දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින්ගේ රාජසන්තක වූ බෝට්ටු වෙන්දේසියේ විකිණීමේ දෙවන දිනයේදී ධීවර යාත්‍රා 5 ක් වෙන්දේසි කොට රුපියල් හාරලක්ෂ තිස් එක්දහස් පන්සීයක මුලදක් උපයා ගැනීමට ධීවර දෙපාර්තමේන්තුවට හැකි වී තිබේ.
දෙවන දිනයේ වෙන්දේසිය යාපනය කන්කසන්තුරේ දී පැවති අතර මෙම වෙන්දේසි මාලාව මේ මස 10 වෙනිදා දක්වා උතුරේ විවිධ ස්ථානවල හා කල්පිටීයේ දී සිදු කෙරෙයි.
පලමු දිනයේදී ඉන්දීය යාත්‍රා අලෙවි කිරීමෙන් ධීවර දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 52 ක මුදලක් උපයා ගෙන තිබේ.







