බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉසෙඩ් ඩී ඇලේ ගිලෙන්න ගිය වන අලියා ගොඩගත් පසු දෙදෙනෙකුට පහර දී මරා දමයි….

by editor
පෙබරවාරි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට 20 වෙනිදා අලුයම වැටී සිටි වන අලියෙකු ගොඩ ගැනීමෙන් අනතුරුව එම අලියා දිඹුලාගල වෙහෙරගම ගම්මානයට කඩා වැදී එකම පවුලේ දෙදෙනෙකුට පහරදීමෙන් ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ වෙහෙරගම දේවගල ලිපිනයේ අංක 223 ලිපිනයේ පදිංචිව සිටි 80 වියති ඩී.ආර්. ප්‍රේමාවතී මැණිකේ මහත්මිය සහ ඇයගේ සොහොයුරෙකු වන 74 වියති, ඩී.ආර්. පොඩි රාළහාමි යන අය බව පරීක්‍ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.

වන අලියා පහරදීමෙන් ඩී.ආර්. ප්‍රේමාවතී මැණිකේ මිදුලේම මියගොස් ඇති අතර ඇයගේ සොහොයුරා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලිසිය පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට බීමට ජලය සොයා පැමිණි වයස 35ක් පමණ ඇති වන අලියෙක් 20 වෙනිදා අලුයම පොළොන්නරුව මාදුරුඔය ඉසෙඩ්.ඩි. ප්‍රධාන ඇළට වැටී තිබේ.

මේ වන අලියා අරලගංවිල බමුණාකොටුව ප්‍රදේශයෙන් ඉසඩ්. ඩී. ප්‍රධාන ඇළට වැටී ජලයේ සැඩ පහරට හසුව ඌ කිලෝමීටර් හයක් පමණ දුරට ගසාගෙන ගොස් ඇත.

පැය තුනක පමණ මෙහෙයුමකින් අනතුරුව වෙහෙරගල වනජීවි නිලධාරීන් විසින්, මැදගම ප්‍රදේශයෙන් මෙම වන අලියා ගොඩට ගෙන තිබිණි.

වනජීවී නිලධාරීන් උත්සාහ කර තිබුණේ එම අලියා  දිඹුලාගල වෙහෙරගම රක්ෂිතයට පලවා හැරීමටය. එහෙත් ගොඩට පැමිණි වන අලියා රක්ෂිතයට පලා යනු වෙනුවට වෙහෙරගම ගම්මානයට කඩා වැදුනි.

වෙහෙරගල ගම්මානයට කඩා වදින විට මුලින්ම ගම්මානයේ ඇල ඇසළ සිටි පිරිමි පුද්ගලයා සහ ඒ අසල පිහිටි නිවස ඉදිරිපිට සිටි කාන්තාවට මෙම අලියා පහරදී තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයා මනම්පිටිය රෝහලෙන් පොළොන්නරුව මහ රෝලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලිසිය පවසයි.

ඉසඩ් ඇලෙන් ගොඩගත් වන අලියා ගම්මානයට කඩා වැදීමට සැලැස්වීම පිළිබඳ වෙහෙරගල ගම්මානයේ ගම්වාසීන් වනජීවි නිලධාරීන්ට දැඩි විරෝධයක්ද මෙහිදී පලකර සිටියහ.

අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, ඉඳුනිල් හේමපාල ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපරාධ නඩු විධාන සංග්‍රයේ   (විශේෂ විධිවිධාන) පනතේ බලාත්මකවීම ඉදිරි වසර 02ට දීර්ඝ කිරීමට ආණ්ඩුව සූදානම්!

Next Post

ත්‍රස්තවාදය වැලැක්වීමෙ පනත වෙනුවට ගෙනෙන අලුත් නීතියේ කෙටුම්පත අවසන් විමර්ශනයට කමිටුවක්!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.