කීර්ති ප්‍රනාන්දු –
මීගමුව බෝලවත්ත දුම්රිය ස්ථානයට මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව වසා දමා තිබූ දුම්රිය ස්ථානය මගීන් සඳහා අද (15 )දින යළි විවෘත කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
දුම්රිය ස්ථානය විවෘත කිරීමෙන් පසුව එහි ආරක්ෂාවට පොලිසිය හා දුම්රිය ආරක්ෂක හමුදාව යොදවනු ලැබූ බවද දෙපාර්තමේන්තුව කියා සිටී .
පෙරේදා 13 රාත්‍රියේ දුම්රිය ස්ථානය තුළ මත්පැන් පානය කරමින් සිටි කණ්ඩායමකට දුම්රිය ස්ථාන පරිශ්‍රයෙන් ඉවත්ව යන ලෙසට දැනුම් දීමේ දී එම පිරිස දුම්රිය ස්ථානාධිපතිවරයාට සහ කාර්යමණ්ඩලයේ ට පහර දී දුම්රිය ස්ථානයට ද හානි සිදු කර තිබූ අතර පහරකෑමෙන් දුම්රිය ස්ථානාධිපතිවරයා සහ කාර්යමණ්ඩලයේ තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමට සිදු වී තිබිණ .