර මුල් කරගෙන සංවිධානය කර ඇති උත්සව මාලාව අතරේ එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කරන ලද ලක්ෂ්මන් දිරිගාමර්, නීලන් තිරුචෙල්ලම්, රාජිණී තිරාණගම, දොරේඅප්පා, ඇතුළු 09 දෙනෙකුගේ ඡායාරූප ඇතුළත් පෝස්ටරයක් සම්බන්ධව මේ වනවිට වැඩි අවධානයක් යොමු වී තිබේ.
කඩදාසි සහ මුද්‍රණ වියදම් අධික මේ වකවානුවේ එම පෝස්ටරය උතුරු නැගෙනහිර කලාපයම ආවරණය වන ආකාරයට අලවා ඇතැයි වාර්තා වේ.

තම ජාතික නායකයා විකුණන්න හදන මිනිස්සුන්ට ඉතිහාසය සමාව නොදෙන බව දන්වන අත් පත්‍රිකාවක් ද ඒ සමග බෙදා හැර තිබේ. මේ මස 21 සිට 27 දක්වා යුද්ධයෙන් මිය ගිය අය සැමරීමේ උත්සවය මුල් කරගෙන මෙම පෝස්ටර් ව්‍යාපාරය දියත් වී ඇත.
පැරණි එල්ටීටීඊ සොහොන් බ්මිවල ස්මාරක නිර්මාණය කරමින් විශාල පිරිසක් ඒකරාශී කරගෙන මෙම සැමරුම් උත්සව පැවැත්වීමට අවස්ථාව රජය විසින් ද ලබා දී ඇත.
ඒ අනුව නැගෙනහිර විශාලම උත්සව දෙකක් හෙට තොප්පිගල සහ වාකරේ ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව තිබේ.







