ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත ඉන්ධන මිලට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.
ඒ අනුව 318ක්ව පැවති ලීටරයක නව මිල වන්නේ රුපියල් 328 කි.
ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අරත ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 365කි.
එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා තිබේ. එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 346 කි.
ඔටෝ ඩීසල් රුපියල් 02කින් පහළ දමා අත එහි නව මිල වන්නේ රුපියල් 308කි.
භූමිතෙල් ලීටරයක් රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236කි.
මේ අතර ලංකා අයි.ඕ.සී සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන් වලට සමානව ඉන්ධන මිල සංගෝධනය කර ඇත.








