ඉන්දියානු කණ්ඩායම ලකුණු 168කට සීමා වී ඇත. ඩුබායි ජාත්‍යාන්තර ක්රීඩාංගනනයේ පැවැත්වෙන බංගලාදේශ ඉන්දියා තරගයේ පළමු අර්ධයේ ගෞරවය බංගලාදේශයට ය. ඉන්දියාව ලකුණු 170කට අඩුවෙන් සීමා කරගැනීම ම ජයග්‍රහණයකි.
පවර් ප්ලේ අවස්ථාවෙන් අනතුරුව දෙවැනි අර්ධයේ දී බංගලාදේශ කණ්ඩායමේ පන්දු යවන්නන් ඉන්දියාවට එල්ල කළ පීඩනය කිසිවෙක් බලාපොරොත්තු වූවක් නොවේ.
අභිශේෂ්ක් ෂර්මා වටා ඉන්දීය ඉනිම ගොඩනැගිනි. ඔහු පන්දු 37ක දී ලකුණු 75කි. හයේ පහර 5කි. හතරේ පහර 06කි. ශුබ්මන් ගිල් ලකුණු 29කි. හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 38කි. ඒ පන්දු 29ක් තුළය. ඔහු තරගයේ අවසන් පන්දුවේ දී දැවී ගියේය.

අවසන් පන්දු ඕවර 05 තුළ බංගලාදේශ පන්දු යවන්නන් යැව්වේ ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමකි. පිටියේ පන්දු රැකීම අති විශිෂ්ටතා ලකුණු කළේය. රිෂාඩ් හොසේන් විසින් පන්දු යොමු කර අභිෂේක් ෂර්මා දුවද්දී දවා ගත් ආකාරය නිදසුන්ය.
පන්දු යැවීමේ දි රෂීඩ් හොසේන් ලකුණු 27ට කඩුළු 02කි. ඔහු පන්දු ඕවර 03ක් යැව්වේය. ටන්සින් හසන් සකිබ් ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක නිරත විය. ඔහු පන්දු ඕවර 4 ලකුණු 29කට යවා කඩුල්ලක් දවා ගත්තේය. කඩුළු නොලැබුව ද පන්දු ඕවර 2ක් ලකුණු 07කට යැවී සයිෆ් හසන් ද ඉන්දියාවේ ගමන වෙනස් කළේය. මුස්ටෆිසුර් රහ්මාන් ලකුනු 33ට කඩුල්ලක්, මොහොමඩ් සයිෆුඩීන් ලකුණු 37ට කඩුල්ලක්, ලැබුවේය.
ඉන්දිය ඉනිම ක්‍රියාත්මකය.







