අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය මැර ධීවර කොල්ලකරුවන් විසින් අනතුරට ලක් කිරීමෙන් නාවික හමුදා විශේෂ බලගණයේ සෙබලෙක් මිය යයි!

by editor
ජූනි 25, 2024
in පුවත්
ඉන්දියානු මැර ධීවර කණජායම....

ඉන්දියානු මැර ධීවර කණජායම....

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අද අළුයම ඉන්දීය ආක්‍රමණික ධීවර කොල්ලකරුවන් වැලැක්වීම සඳහා යාපනය කන්කනස්තුර මුහුදු තීරයේ  මෙහෙයුමක නිරත වී සිටි නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ සෙබලෙක් ඉන්දීය ධීවරයින් විසින් අනතුරට ලක් කිරීම නිසා   මිය ගොස් ඇතැයි නාවික හමුදාව නිවේදනය කරයි.

මෙම මරණය සිද්ධ වන්නේ    අද දින (2024 ජුනි 25) අළුයම් කාලයේ දී සිදුකළ මෙහෙයුමක් අතර දී ය.

ආක්‍රමණික ඉන්දීය  ධීවර යාත්‍රා පලවා හැරීමේ මෙම විශේෂ මෙහෙයුමේ දී  ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීම සඳහා මෙහෙයුමට යෙදවූ  නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ සිට ඉන්දීය ධීවර යාත්‍රාවට ගොඩවෙමින් සිටි නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ සෙබලා  ඉන්දීය ධීවරයින් විසින් මෙසේ මරණීය අනතුරට පත් කර  ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ මෙම 40 හැවිරිදි නාවික සෙබලා, යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමේදී   මිය ගොස් තිබේ. ඉන්දීය කලහකාරී ධීවරයින් විසින් සිදුකළ  අනතුරින්  නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ බඳ කොටසටද සැළකිය යුතු හානියක් සිදු වී ඇතැයි නාවික හමුදාව කියයි.

නාවික  හමුදාව සිද්ධිය වාර්තා කරන්නේ මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ධීවර මැරයින් සිටි යාත්‍රාව…

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2024 ජුනි 25) අළුයම් කාලයේ යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම මෙහෙයුම අතරතුර නාවික හමුදා අත්අඩංගුවට පත්වීමට එරෙහිව අනතුරුදායක හා කලහකාරී ලෙස (Aggressive Manoeuvres) ඉන්දීය ධීවර යාත්‍රාව හැසිරවීම හේතුවෙන්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත් විය.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව ඉතාමත් අසීරු සහ අවදානම් තත්වයන්ට මුහුණ දෙමින් නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

අත් අඩංගුවට ගත් ධීවර මැරයන් සහිත යාත්‍රාව

ඒ අනුව, අද දින   අළුයම් කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එලෙස අද දින (2024 ජුනි 25) අළුයම් කාලයේ සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීමේ මෙම විශේෂ මෙහෙයුමේදී, ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවේ සිට ඉන්දීය ධීවර යාත්‍රාවට ගොඩවෙමින් සිටි නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ සාමාජිකයෙකු, ඉන්දීය ධීවර යාත්‍රාව අනතුරුදායක හා කලහකාරි ලෙස හැසිරවීම හේතුවෙන් (Aggressive Manoeuvres) සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා, යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය. එහිදී, නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ බඳ කොටසටද සැළකිය යුතු හානියක් සිදුවිය.

මෙරට මුහුදු සීමාව තුලට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකරනු ලබන ඉන්දීය ධීවර යාත්‍රා, මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන මෙහෙයුම් වලට එරෙහිව අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා, ඉන්දීය ධීවරයින් විසින් ඔවුන්ගේ ධීවර යාත්‍රා නාවික හමුදා යාත්‍රාවන්ට හා නාවික හමුදා පුද්ගලයන් හට අනතුරු සිදුවන අයුරින් අනතුරුදායක හා කලහකාරී ලෙස හසුරවනු ලබන අතර, එවැනි කලහකාරී ප්‍රතිරෝධයන් හමුවේ, රාත්‍රී කාලයේ පවත්නා අඳුරු වතාවරණය හමුවේ වුවද ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම වෙනුවෙන්, ඉතා දුෂ්කර හා අවධානම් සහගත අභියෝගාත්මක තත්වයන්ට මුහුණ දෙමින් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දස දෙනා (10) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා විසි අටක් (28) සහ ඉන්දීය ධීවරයින් දෙසිය දාහතර දෙනෙකු (214) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති අතර, මෙවැනි මෙහෙයුම් නාවික හමුදාව විසින් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්ථානය අපට මතක් කළේ 96 ලෝක කුසලානයේ ක්‍රීඩා කළ අපේ කණ්ඩායමයි… අද අප කාණු පල්ලට වැටුනේ ඇයි?

Next Post

නාකොටික් එකත් සාක්කුවේ දාගෙන කුඩු විකිණූ  මනෝජ් මෙන්ඩිස් කුඩු නඩුවකට පැටලවා  හිරේ යැවූ   ජාතික කබඩි නායකයා අධිකරණයෙන් නිදොස් වී පැමිණ කියන කතාව…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.