බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉසුරුපාය ඉස්සරහා සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂණයේ දි පොලිස් නිලධාරීන් කැපුවේ හමුදා බුද්ධි නිලධාරියෙක්… පොලිසිය උසාවියට කියයි!

by editor
දෙසැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ.ජේ.ඒ. අබේනායක –

  • 68 ලක්ෂයේ ජනවරම එක්ක ආණ්ඩුව සූදු කෙළින්න පටන් අරන් ද? මහපාරටම නාකි වූ ජනතා නියෝජිතයන් සහිතව ජනතා අයිතිය රකින්න පැමිණි ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන රටම අවධානයෙන්!

ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පසුගිය 2 වැනිදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල සිදුකළැයි කියන පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (10දා) දැනුම් දුන්නේය.

එම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා විමර්ශනවල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කළ කඩුවෙල මහෙස්ත්‍රාත් චාගිමා විජේබණ්ඩාර පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරින් සිවු දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද නියෝග කළාය.

එකී උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුරදි විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් තිදෙනකුට කැපුම් තුවාල සිදුවී තිබූ අතර එකී කැපුම් තුවාල සිදුකළ පුද්ගලයා හඳුනාගත් උද්ඝෝෂකයන් තියුණු ආයුධයක් සමගම ඔහුව ග්‍රහණයට ගෙන පොලිසියට භාරදී තිබිණි.

එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කිරීමට පියවර ගත් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. නිල් පැහැති කමිසයකින් සැරසී සිටි එම පුද්ගලයා එදින උදෑසන සිටම පොලිස් නිලධාරීන් සමග පැමිණ සිටි අයකු බවත් සිය සේවාදායකයා එකී අපරාධය සිදුකළ බවට ඒත්තු ගැන්වීම සඳහා එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල සිදුකර ඇති බව පෙනී යන බවත් සැකකාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවැසූහ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

එම පුද්ගලයා මේ දක්වා සැකකරුවකු ලෙස නම් කිරීමට පොලිසිය පියවර ගෙන නොමැති බවද පෙන්වා දුන් විත්තියේ නීතිඥවරු සිය සේවාදායකයා ඇපමත මුදාහරින ලෙසට හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියහ.

නීතිඥ ශාන් රණසූරිය, දසුන් නාගස්හේන, කමල් විජේසිරි ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ සැකකාර පාසල් සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියේය.

හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සංවිධානය කර ඇත්තේ ද පොලිසිය බවත් එහි සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත්තේද පොලිස් නිලධාරීන් පිරිසක් බවත් පවසමින් හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ විත්තියේ නීතිඥවරුන් එකී හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වයට කිසිදු විශ්වාසයක් නොමැති බවද අධිකරණයට පෙන්වා දුන්නේය. ( දිවයින) 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු මන්ත්‍රී “ටික් ටොක් අර්චුනා” පොලිසිවලට කඩා වැදී උමතු වියරුව මුදා හරියි!

Next Post

මැතිවරණ අපේක්ෂකයන් මැතිවරණ ව්‍යාපාර සදහා කෘතීම බුද්ධිය භාවිතා කරන්නේ කෙසේද?

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.