බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ රෑ අහුංගල්ල වෙඩි තැබීමෙන් තුවාල ලද තරුණයෙක් මරුට… අනෙක් තරුණයාට අසාධ්‍යයි…

by editor
සැප්තැම්බර් 24, 2022
in පුවත්
Police line do not cross

Police line do not cross

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

අහුන්ගල්ල, බෝගහපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් ඊයේ (23) රාත්‍රී සිදුකරන ලද වෙඩි තැබීමකදී එක් පුද්ගලයෙක් මියගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ මූලික කටයුතු අද (24) පෙරවරුවේ බළපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර   විසින් පවත්වන ලදී. 

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරණී ජී ඩබ්ලිව් එන් අයි එස් ප්‍රනාන්දු  විසින් අද (24) බළපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අමරමෝලී මාවත, මාකුඹුර, අහුන්ගල්ල ලිපිනයේ පදිංචි කෝම්ඹු චතුරංග ජයලත් ද සිල්වා (29) නැමැති අයයි. 

බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන්නේ  එගොඩමුල්ල, අහුන්ගල්ල ලිපිනයේ පදිංචි ගුණරත්න දිල්ක ධනංජය ද සිල්වා (24) නැමැති අයයි. මොහු දැනට වතුරේගම, අහුන්ගල්ල ලිපිනයේ පදිංචි අයෙකු බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඊයේ (23) රාත්‍රී 9.30 ට පමණ අහුන්ගල්ල, බෝගහපිටිය ප්‍රදේශයේ කරිජ්ජපිටිය වෙල්යාය මැදින් ගලා බසින කිරිල්ලඇල හරහා යොදා ඇති කුඩා පාලම අසලදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කියයි. 

මියගොස් ඇති අය තමන්ට වෙඩි වැදීමෙන් පසු සිද්ධිය වූ ස්ථානයට මීටර් 400 ක් පමණ දුරින් ඇති බෝගහපිටිය විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන්ට තමන් අනතුරකට ලක්වූ බව පැවසීමෙන් පසු එම ස්ථානයේම ඇද වැටී තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. 

දැනට බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අය, වෙඩි වැදීමෙන් පසු මියගොස් ඇති ආකාරයෙන් වෙඩි තැබීම සිදුකරන ලද ස්ථානයේම වැටී සිට ඇති බවත් ඒ නිසාම ඝාතකයින් ඔහු මිය යන්නට ඇතැයි සිතා පලාගොස් තිබෙන බවත් අහුන්ගල්ල පොලීසිය කියයි. 

පසුව තුවාල කරුවන් දෙදෙනාම බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඒ වන විටත් විහාරස්ථානයේ ඇද වැටුණ අය මියගොස් සිට ඇති බව බළපිටිය මූලික රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම වෙඩි තැබීම බෝර – 12 තුවක්කුවකින් සිදුකර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. වෙඩි තැබීම සිදුකරන ලද ස්ථානයේ තිබී බෝර – 12 තුවක්කු වලට යොදන හිස් පතුරම් කොපු 05 ක් ද අහුන්ගල්ල පොලීසිය විසින් සොයාගෙන ඇත. 

මියගිය අයගේ අත් දෙකට හා බඩට වෙඩි වැදී තිබෙන බවත් තුවාල ලැබූ අයගේ බඩට හා කකුල් දෙකට වෙඩි වැදී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. 

හෙරොයින් ජවාරමට සම්බන්ධ දෙපිරිසක් අතර පවතින කොන්තරයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර තිබෙන බවද අහුන්ගල්ල පොලීසිය කියයි. 

ඝාතනයට ලක් වූ අය සහ තුවාල ලැබූ අය, හෙරොයින් පානයට ඇබ්බැහි වූවන් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. 

ඊයේ (23) රාත්‍රියේද මෙම දෙදෙනා තමන්ට ලැබුණ දුරකතන ඇමතුමකට අනුව හෙරොයින් ජාවාරමට අදාල ගණුදෙනුවක් සදහා ත්‍රීරෝද රථයකින් අදාල ස්ථානයට ගොස් තිබෙන බවද මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වූයේ යැයි අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. මොවුන් පැමිණි ත්‍රීරෝද රථය අහුන්ගල්ල පොලීසියේ භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නොමැති බවද අහුන්ගල්ල පොලීසිය කියයි. සිද්ධියේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා අහුන්ගල්ල පොලීසිය, අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි කාර්යාලය සහ ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකය වෙන් වෙන් වශයෙන් පොලිස් විමර්ශන කණ්ඩායම් 03 ක් යොදවා තිබෙන බවද අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 

වෙඩි තැබීමට අදාල වැදගත් තොරතුරු රැසක් මේ වන විටත් අනාවරණය කරගෙන තිබෙන බවද අහුන්ගල්ල පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

අහුන්ගල්ල වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එම් බී නිශාන්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පෙරේරා, පොලිස් කොස්තාපල් සදමාල් (86537) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද අලුයම මහනුවර දී  රියදුරුට පහර දී ඉන්ධන බවුසරයක් පැහැරගෙන…

Next Post

මූලස්ථාන පොලිස් පරීක්ෂකවරු හතරක්, පොලිස් ස්ථානාධිපතිවරු 06ක් තනතුරුවලින් පහර කර සාමාන්‍ය සේවයට…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.