දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ සිට ගොඩ ගසන ලද වෛද්‍ය අපද්‍රව්‍ය හා කසල තොගයක් ඊයේ (11) යාපනයේ කුරීකඩ්ඩුවාන් මුහුදු වෙරළ අසල තැන්පත් වී තිබේ.
මේ ද්‍රව්‍ය අතර බෙහෙත් විදින සිරින්ජර් හා කටුද භාවිත කරණ ලද ඖෂධ වර්ග වල කොටස්ද තුවාල වලින් ඉවත් කරණ ලද බැන්ඩේජ් හා ප්ලාස්ටර් ඇති නිසා කුරීකඩ්ඩුවාන් පොලිස් මුරපලේ නිලධාරීන් සඳහන් කළේ මේ අපද්‍රව්‍ය ඉන්දියාවේ රෝහලකින් මුහුදට දමන ලද අපද්‍රව්‍ය විය හැකි බවයි.
කොරෝනා වසංගතයෙන් පසුව මීට පෙර අවස්ථා දෙකකදීම මෙවැනි වෛද්‍ය අපද්‍රව්‍ය යාපනයේ ස්ථාන දෙකක මුහුදු වෙරළවල් වලට ගොඩ ගසා තිබුණි.