2024 වසරේ සිට පාසල් බෑගයේ බර අඩු කිරීමේ අරමුණින් යුතුව සියලුම ශ්‍රේණි සඳහා වාර්ෂිකව එක් වාර විභාගයක් පමණක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි .
එමෙන්ම ඉදිරියේදී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වශයෙන් වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතු ව සිසුන්ට ලබා දීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.