අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 20ක් එයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීයාවේ දුම්රිය තාක්ෂණික සහ ආර්ථික සේවා සමාගම (RITES Ltd) විසින් සපයන ලද දුම්රිය මගී මැදිරි 20ක් පසුගියදා (17) කොළඹ වරායට ළඟා විය. මෙම මැදිරි තොගය ඇමරිකානු ඩොලර් මිලියන 318ක ඉන්දීය ණය ආධාරයක් යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට මගී මැදිරි 160ක් සැපයීමට වන ගිවිසුමක කොටසකි. මෙම ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 82.6 කි.

මෙම මැදිරි තොගයත් සමඟින් මේ වන විට මැදිරි 160න් මැදිරි 60ක් ශ්‍රී ලංකාවට සපයා ඇත.

තවත් මැදිරි 20ක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කර ඇත. පළමු මැදිරි තොගය 2021 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර ඉන් අනතුරුව අවශ්‍ය පරීක්ෂණ ධාවන කටයුතු ද සිදු කරන ලදී. ඉන්දියාවේ නිෂ්පාදිත මෙම අති නවීන මැදිරි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ අවශ්‍යතාවයන්ට අනුව විශේෂයෙන් සකස් කර ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 318ක ණය ආධාරය යටතේ RITES Ltd විසින් වායු සමීකරණය කරන ලද ඩීසල් බහු ඒකක 2ක් ද සැපයීමට නියමිතය. පළමු වායු සමීකරණය කරන ලද ඩීසල් බහු ඒකක කට්ටලය (මැදරි 13 ක්) ඉන්දියාවේ සිට එවීමට සූදානමින් තිබෙන අතර ඒ වෙනුවෙන් නැවක් ශ්‍රී ලංකාව විසින් නම් කරන තුරු පොරොත්තුවෙන් සිටී. මෙම ණය ආධාරය යටතේ ක්‍රියාත්මක අනෙකුත් ව්‍යාපෘතීන් යටතට මහව සිට ඕමන්තේ දක්වා කි.මී 128ක දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම, මහව – අනුරාධපුරය දුම්රිය සංඥා ව්‍යාපෘතිය සහ පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීම යනාදිය ඇතුළත් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙයට පෙර RITES Ltd විසින් ඩීසල් බහු ඒකක 6ක් (ගිවිසුම 2019 ඔක්තෝබර් මාසයේදී සම්පූර්ණ කරන ලදී) සහ ඩීසල් ලොකමටිව්ස් රේල්වේස් 10ක් (ගිවිසුම 2020 ජූනි මාසයේදී සම්පූර්ණ කරන ලදී) වෙනත් ණය ආධාරයක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා ඉන්දියාව ලබා දී ඇති සහයෝගය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කට ආසන්නය. මෙයට ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සහ ප්‍රදාන ඇතුළත් වේ. ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ප්‍රමුඛතාවයන් අනුව ශ්‍රී ලංකාවේ දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය විශේෂ අවධානයක් යොමු වී ඇති ක්ෂේත්‍රයකි. මේ අනුව දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම (කි.මී. 268ක්), දුම්රිය සංඥා සහ විදුලි සංදේශ පද්ධතීන් ස්ථාපනය කිරීම (කි. මී. 330ක්) සහ වෙරළබඩ දුම්රිය මාර්ගය නවීකරණය කිරීම (කි. මී. 118ක්) යනාදිය සම්පූරණ කර ඇත. තවත් විවිධ ව්‍යාපෘතීන් විවිධ අදියරයන් හි ක්‍රියාත්මක වෙමින් පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලොන්නරුවේ ලංකාතිලක පිළිම ගෙයට අකුණක් වදී!

Next Post

රෝගීන් මරණ අඩු වග පෙන්වාවි… ඒත් රෝගය අඩු නෑ…සංඛ්‍යා ලේඛනවලින් කොවිඩ් වඳකරන්න යන සෙල්ලම ගැන පී.එච්.අයිලා කියති….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.