අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු නැගෙනහිර අන්තවාදීන්ට ඉඩදී වාර්ගික යුද්ධයක් ඇති කළොත් ඒ අපරාධයට ආණ්ඩුව වගකිව යුතුයි… අස්ගිරි පන්සලෙන් අනතුරු ඇඟවීමක්…

by editor
මැයි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතිවාදී උන්මාදයෙන් පෙලෙන ඇතැම් දේශපාලනඥයින් සහ අන්තවාදී සංවිධාන ඉතා සැළසුම් සහගතව උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන වලට මෙන්ම බෞද්ධ සිද්ධස්ථාන වලට අනීතික ලෙස බරපතල බලපෑම් කරනවිට ඒ සම්බන්ධව   නීත්‍යානුකූලව ක්‍රියාත්මක නොවීමෙන් ආගමික හෝ වාර්ගික අර්බුදයක් රට තුළ ඇතිවුවහොත් ඒ බිහිසුණු  අපරාධයට රජය වගකිව යුතු බව   අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති,ශාස්ත්‍රපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

Narampanawe-Ananda
අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී  නාරම්පනාවේ ආනන්ද නා හිමි..

බෞද්ධාගමිකයින්ට පමණක් නොව සියලු ජනාතාවට රට තුළ ආගමික වශයෙන්  සහජීවනයෙන් යුතුව කටයුතු කිරීමට නම් අන්තවාදී සංවිධාන මැඩ පැවැත්විය යුතු බව ද උන්වහන්සේ කීහ.

මහනුවර අස්ගිරි මහ පිරිවෙනේ දී අද (15) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආනන්ද නාහිමියෝ මෙසේද පැවසූහ.

“ඇතැම් ජාතිවාදී දේශපාලනඥයින්  සහ අන්තවාදී සංවිධාන ඉතා සැළසුම් සහගතව උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් බෞද්ධ සිද්ධදස්ථානවලට තමන්ගේ විරෝධය එල්ල කරන්නේ ජාතිවාදී හා ආගම්වාදී අර්බුදයක් රට තුළ නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් ද යන බරපතල සැකය මේ රටේ මධ්‍යස්ථ ජනතාව තුළ පැන නගිමින් තිබෙනවා.”

“දේවානම් පියතිස්ස රජ සමය දක්වා වූ ඉතිහාසයක් ඇති කන්කසන්තුරේ  තිස්ස විහාරයට ඔවුන් බරපතල විරෝධයක් මතු කරමින් ඉන්නවා. ඒ වගේම කුරින්ද අටුවාව රචනා කිරීමට මූලික වූ ඓතිහාසික වශයෙන් ඉතාම වැගත් වූ බෞද්ධ නටඹුන් රාශියක් දක්නට ලැබෙන කුරින්දි විහාරය සම්බන්ධයෙන් ද  ජාතිවාදී දේශපාලනඥයින් හා සංවිධාන එක්ව බරපතල විරෝධයක් දියත් කෙරෙමින් පවතිනවා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“සියම් උපසම්පදාව මෙරට ස්ථාපිත කර වසර 270 ක් සපිරීම නිමිත්තෙන් සියම් ජාතික භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ බෞද්ධ ධූත පිරිසක් අතීත මුහුදු මාරය ඔස්සේ ත්‍රිකුණාමලයට මුහුදු මාර්ගය වැඩම කළා. එදා වසර 270 කට පෙර මෙරටට පැමිණි ධූත පිරිස ලාංකීය ප්‍රභූන් මුණගැසුණු ඓතිහාසික ස්ථානයට පැමිණි දෙමළ ජාතිවාදී සංවිධාන සහ ඇතැම් විශ්වද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් බරපතල විරෝධයක් එහි දී මතුකර තිබෙනවා. “

“මේ රටේ බෞද්ධ ජනතාව  සංහිඳියාව ගරු කරමින් බොහොම නිහඬව කටයුතු කරන පරිසරයක තමයි මේ වගේ සංවිධානත්මක දේවල් සිදු වෙන්නේ. මේ තත්ත්වය මැඩ පැවැත්වීමට රජය කටයුතු නොකරන්නේ නම් රට තුළ බරපතළ ආගමික සහ වෙනත් ජාතික අර්බුද නිර්මාණය වීම වැලැක්විය නොහැකියි.”

“මේ රජය බලයට පත්කළ ජනතා අභිලාෂයන් කුමක්ද යන්න සම්බන්ධව වර්තමාන රජයේ මැති ඇමැතිවරු වටහාගත යුතුයි. ඔවුන් කිසිදු කෙනෙක් මේ ප්‍රශ්නය සම්බන්ධව කතා කරන්නේ නැහැ. ආණ්ඩුකාරවරු පත් කිරීමේ දී පවා සිංහල බෞද්ධ ජනතාවට අගතියක් වන ආකාරයට තමයි අදාළ පත්වීම් කරන්නට සූදානම් වෙන්නේ. “

“උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා විය යුතුයි. ඒ වගේම ජාතිවාදී ලෙස කටයුතු කරමින් ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන පිරිස  සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. මීට විරුද්ධව සිංහල බෞද්ධ ජනතාව නැගී සිටිහහොත් එවැනි දවසක ඇතිවන අර්බුදයට වත්මන් රජය වගකිය යුතු වෙනවා.”

“අන්තවාදී සංවිධාන මෙන්ම මූලධර්මවාදී ආගමික කණ්ඩායම් අද බුදුන් වහනේසට අපහාස වන ආකාරයේ විවිධ ව්‍යාපෘති හා මතවාද ව්‍යාප්ත කරමින්  බෞද්ධ ජනතාව කුපිත කරමින් සිටිනවා. තව දුරටත් මේ රටේ බෞද්ධ ජනතාව මේවා ඉවසන්නේ නැහැ. ඒ නිසා වහාම මෙවැනි ක්‍රියා මැඩපැවැත්වීම සඳහා රජය මැදිහත් විය යුතුයි.”

“මේ සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස බෞද්ධ ජනතාව ගෙන් ඉල්ලා සිටිනවා. මේ ආකාර ක්‍රියා තව දුරටත් සිදු වෙනවා නම් අපි ඒ වෙනුවෙන් නැගී සිටින බව ද දන්වන්න කැමැතියි.”

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කළුතර ළමා අපයෝජන සිද්ධි ජනපතිත් කම්පා කරයි…

Next Post

මැර ප්‍රහාරයෙන් පසු වසා දැමූ බෝලවත්ත දුම්රිය ස්ථානය යළි විවෘත වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.