සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉවත් කළ වෛද්‍ය ලක්කුමාර්වම ඖෂධ නියාමන අධිකාරියට පත් කරන්නැයි ළමා රෝග විශේෂඥවරු කියති…

පනතේ බලය මත පදනම්ව ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය ලක්කුමාර් පත් කරන්නැයි ඇමතිනියට කියයි

by editor
අප්‍රේල් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ   ළමා රෝග විශේෂඥ    නියෝජිතයා ලෙස යළිත් වතාවක් විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දුම පත් කරන ලෙස ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය  සෞඛ්‍ය අමාත්‍යවරියට යෝජනා කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරියට ලිපියක් ඉදිරිපත් කරමින් විද්‍යායතනයේ සභාපතිවරයා ඇතුළු කාරක සභාව ඒකමිතිකව ඉල්ලා ඇත්තේ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු ගේ සේවය අවසන් කිරීමට ගත් තීන්දුව ආපසු හරවා ඔහු යළිත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරය සඳහා තම නියේජිතයා ලෙස පිළිගන්නා ලෙසය.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ට අනුව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයා ලෙස වෛද්‍යවරයෙක් පත් කිරීමේ බලය ඇත්තේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ගේ ආයතනයට ය.

පසුගිය අපියෙල් 07 වැනිදා දාතමින් ඇමතිවරිය වෙත  ඉදිරිපත් කරන ලද එම ලිපියෙන් සංගමය සඳහන් කර ඇති කරුණු සැකෙවින් මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ පසුගිය අප්‍රියෙල් මස 01 දාතමින් එවන ලද ලිපියක් මඟින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ගේ  සේවය අවසන් කිරීම පිළිබඳ ව අපි අපගේ සම්පූර්ණ අප්‍රසාදය මෙසේ පළ කරමු.

අපගේ සංගමයේ නියොජිතයා ලෙසින් ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහා නම් කිරීමේදී   ඉතා කල්පනාකාරීව සියලු සුදුසකම් සහ පසුබිම් සොයා බලා අප නියෝජිතයා නම් කිරීම අපි වගකීමෙන් ඉටු කළෙමු. ඒ සඳහා 2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 4බී(1) වගන්තියද සැලකිල්ලට ගත්තෙමු. ඒ අනුව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක මණ්ඩලය ඒකමතික ව තීරණය කළේ  වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාට මේ සම්බන්ධයෙන් සියලු සුදුසුකම් පවතින බවයි.

කෙසේ වුවද පසුගිය පෙබරවාරි මස 24 වැනිදා සෞඛ්‍ය ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වෙ ලිපියක් එවමින් සඳහන් කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකරියට තම සංගමයෙන් නියෝජිතයන් තිදෙනකු පත් කරන ලෙසය. එය පනතට පටහැනි සහ අප නොමඟ යවන සුළු එකක් වුවද අප සංගමයේ නියෝජිතයන් ලෙස වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු ඇතුළු තවත් වෛද්‍යවරුන් දෙපළකගේ නම් ද යෝජනා කළද එයින් අනෙක් වෛද්‍යවරුන් දෙදෙනා එය ප්‍රතික්ෂේප කළ හෙයින් ඉතිරිව සිටියේ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පමණකි.

අප මේ බව සඳහන් කරමින් වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පමණක් අප සංගමයේ නියෝජිතයා ලෙස පත් කරන ලෙස ඉල්ලමින් 2021 මාර්තු මස 12 වැනිදා අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් මඟින් යොමු කිරීමට කටයුතු කළෙමු. කෙසේ වුවද එසේ පත් කරන ලද අප සංගමයේ නියෝජිතයා ගේ සේවය අනවශ්‍ය බවට කළ ප්‍රකාශය හේතුවෙන් මේ වනවිට අප සංගමයේ නියෝජිතයකු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

එම තත්ත්වය  මෙරට දරු පරපුරේ සෞඛ්‍ය යහපැවැත්ම පිළිබඳව සැලකීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ නියෝජනයක් අතිශයින්ම වැදගත් බව අපි අවධාරණය කරමු.

අපට සිටින සුදුසුම නියෝජතයා ලෙස දැනට පත් කොට ඇති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ  තනතුරේ සේවය ඉවත් කිරීමට ඔබ ගෙන  තීරණය නැවත හරවා අප විද්‍යායතනයට  හිමි  නියෝජිතත්වය වෙනුවෙන් ඔහු යළි පත් කරන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.“ යනුවෙන් ඔවු එම ලිපිය මඟින් සෞඛ්‍ය අමාත්‍යවරියට කරුණු ඉදිරිපත් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

Next Post

කැරොලයින් ලෝක කිරුළ බාර දෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.