බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්සියුලින් එන දවසක් නෑ… අර්බුදයට හේතුව NMRA කියයි!

by editor
අගෝස්තු 6, 2023
in පුවත්
insulin
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

රජයේ රෝහල්වෙත ඉන්සියුලින් නැවත එන දින  කිව නොහැකි   බව  සෞඛ්‍ය අමාත්‍යංශය  ආරංචි මාර්ග සඳහන්  කරයි.

මෙරට ලියාපදිංචි සමාගමකින් ඉන්සියුලින් ඇනවුම් කළද එය ලබා දීම දිගින් දිගටම ප්‍රමාද  කිරීම හේතුවෙන් මෙම ගැටලුව මූලිකව නිර්මාණය වී ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ සාමාන්‍යයෙන් සිදුවන්නේ    මෙරට ඖෂධ නියාමන අධිකාරියේ  ලියාපදිංචි නොමැති නමුත්  ජාත්‍යන්තරව  පිලිගත් සමාගමකින්  ඖෂධ හදිසි මිලදී ගැනීමකි.

එසේ වුව ද මේ අවස්ථාවේ දී  ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචිය නිදහස් කිරීමේ කමිටුව අධිකාරියේ ලියාපදිංචියක් නැති සමාගමකින් ඉන්සියුලින් හදිසි මිලදී ගැනීමක් සඳහා අනුමැතිය ලබා දී‌  නැත.

මේ පිළිබඳව අමාත්‍යාංශය පවසන්නේ   මේ වනවිට  ඉන්සියුලින් හිඟය අතිශය උග්‍ර වී ඇති බවත්,  ලොව පුරා ඉන්සියුලින් නිෂ්පාදනය කිරීම සදහා ඇත්තේ සමාගම් අතලොස්සක් බැවින් ඔවුන් විශාල  ඇනවුම්  සපුරා ලීමෙන් පසුව කුඩා ප්‍රමාණයන්ගේ  ඇනවුම්  සැපයීම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය නිසා අප වැනි රටවල ඖෂධ ඇනවුම් ප්‍රමාද වන බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙවැනි දුෂ්කර අවස්ථාවක ලියාපදිංචිය පිළිබඳව නොසලකා ජාත්‍යාන්තරව පිළිගත් සමාගමකින් හදිසි ඖෂධ මිලදී ගැනීමක්  සිදුකළ යුතු බව ඔහු අවධාරණය කළේය.

එහෙත් මේ සම්බන්ධව ඖෂධ නියාමන අධිකාරියේ  පවසන්නේ ඖෂධ ලියාපදිංචිය නිදහස් කිරීමේ කමිටුව මෙම හදිසි මිලදී ගැනීම සඳහා අවසර ලබා නොදුන්නේ කරුණු ගණනාවක් සලකා බැලීමෙන් බවය.

පළමු කාරණාව වන්නේ මෙම ඖෂධ සැපයීමේ  ටෙන්ඩරය භාරගත් සමාගමට මින් පෙර  ශ්‍රී ලංකාව වශයෙන් ලබා ගත් ඖෂධ සඳහා ගෙවීම් පැහැර හැර ඇති නිසා මේ තත්ත්වය මුලින්ම උද්ගත වී ඇති බවය.

එවැනි ටෙන්ඩරයක් ලබා ගත් සමාගමක්   තමන්ට ලබා දුන් ටෙන්ඩරය යටතේ ඇති ඖෂධ ප්‍රමාණය මෙන් වැඩිපුර සියයට පනහක් අවශ්‍ය වෙලාවට ලබා දීමට එකඟ වන බැවින් ගැටලුව ඇත්තේ මෙම මිලදී ගත් ඖෂධ සඳහා ගෙවීම් පැහැර හැර තිබීම බව එම කමිටුවේ ආරංචි මාර්ග පවසන්නේය.

ඖෂධ හිඟය බරපතල වන්නට හැර හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩි මිලට ඖෂධ මිලදී ගැනීමට උත්සාහ කරන්නේ ටෙන්ඩරය ලබා ගත් ඖෂධ සමාගමට ඇති පෙර ගෙවීම් පැහැර හැර තිබියදී වීමත් ඉන්සියුලින් ගෙනීවීම සඳහා සමාගම් 04ක් ලියාපදිංචි වී ඇති අවස්ථාවක ලියාපදිංචිය නොගත් සමාගමකින් පවතින තත්ත්වය දඩමීමා කරගෙන වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම නිරන්තරව සිදුවන  තත්ත්වයක් බවත් ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාසල් බෑගයේ බර අඩු කරන්න අවුරුද්දටම එක් වාර විභාගයයි… ඇමතිගේ යෝජනාවක්!

Next Post

නුවන් සොයිසා කැඳවයි… අයි.සී.සී දූෂණ මර්දන ප්‍රධානියා විමර්ශන අරඹයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.