මනම්පිටිය නිමල් ජයරත්න –
මාදුරුඔය ඉසෙඩ් .ඩී. ප්‍රධාන ඇළට වැලිකන්ද මලින්ද ප්‍රදේශයෙන් අද ( 22 ) අලුයම වැටුණු වන අලියෙකු ජලයේ සැඩ පහරට කිලෝමීටර් දහයක් පමණ දුරට ගසාගෙන යෑමෙන් අනතුරුව සොරොව්වක සිරවීමෙන් පසු සොරව්ව විවෘත කර එම ජලකඳ කාසන් වැවට නිදහස් කර වන අලියාගේ ජීවිතය බේරා ගැනීමට බලධාරීහු කටයුතු කළහ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන්, වැලිකන්ද වනජීවි නිලධාරීන්, ප්‍රදේශයේ තරුණයින් එක්ව දියත් කළ මෙම මෙහෙයුමට පැය හයක පමණ කාලයක් ගතවූ අතර අනතුරුව වන අලියා නිදහස් කර කාසන්වැව රක්ෂිතයට පලවා හැරීමට හැකි වූයේය.
වයස අවුුදු 35ක් පමණ වන මෙම වන අලියා බීමට ජලය සොයා වැලිකන්ද මලින්ද ප්‍රදේශයෙන් ඉසෙඩ්.ඩි. ඇළට වැටී තිබේ.
වන අලියා ඇළට වැටීමෙන් අනතුරුව ඇලේ ජලයේ සැඩ පහරට කිලෝමීටර් දහයක් පමණ දුරට ගසාගෙන යෑමෙන් අනතුරුව ඉසෙඩ්.ඩි. ඇලේ සොරොව්වක පැයක පමණ කාලයක් සිරවී සිට ඇත.
ඒ පිළිබඳ වනජීවි නිලධාරීන් විසින් මහවැලි නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු වාරිමාර්ග නිලධාරින් පැමිණ එම සොරොව්ව විවෘත කළේය. අනතුරුව අලියා කාසන්වැව රක්ෂිතයට නිදහස් කිරීමට වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබිණි.