බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊනියා යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවා සමාලෝචනය කරන්න… එක්සත් ජාතීන්ගෙන් රජයට සැර නිවේදනයක්…

by editor
ජනවාරි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

‘ඊනියා ‘යුක්තිය’ මෙහෙයුම වහාම අත්හිටුවා සමාලෝචනය කරන ලෙසත් සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ  ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිති.

අද (22) ජිනීවා එක්සත් ජතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ  ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය හා බැඳුණු දැඩි හමුදාමය පදනමක් සහිත    වූ ප්‍රවේශය  පිළිබඳ අනතුරු අඟවන බවය.

“මත්ද්රව්ය භාවිතා කරන්නන්ට මානව හිමිකම් ඇත,” විශේෂඥයන් පැවසීය. “ඔවුන් තවදුරටත් වෙනස් කොට සැලකීම් සහ අපකීර්තියට මුහුණ නොදී ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට සුදුසුයි.” ඔවුහු වැඩිදුරටත් නිවේදනය කළහ.

ආන්තික සමාජ-ආර්ථික කණ්ඩායම්වලින් මත්ද්‍රව්‍ය වැරදිකරුවන් දහස් ගණනක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ සිය ගණනක් හමුදා විසින් පවත්වාගෙන යනු ලබන අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීම පිළිබඳ වාර්තා වූ සිද්ධීන් තමන් හෙළා දකින බව ද එක්සත් ජාතීන් ගේ නිවේදනයේ සඳහන් වේ.

ඔවුන් පවසන්නේ ‘යුක්තිය’ නම් වූ ආරක්ෂක මෙහෙයුමේදී ද වධහිංසා පැමිණවීම් සහ අයහපත් සැලකීම් වාර්තා වෙමින් ඇති බවය..

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැක කරන වැරදිකරුවන්ට එරෙහිව පවතින දැඩි මර්දනයේ වර්තමාන සන්දර්භය දැඩි කනස්සල්ලට කරුණකි” එක්සත් ජාතීන්ගේ විශේෂඥවරු රජයට දන්වා සිටිති.

ඖෂධ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ ස්වයං පාලනයට සහ දැනුවත් කැමැත්තට ගරු කරමින් හානි අවම කිරීමේ දෘෂ්ටිකෝණයකින් පුනරුත්ථාපනය සිදු කළ යුතු බව ඔවුහු අවධාරණය කරති.

“අනිවාර්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන වහා වසා දැමිය යුතු අතර ඒ වෙනුවට සාධක මත පදනම් වූ, අයිතිවාසිකම් පදනම් වූ සහ ප්‍රජා පදනම් වූ සමාජ සේවා මගින් ප්‍රතිස්ථාපනය කළ  ස්වෙච්ඡා  පුනරුත්ථාපන ක්‍රමයකට යා යුතුයි” යනුවෙන් රටට තාක්ෂණික සහයෝගීතාව සැපයීමට සූදානම්ව සිටින විශේෂඥයෝ සිය නිවේදනයෙන් දන්වා සිටිති.

ඔවුන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ   වධහිංසා පැමිණවීම, අයහපත් ලෙස සැලකීම සහ නියමිත ක්‍රියාවලිය සහ සාධාරණ නඩු විභාගයේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ ඕනෑම චෝදනාවක් තරයේ සහ අපක්ෂපාතීව විමර්ශනය කරන ලෙසය.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට හා ප්‍රමිතීන්ට අනුකූලව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වත්මන් නීති සම්පාදනය සමාලෝචනය කරන ලෙසත්, මත්ද්‍රව්‍ය පාලනය සහ ප්‍රතිකාර ක්‍රියාකාරකම් සඳහා සන්නද්ධ හමුදා සම්බන්ධ වීම අවසන් කරන ලෙසත් ඔවුහු වැඩිදුරටත්  රජයෙන් ඉල්ලා සිටිති.

මින් පෙරද එක්සත් ජතීන් විසින් මත්ද්‍රව්‍ය වැරදිකරුවන් යැයි සැක කරන පුද්ගලයින් සම්බන්ධව ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය සම්බන්ධව සිය කණස්සල්ල පළ කර තිබිණි.

කෙසේ වෙතත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ප්‍රකාශ කළේ එක්සත් ජාතීන් විසින් ලියුම් පිට ලියුම් ගැසුවත් තමන් විසින් දියත් කර ඇති මෙම යුක්තිය මෙහෙයුම එක් අඟලකින් හෝ පසුපසට නොගන්නා බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද බෙලිඅත්තේ දී ඝාතනය වුන කවුද මේ සමන් පෙරේරා…

Next Post

ඉසෙඩ් ඩි ඇලේ සොරෙව්වක සිරවූ වන අලියා බේරා ගැනීමට සොරොව්ව විවෘත කරයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.