සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සමඟ තරග වැදීමට පාකිස්තානයෙන්   ICC වෙත කොන්දේසි තුනක්!

by editor
පෙබරවාරි 9, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පෙබරවාරි 15 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගයට සහභාගී නොවීමට ගත් තීරණය වෙනස් කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය   ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර ඇතැයි ප්‍රකට ඉන්දීය ක්‍රීඩා වෙබ් අඩවියක්වන ක්‍රික්බස් (Cricbuzz) වාර්තා කර තිබේ.

සිය රජය සමඟ සාකච්ඡා කර මෙම තීරණය නැවත සලකා බැලීමට නම් මෙම කොන්දේසි ඉටු විය යුතු බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අවධාරණය කරයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කළ පරිදි පවත්වන බව සහතික කරමින් සුහද විසඳුමකට එළඹීම සඳහා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයින් සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ   සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල්,  ඊයේ (08)  ලාහෝර්හිදී අයි.සී.සී නියෝජිත පිරිසක් හමු වී තිබිණි. එහිදී පාකිස්තානය ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීමක් වූයේ අයි.සී.සී. ආදායමෙන් තමන්ට හිමිවන කොටස වැඩි කරන ලෙසයි.

පාකිස්තානය ඉදිරිපත් කළ ඉල්ලීම් තුන මෙසේය.

  1. අයි.සී.සී. ආදායම් කොටස ඉහළ නැංවීම.
  2. ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික ක්‍රිකට් සබඳතා යළි ආරම්භ කිරීම.
  3. අතට අත දීමේ ප්‍රොටෝකෝලය (Handshake Protocol) අනිවාර්ය කිරීම.

මෙම අර්බුදය ආරම්භ වූයේ, ඉන්දු-පාකිස්තාන තරගය මධ්‍යස්ථ රටක පැවැත්වීමට නියමිතව තිබියදීත්, ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කිරීමට තම කණ්ඩායමට අවසර නොදෙන බව පාකිස්තාන රජය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟය. ෂෙහ්බාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් රජය මෙම වර්ජනයට හේතු පැහැදිලිව සඳහන් කර නොතිබුණි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

කෙසේ වෙතත්, ක්‍රිකට් ලෝකයේ පවතින පොදු මතය වන්නේ පාකිස්තානයේ මෙම ස්ථාවරය බංග්ලාදේශය සමඟ සහයෝගීතාවය දැක්වීමක් බවයි. ඉන්දියාවේ පවතින ආරක්ෂක ගැටලු හේතුවෙන් තම තරග ඉන්දියාවෙන් පිටතට ගන්නා ලෙස බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය කළ ඉල්ලීම අයි.සී.සී.ය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් විය.

මෙම තත්ත්වය සමනය කිරීම සඳහා අයි.සී.සී.ය පාකිස්තාන බලධාරීන් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීය. අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහොසින් නක්වි, අයි.සී.සී. නියෝජ්‍ය සභාපති ඉම්රාන් ඛ්වාජා සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩල සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් ලාහෝර්හිදී සෘජුවම සාකච්ඡාවට එක්වූහ.

ක්‍රික්බස් වෙබ් අඩවියේ  වාර්තාවට අනුව, බංග්ලාදේශය ද අයි.සී.සී.යෙන් වන්දියක් අපේක්ෂා කරන අතර, එම සාකච්ඡා සාර්ථක කර ගැනීමට පාකිස්තානය මැදිහත් වනු ඇතැයි සැලකේ.

මෙම ‘ඉල්ලීම්’ පිටුපස ඇති පදනම කුමක්ද?

වාර්තා වී ඇති මෙම ඉල්ලීම් තුන හරහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය අයි.සී.සී.යට යම් බලපෑමක් (Strong-arm) කිරීමට උත්සාහ කරන බව පෙනේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය නොපැවැත්වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විශාල විකාශන ආදායමක් අහිමි වනු ඇති බවත්, එම තර්ජනය උපයෝගී කරගනිමින් තම ඉල්ලීම් දිනාගත හැකි බවත් පාකිස්තානය විශ්වාස කරයි.

දැනට පවතින ආදායම් බෙදී යාමේ ක්‍රමවේදය අනුව පාකිස්තානය සිව්වැනි ස්ථානයේ පසුවේ. ඔවුන්ට සමස්ත ආදායමෙන් හිමිවන්නේ 5.75% කි. 2023 දත්ත වලට අනුව පාකිස්තානය වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 34.51ක් අයි.සී.සී.යෙන් උපයන අතර එය ඔවුන්ගේ ක්‍රිකට් පද්ධතිය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වේ. පාකිස්තානයට වඩා වැඩි ආදායමක් ලබන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (ඩොලර් මිලියන 293), එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ඩොලර් මිලියන 139) සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලය (ඩොලර් මිලියන 128) පමණි.

ද්විපාර්ශ්වික ක්‍රිකට් සබඳතා යළි ආරම්භ කිරීමේ ඉල්ලීම සම්බන්ධයෙන් යම් අපැහැදිලි බවක් පවතී. මන්ද, දෙරටක් අතර ද්විපාර්ශ්වික තරග පැවැත්වීම පිළිබඳ තීරණය අදාළ රජයන් සතු වන අතර, අයි.සී.සී.යට කළ හැක්කේ මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීම පමණි.

අතට අත දීමේ ප්‍රොටෝකෝලය (Handshake Protocol) ක්‍රියාත්මක කිරීමේ ඉල්ලීම ඉදිරිපත් වී ඇත්තේ පසුගිය වසරේ ආසියානු කුසලානයේදී ඉන්දියාව පාකිස්තානය නොසලකා හැරීම හේතුවෙනි. පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, දේශසීමා ත්‍රස්තවාදය සහ රටේ පවතින ජනමතය සැලකිල්ලට ගනිමින් පාකිස්තාන ක්‍රීඩකයින් සහ සහාය කාර්ය මණ්ඩලය සමඟ අතට අත දීම ඉන්දීය කණ්ඩායම විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නඩුවකට මුහුණ දිය හැකි තරමේ මානසිකත්වයක් ඩේසි ආච්චිට නැතිලු… අධිකරණ මනෝ වෛද්‍ය  වාර්තාවක් එන තුරු මැණික්මල්ලේ නඩුව කල් යයි!

Next Post

දිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කරයි: ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය අවසන්!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.