දිනසේන රතුගමගේ –
වවුනියාවේ එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු බෝට්ටුවකින් ඉන්දියාවට පලායාමෙන් පසුව ඉන්දීය වෙරළාරක්ෂක පොලීසිය ඊයේ ( 7 ) ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබේ.
මේ පිරිස වවුනියාවේ සිට තලෙයිමන්නාරමට ගොස් එතැනින් ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලාගොස් ඇත්තේ එහි සරණාගතභාවය අපේක්ෂාවෙන් බව ඔවුන් ඉන්දීය පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
නමුත් ඔවුන්ව ධනුෂ්කොඩි අරිචල්මුන්‍ය 1 වන වැලිකන්ද වෙරළ තීර යේදී අත් අඩංගුවට ගෙන ඇති ඉන්දියාවේ ධනුස්කොඩි පොලිස් නිලධාරීන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.
ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කලේ ඔවුන් පිළිබදව සත්‍ය තොරතුරු හෙළි කරගැනීමෙන් පසුව ඔවුන්ව ඉන්දියාවේ මණ්ඩපම් සරණාගත කදවුර වෙත යොමු කෙරෙන බවයි.
ගත වූ වසර දෙකක කාලය ඇතුළත ඉන්දියාවේ සරණාගතභාවය අපේක්ෂාවෙන් පුද්ගලයින් 308 දෙනෙකු ඉන්දියාවට පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන් 15 කු ආපසු ශ්‍රී ලංකාවට එවීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත්තේ ඔවුන්ට එරෙහිව මත්ද්‍රව්‍ය හා අපරාධ චෝදනා තිබුණු බැවිනි.
ඉතිරි 293 දෙනාට ඉන්දියාවේ සරණාගතභාවය ලැබී තිබේ.







